අතහැරීමේ පාඩම



දිනක් මහාචාර්‍ය වරෙයෙක් වතුර වීදුරුවක් අතින් ගෙන දේශන ශාලාවට පැමිණියා. පසුව ඒ වතුර වීදුරුව සිසුන්ට පෙන්වමින් මෙසේ අසා සිටින්නට වුවා.

දරුවනේ මේ වතුර වීදුරුව කොචිචර විතර බර ඇත්ද?
ගැමි 100, 200 ක් 500 ක්. සිසුන් විවිධාකාර පිළිතුරු ඉදිරිපත් කලා.

හරි දරුවනේ. මම දැන් මේ වතුරවීදුරුව තදින් අල්ලගෙන අත දික්කරගෙනම හිටියොතින් මොකද වෙන්නේ? මහාචාර්‍යවරයා දරුවන්ගෙන් විමසා සිටියා.

මුකුත් වෙන්නේ නෑ. සිසුන් පිළිවදන් දුන්නා. හරි එහෙනමි මම මේ වතුර වීදුරුව මේ විදියටම තදින් අල්ලගෙන පැයක් පැය භාගයක් විතර උස්සගෙන හිටියොත් මොකක් වෙයිද?

ඒත් මුකුත් වෙන්නේ නෑ සර්. හැබැයි සර්ගේ අත රිදෙයි.

හරි දරුවනේ එහෙනමි මම මේ විදියටම මේ වතුර වීදුරුව තදින් අල්ල ගෙන දවසක්ම උස්සගෙන හිටියොත් මොකක් වෙයිද? මහාචාර්‍යවරයා දරුවන් විමසා සිටියා.

අපිට නමි මුකුත් වෙන්නේ නෑ. ඒත් සර්ගේ අත හිරි වැටෙයි. අතේ ලේ ගමනාගමනය නැති වෙලා අත පණ නැතිව යයි. සර්ට අංශභාගය හැදෙයි. සර්ගේ ආතතිය වැඩි වෙයි. සර්ට පිසසු හැදෙන්නත් පුළුවන්. යනාදි වශයෙන් සිසුන් විවිධාකාර පිළිතුරු ලබා‍ දුන්නා.

ඉන් පසු මහාචාර්‍යවරයා දරුවන්ගෙන් විමසා සිටිනවා. ඔය කියපු විදියට වෙන්න මම මේ වතුර වීදුරුව උස්සන් ඉන්නකොට ඒකෙ බර වැඩි වුනාද? නැහැ නේ සර්. එහෙනමි කොහොමද එහෙම වෙන්නේ? සිසුන්ගෙන් පිළිතුරක් නැත. නිශ්ශබිධය. ඒ අතරින් එකෙක් මේසේ කෑ ගසනු ඇසිනි. ඔය අල්ලගෙන, උස්සන් ඉන්න ඔන්න ඕක බිමින් තියන්න සර්!!

මහාචාර්‍යවරයා මහත් සොමිනසින් දරුවන් ඇමතීය. අන්න හරි දරුවෝ. අපි යමක් තදින් අල්ලගෙන උස්සගෙන ඉන්නකොට තමයි ඒකෙන් අයහපත් ප්‍රතිඵල ඇතිවන්නේ. ඒ අයහපත් ප්‍රතිඵල අප විසින්ම අපේ මෝඩ කම නිසා ඇතිකර ගන්නා දේවල්. ඕනෑම දෙයක් තදින් අල්ලගෙන ඉන්න එපා අතහරින්න. උස්සන් ඉන්න එපා පැත්තකින් තියන්න. තියලා සැහැල්ලු වෙන්න. ඕනෑම දෙයක් ඒ වගේ තදින් අල්ලගෙන ඉන්නකොට තමයි දුක, හිරි වැටිම, රිදීම, ආතතිය වේදනාව වගේ දේවල් ඇතිවන්නේමේක නිසා පිස්සු පවා හැදෙන්න පුළුවන්. ඒ නිසා ඕනෑම දෙයක් අතහරින්න පුරුදු වන්න. එතකොට හැම විටම නැවුමි විදියට නැගී සිටින්නට පුළුවන් වේවි.

මහාචාර්‍යවරයාත් සිසුනුත් අතර ඇතිවුන සංවාදය තමයි ඕක. ඇත්ත වශයෙන්ම අවුරුදු 80 ක් මිනිසෙක් ජීවත් වනවා යැයි අප සිතුවොත්, මේ අවුරුදු 80 ක කාලය දින 365 න් වැඩි කල විට, ඔබේ අයු කාලය දවස් 29200 ක්. මේ දින 29200 ක් වැනි සුලු කාලයකින් ඔබේ ජීවිතයේ නිදාගන්නට යන කාලයත් අතහැරි විට ඔබට ජීවත් වන්නට ඉතිරිව ඇත්තේ කොපමණ නමි සුළු කාලයක්ද? මේ කාලය තුල ඔබ කොතරමි නමි දේවල් උමතුවෙන් මෙන් උස්සාගෙන් තදින් අල්ලාගෙන සිටිනවාද කියා මොහොතකට හරි සිතා බැලුවාද

අපි අපේ ආගම් සිතින් අල්ලාගෙන සිටිනවා, ජාතිය තදින් අල්ලාගෙන සිටිනවා, ශරිරයේ පාටත් තදින අල්ලාගෙන සිටිනවා. ධනවත් කමත් අල්ලාගෙන සිටිනවා, කුල පරපුරත් අල්ලාගන සිටිනවානමත් අල්ලාගෙන සිටිනවා, රටත් අල්ලාගෙන සිටිනවා, ගමත් අල්ලාගෙන සිටිනවා, අධ්‍යාපනයත් අල්ලාගෙන සිටිනවා, මව, පියා, සහොදරයෝ, ඥාතීන්, සමාජය, සන්ස්කෘතිය, දේශපාලනය, ආලය කරන අය, චිත්‍රපටි නලු නිලියෝ, යාන වාහන, ඉඩමි, ගේ දොර, විවිධ භාණ්ඩ ආදීයත් තදින් අල්ලාගෙන. අතීතයත් අල්ලාගෙන, අනාගතයත් අල්ලාගෙන, වර්තමාන මේ මොහොතත් අල්ලාගෙන.

මෙබදු ඉතා සුලු ජීවිත කාලයක් තුල මිනිසුන් තදින් අල්ලාගෙන, ඔසවාගෙන යන මහා බර පොදි කොපමණ නමි තිබනවාද? එක මොහොතකට ඔබ නැවතීමක් ගෙන මේ මහා බර පොදිය අත හැරලා සිතා බැලුවාද? මොකක්ද මේ මම ඇත්ත වශයෙන්ම කරන්නේ කියන කාරණාව. මම මේ  මහා බරක්වු කිසි ප්‍රයොජනයක් නැති, කුණු ගොඩක් ඔසවාගෙන දුකින් වේදනාවෙන් දඟල දඟල ඒමේ අත දුව යනවා. අතීතයෙත් මේ කුණු ගොඩ තරකර ගන්න, තව තවත් අසහනය වැඩි කර ගන්න මේ කුණු ගොඩටම තවත් කුණු එකතු කර ගන්න කොතරමි ක්‍රියාවන් සිදුකලාද? කොතරමි නමි වියරුවෙන් මෙන් දිව ගියාද? අනාගතයේ දීත් මේ කුණු ගොඩ තර කර ගන්න මම කොතරමි නමි දිවයන්නට සිතා සිටිනවාද? මේ වර්ථමාන මොහොත තුලත් ඒ සඳහාම නේද මම මේ දුකට පත්වෙලා සිටින්නේ. මේ මොහොතේ වත් මේ කුණු ගොඩ පසකින් තිබිබා නමි හොදයි නේද? කියා ඔබ අතරින් කී දෙනෙකුටද මොහොතකට හෝ සිතී තිබෙන්නේ.

එසේනමි මේ මොහොත ඒ සඳහා කාලයයි. ජීවිත කාලයක් පුරා තදින් අල්ලාගෙන ඔසවාගෙන ආ මේ මහා බර පොදිය පසෙක තබා මදක් අවධානය යොමු කරන්න. නැවතත් අන් බරපොදියක් කෙරේ නෙමෙයි. ඒ බරපොදිය ඔසවාගෙන ආ ඔබ ‍කෙරෙහිම. ඇත්තටම ඔබ ජීවත් වෙනවා කියන දෙයින් අදහස් කරන්නේ කුමක්ද? නැත්නමි ඔබ ජීවත් වනවා කියා අදහස් කරන දෙයි සැබෑ අර්ථය ඔබ දන්නවාද? මුළු ජීවිත කාලයක් පුරාවට ඔබ ජීවත්වනවා යැයි කියමින් කියනා කරනා සියළුම දේ මේ ආකාරයට වර්ගීකරණයක කලහොත් ඔබ එයට එකඟ වනවා දැයි බලන්න.

ඔබ ඇසින් ඔබට ප්‍රිය වූත් සතුට ගෙන දෙන්නාවුත් රූපයන් දකිනවා. ඒ රූපයන් නැවත නැවත බැලීම සඳහා ඒ රූපයන් නැවත නැවත ලැබීම සඳහා ක්‍රියාවන් කරනවා. අප්‍රිය වූ රූපයන් අදිය වේ නමි ඒවා මඟ හැර යාමට හෝ ඒවායින් මිදිමට අවශ්‍ය කටයුතු කරනවා. ඔබ කණින් ඔබට ප්‍රිය ශබිධයන් ඇසීමට ප්‍රිය කරනවා. ඒ ශබිධයන් නැවත නැවත ලැබීම පිණිස අවශ්‍ය කටයුතු කරනවා. ඔබට අප්‍රිය ශබිධයන්ගන් මිදීම සඳහාත් මේ අයුරෙන්ම කටයුතු කරනවා. මේ ආකාරයට නාසයෙන් ප්‍රිය වූත්, සොමිනස උපදවන්නාවුත් ගඳ සුවඳ විදිමට, දිවට රසවත් ආහාර ආදියෙන් ලැබෙන රසයන් විදිමට, ශරිරයට ප්‍රිය ජනක වු ස්පර්ශයන් ලැබීමට, ඒ වගේම මනසට සොමිනසක් ලබා දෙන අරමුණු සිතුවිලි ලබා ගැනිමට, එවා සොය සොයා යෑමට ක්‍රියා කරනවා. මේ කරුණු 06 ට භාහිරෙන් ඔබ ජීවත් වනවා කියා කරන්නාවු එකදු ක්‍රියාවක් හෝ ඇතිද යන්න ඔබ මදක් සිතා බලන්න. ඔබ බුද්ධිමත් නමි ඔබේ තර්කණ හැකියාව දියුණුයි නමි මේ කොටස 06 න් භාහිර ජීවත් වනවා කියා ඔබ කරනා එකදු හෝ ක්‍රියාවක් නැත් බව ඔබට දැන් පැහැදිලි විය යුතුයි. අපි ජීවත් වනවා කියා අතීතයෙත් කලේ මේ ක්‍රියාවලියම තමයි. අනාගතයට කරන්නෙත් මේ ක්‍රියාවලියම තමයි. වර්ථමාන මේ මොහොතේ කරන යමි දෙයක් වෙයිනමි එයත් මේ ක්‍රියාවලියට අයත් ක්‍රියාවක්ම තමයි.

අපි උදාහරණයකින් මේ කරුණ පහදා ගමු. ගැහැණියක් හෝ පිරිමියෙක් විවාහ දිවියට පත් වන්නේ ඇයි? පිරිමියෙකුගේ කොණයෙන් මේ කරුණ පහදා ගමු. ගැහැණියගේ රූපය පිරිමියාට ඉතාමත් ප්‍රියයි. ඒ ප්‍රිය ගැහැණු රූප අතරින් ඔබ වඩාත්ම ප්‍රිය කරනා ඒ ගැහැනු රූපය නැවත නැවත දැකිම තුලින් ලැබෙන ප්‍රිය භාවය ලැබීමටයි ඔබ විවාහයට පත් වන්නේ. ගැහැණියගේ ශබිධය ඔබට ප්‍රියයි. ඔබ ප්‍රිය කරන ඒ ප්‍රිය බාවය උපදවන ගැහැණු ශබිධය නැවත නැවත ලබන්නයි ඔබ ගැහැණියක් විවාහ කර ගන්නේ. බුදු රජාණන් වහන්සේ අංගුත්තර නිකායේ චිත්ත පරියාදාන වග්ගයේ දේශනාකර සිටිනවා “මහණෙනි, යමි රූපයක්, යමි ශබිධයක්, යමි ඝන්ධයක්, යමි රසයක්, යමි ස්පර්ශයක්, ගැහැණියගේ ස්පර්ශය මෙන් පුරුෂයාගේ සිත ඇදබැදගෙන සිටී නමි එවැනි වෙනත් එකද රූපයක්, ශබිධයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් මම නොදකිමි. කියා.

ඒ අර්ථය රහිතව වෙනත් අර්ථයකින් ගතහොත් ගැහැණියෙක් විවාහ කර ගන්නා පුරුෂයෙක් බලාපොරොත්තු වනවා තමාට ඒ ගැහැණිය රසට කන්නට කෑම බීම ආදිය සකස් කර දේවිය කියන කරුණ. තමාගේ ජීවිතයේ සෑම අවස්ථාවක දීම ලෙඩක දී දුකක දී පවා තමාට සුවදායක ස්පර්ශයන්ම ඇතිවන අයුරෙන් තමාට සහයට සිටීය කියන කරුණ. තමාගේ මනසට නිඹඳ සුවදායක අරමුණුම ඇතිකරාවිය කියන කරුණ. මේ ආකාරයට ජීවත් වීමට  තමයි පුරුෂයෙක් ස්ත්‍රියක් විවාහ කර ගන්නේ. අවම වශයෙන් දෙපළ ලබා ගැනීමේ අරමුණින්ම කරන විවාහයකදී වුවත් ඒ කාන්තාවගේ දේපළ නිසා මේ කලින් කියු ප්‍රිය රූප, ශබිධ ආදිය ඇති ජීවිතය තමාට ලබාගත හැකිය යන අරමුණ ඔහු තුල පවතිනවා. ස්ත්‍රීන්ගේ කෝණයෙන් බැලුවත් එය එසේමයි.

මේ ආකාරයට ප්‍රිය වූත් සුඛ වූත් ජීවිතය කියන බර පොදිය උස්සා ගන්නා මිනිසාට එය සිතූ පමණින්ම ලැබීමේ හැකියාවක් නැහැ. ඒ සඳහා මේ ජීවිත කාලය තුල. අධ්‍යාපනයක් ලබන්නට ඕන. හොද වැටුපක් ලබන රුකියාවක් හොයා ගන්නට ඕන. ඒ සඳහා අවුරුදු 20 ක් 25 ක පමණ කාලයක් ඉතා දුකසේ අධ්‍යාපනය ලබන්නට ඕන. පස්සේ විවාහයක් කර ගත් පසු ඒ විවාහ වුන අයගේ ඕනෑ එපාකම බලන්නට ඕන. ඒ සඳහා තවත් වෙහෙස වන්නට ඕන. දරුවන් ඇතිවිට ඔවුන්ගෙ කටයුතු කරන්නට ඕන. ඔය මොන දේ කලත් සමහර විට ඔබ බලාපොරොත්තු වන ප්‍රිය රූප, ශබිධ ආදිය ඔබට නැතිවි යන්නටත් පුළුවන්. ඒ එකක් හෝ ඔබ කැමති අයුරෙන්ම පවත්වන්ට ඔබට හැකියාවක ඇත්තෙත් නැහැ.

ගැහැණිය නමි බර පොදිය ඔසවා ගැනීමට ජීවිත කාලයක් පුරා අතීතයේ ඔබට කෙතරමි නමි බර පොදි ඔසවාගෙන ආතතියෙන්, දුකෙන්, වේදනාවෙන් කලය ගතකරන්නට සිදුවුවාද? ඒ බර පොදිය ඔසවාගත් පසු ඒ  බර පොදිය ඉදිරියටත් ඔසවාගෙන යාමට රුකුලක් ලෙස තවත් බර පොදි කීයක් ඔසවාගන්නට ඔබට සිදුවුවාද? ඒ අනුව අනාගතයේ දී ඔබ තවත් බර පොදි කියක් ඔසවාගත යුතුද?  

මේ කරුණ ඔබට පැහැදිලි වුවා නමි, මේ කරුණ කිවේ ඔබ විවාහ නොවිය යුතුයි යන්න කීමට නොවේ. විස්තර කරමින් පැමිණි කරුණ පැහැදිලි ලෙස විස්තර කර දීම සඳහායි. මේ ජීවිත කාලයක් තුල අප කැමති වුවත් අකමැති වුවත් විවිධාකාර වූ මේ බර පොදි අපට ඔසවාගෙන යාමට සිදුවනවා. බුදු දහම මෙය විස්තර කර දෙන්නේ “කර්මය” යන පදය භාවිතා කරමින්. ඒසේ වුවත් ඒ ඔසවාගෙන යන බර පොදි වලින් අපට නිදහස ලබන්නට හැකියාව ලැබෙන්නේ. මේ බර පොදිය තුලින් ඇතිකර දෙන දුක ආතතිය, දකින්නට පුළුවන් අයෙකුට පමණයි. මේ බරපොදිය දුකක් ආතතියක් ඇතිකර දෙන දෙයක් බව නොදකිනා තුරු නොදැනෙනා තුරු ඔහු එය බිමින් තැබීමට උත්සුක වන්නේ නැහැ. මේ දුක දකිනා අයෙකුට සමිමා දිටිඨියක් ඇතිවනවා මේ බර පොදිය මා පසකින් තැබුවොත් ඉතා යහපත්! ඉතාමත් යහපත් කියා.

එබදු අයෙකු තුල මේ බර පොදි වලින් මිදිමට අවශ්‍යතාවය නමි වූ නෛෂ්ක්‍රම්‍ය සංකල්පනාවන් උපදිනවා. මේ බර පොදි උසුලාගෙන තදින් අල්ලාගෙන දුක් විඳින සත්ත්වයින් දකින ඔහුට අනේ මා මෙන්ම මේ සත්ත්වයින් ඒකාන්ත වශයෙන්ම දුකට පත් වුවා!! දුකින් දුකටම පත්වුවා!! කියා තමා කෙරෙහිත් ඒ සත්ත්වයින් කෙරෙහිත් අවිහිංසා සංකල්පනාවන් උපදිනවා. කිසිම සත්ත්වයෙක් කෙරේ වෛරයක් ද්වේශයක් ඔහු තුල උපදිනනේ නැහැ. මේ ආකරයට ඔහු තුල අව්‍යාපාද සංකල්පනාවන් උපදිනවා මෙය ඔහු තුල සමිමා සංකල්පනාවන්ගේ ඇරඹුම වනවා.

මේ ආකාරයට සකල ලෝක සත්ත්වයාම පත්ව සිටින මේ දුක්ඛිත ඉරණම දෙස බුද්ධියෙන් විමස විමසා දකින ඔහු කිසි දිනකත් බොරුවෙන් දුකෙන් පිඩාවට පත්ව සිටින සත්ත්වයෙක් රුවටිම කරන්නේ නැහැ. දුක් පොදි ඔසවාගෙන, දුකෙන් පිඩාවට පත්ව සිටින සත්ත්වයෙකුට පරුෂ වචන පිසුන වචන භාවිතා කරමින් බැණවැදීම සිදු කරන්නේ නැහැ. මෙතරමි කෙටි කලක් ජීවත් වන, ඉනුත් වැඩි කලක් නිදා ගැනීමට වැය කරන, ඉතිරි කාලයෙත් දුකසේ බර පොදි ඔසවාගෙන ඒවා තදින් අල්ලා ගෙන දුක් විදිමින් සිටින සත්ත්වයිගේ කාලය කාදමන්නවු, ඔවුන් මුලාවට පත් කරන්නාවු, ඔවුන්ගේ ප්‍රඥා ඇස වසා දමන්නාවු, ලාමක වූ සමිමප්ප්‍රලාප කීම සිදුකරන්නේ නැහැ. මේ අයුරෙන් ඔහු තුල සමිමා වාචාව පිහිටියා වෙනවා.

මෙ වැනි තමා උපමා කර අනුන් ගැන සිතන්නාවු අතූපනායික ධර්ම ක්‍රමයට බැසගත් පුද්ගලයා කිසි කලකත් දුකට පත්වු සත්ත්වයෙක් අතිශය දුකට පත්කිරිමක් බදුවු ඒ සත්ත්වයාගේ ප්‍රාණය නිරුද්ධ කිරිමක් කිසි කලකත් කරන්නේ නැහැ. තවත් සත්ත්වයෙක් ඉතා ප්‍රිය කරන්නාවු ස්ත්‍රි පුරුෂ වු කාම වස්තූන් සොර සිතින් පහැර ගැනිම හෙවත් කාමමිත්‍යාචරය සිදුකරන්නේ නැහැ. කසි කලෙකත් දුකින් අන් සත්ත්වයින් ඔසවාගෙන සිටින බරපොදියක් පැහැර ගැනිම නමි සොරකම සිදුකරන්නේ නැහැ. එබදු ක්‍රියාවලින් ජීවිකාව පැවැත්වීම කරන්නේ නැහැ. මේ ආකාරයට ඔහු තුල සමිමාකම්මන්තය හා සමිමා ආජිවය පිහිටියා වනවා.

මෙසෙ දැහැමින් අන් සත්ත්වයාගෙ දුක දකිමින් ජිවත් වන පුද්ගලයා තුල මේ දුකෙන් මිදිමේ අවශ්‍යතාවය ඒකාන්ත වශයෙන්ම ඇතිවනවා. ඔහු ඒ දුකින් මිදිමට යමි නුවනැති පුරුෂයෙක් කල යුතු විර්‍යක් වේ නමි, ඒ විර්‍යය යොදවා මේ ඔසවාගෙන සිටින බරපොදි පසකින් තැබිමට අවශ්‍ය පරිසරය සකසා ගැනීමට උත්සුක වෙනවා. එ සඳහා නොපසුබට උත්සාහයක් යොදනවා. මෙසේ ක්‍රියාකරනා පුද්ගලයා තුල සමිමා වායාමය පිහිටියා වනවා.

මේ උත්සාහයෙන් යුතු පුද්ගලයා තුල මේ වෙන්නේ මොකද්ද යන්න පිළිබඳවත් මේ සත්ත්වයින් පත්ව සිටින දුක පිළිබඳවත් අවභෝධයක් පවතිනවා. ඔහු ප්‍රඥාවන්ත අයෙක්. දුක දන්නා අයෙක්. මේ දුකින් මා ඒකාන්ත වශයෙන්ම මිදිය යුතුයි කියනා සමිමා වායාමය ඔහු තුල පවතිනවා. මේ දුක් ගෙන දෙන මහා බර දුක් බපොදි ගැන විරාගයක්, කලකිරීමක් පවතිනවා. ඒ සියල්ල අතහැර දැමීමට අතිශය උවමනාවක් චන්දයක් පවතිනවා. ඒ සඳහා ඔහු සිහිය මෙහෙයවනවා. මේ ඔහු තුල සමිමා සතියේ පිහිටීමයි. තව තවත් මේ දුකේ ගැඹුරට අධ්‍යානයේ යෙදෙනවා. මේ බර පොදි සියල්ලම මහා දුක් පොදි බව ඔහු වටහා ගන්නවා. මේ දුක් පොදි බිමින් තබා ගැනිමට තමාට නොහැකිව ඒමේ අත දුව යන්නේ නැවත දුකටම පත්වන්නේ මේ දුක් පොදි තදින් අල්ලාගෙන ඔසවාගෙන සිටිම නිසා බවත් මේ දුක ඇතිකර දෙන හේතුව වන පංචඋපාදානස්කන්ධය ඔහු දකිනවා. ඒ දුක් පොදි බිමින් තැබිමට නොදෙන හේතුව ප්‍රහීන කිරිමට පිළියමි උපක්‍රම යෙදිමි වශයෙන් ඔහු ආර්‍ය අශ්ඨාංගික මාර්ගය තුල ගමන් කරනවා. ඔහු සතිය දියුණු කරමින් ඔහුගේ අතීතයේ දුක් පොදියත් බිමිත් තබනවා. අනාගතයේ ඔසවන්නට සිතා සිටින දුක් පොදියත් අතහැර බිමින් තබනවා. වර්ථමාන මේ මොහොතේ මේ දුක් පොදියත් අතහැර දමනවා. අතීත අනාගත වර්තමාන යන කාලාත්‍රය අතහැරීම තුලින් ලබනා ශුණ්‍යතාව නමි වූ සැනසීම ඔහු අත්දකිනවා. ඒ සැනසීමත් ඔහු අල්ලා ගන්නේ නැහැ. සියළුම අල්ලා ගැනිමි ඔසවා ගැනීමි දුකක් බව ඔහු දැන් දන්නවා. ඒ සැනසීම අල්ලා ගැනිම තුලින් ඇතිවන්නේත් දුකක්ම බව දැක ඒ සැනසීම ගැනත් සොයා බලනවා. ඒ තුලත් ඇත්තේ ඒකාන්ත වශයෙන්ම දුකම ඇතිකර දෙන වේදනා, සංඥා, සංස්කාර, විඥාන ආදී දුක් පොදි 04 ක් බව ඔහු ප්‍රඥාවෙන් දකිනවා. දැක ඒ දුක් පොදි 04 ත් ඔහු අතහැර දමනවා. නැවත්  අතහැරීම තුලින් සැනසෙන ඔහු ඒ සැනසීමත් අල්ලා ගන්නේ නැහැ. එයත් අතහැර දමනවා. අතහැරීම යන්නත් අල්ලා නොගන්නා ඔහු අතහැරීමත් අතහැර දමනවා. ඒ තුලින් ඔහු ඒකාන්ත සැපත වු සියල්ල අතහැර දැමීම තුලින් ලබනා පරම සැපත වූ නිර්වාණ පදය සාක්ෂාත් කරනවා ඇති.

මේ ආකාරයට ඔහු තුල සමිමා සමාධිය පිහිටියා වනවා. ආර්‍යශ්ඨාංගික මාර්ගය සමිපුර්ණ කලා වනවා. මේ මඟ හැර අන් මඟකැ නැති බව ඔහු ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැන ගත් පුද්ගලයෙක් වනවාමේ අකාරයට උත්තරීතර සැනසීමක් යමෙක්ට උදාකර ගන්නට අවශ්‍ය වන්නේ නමි. ඉන්දන බලයෙන් ඒ මේ අත දුව යන යන්ත්‍රයන් මෙන් මේ සංසාරයා පුරා දුව යන මේ ගමන මදකට නවතන්න. ඔබ දෙසටම අවධානය යොමු කරන්න. ඔබ නියත වශයෙනම සැපයට පත්වුවේක්ද යන්න සිතා බලන්න. ඒ සේ නැතිනමි ඔබ දුකට පත්ව සිටින ඒ  ඔබ තදින් අල්ලගෙන සිටින ඔසවාගෙන සිටින බර පොදි දෙස බලන්න. දැන් එය බිමින් තබන්නට කාලයයි. සතිය දියුණු කිරිමට කාලයයි.  සියළු බර පොදි බහා තැබීමෙන් වන උතුමි වු සැනසීම හැකි ඉක්මනින් පහසුම ප්‍රතිපදාවෙන් ඔබටත් අත් වේවා!!

‘‘අපාරුතා තෙසං අමතස්‌ස ද්‌වාරා; යෙ සොතවන්‌තො පමුඤ්‌චන්‌තු සද්‌ධං”

යමිකෙනෙක් කන් ඇත්තෝ නමි ශ්‍රද්ධාව මුදත්වා. ඒ අමෘතයයි කියන ලද නිවන් දොරටුව නමි වු ආර්‍යමාර්ගය විවෘත කරන ලද්දෝය.

මෙම ලිපියත් කියවා බලන්න- ඊ ලිපියකින් හෙලිවන ජීවිතයේ රහස

    නිර්වාණය සාක්ෂාත් කිරීමට අවැසි අයෙක් වේ නමි, තාමත් එයට කාලයයි. ඒ සඳහා සාර්ථකව මඟ පෙන්විය හැකි ස්ථාන ලංකාව තුලත් ඇත. කල යුත්තේ එබදු ස්ථානයක් හා සමිබන්ධ වී ගුරුවරයෙකු ඇසුරේ කමටහන් ලබා භවනාවේ නියතු වීමයි. ඒ සඳහා සුදුසුම ස්ථාන ඇත.

නීතිඥ තනූජ කේ. ජයසුන්දර 
(සියළුම හමිකමි ඇවිරිණි) උපුටා ගැනිම, මුද්‍රණය හා පිටපත්කිරිම සපුරා තහනමි බව සලකන්න.

කල්පනා (I කොටස)

හ්ම්ම්... අවසානය දවසින් දවස කිට්ටු වෙනවා. තව ඇඟිලි වලින් ගණන් කරන්න පුළුවන් සති ගානක් ඉතුරු වෙලා තියෙන්නේ. සෑම හමුවීමක්ම අවසන් වෙන්නේ වෙන් වීමකින් කියනවා නේ. මටත් ඒ වෙන් වීමට තව පොඩි කාලයයි ඉතුරු වෙලා තියෙන්නේ. තාම නම් ඒ ගැන දුකක් නෑ, ඒත් ඉස්සරහට මොනවා වේවිද කියලා දන්නේ නෑ. බලමුකෝ! දැන් හැමදේම කාලයට බාරදීල ඉන්න මාත් පුරුදු වෙලා. කිසි දෙයක් ගැන වැඩිය හිතන්නේ නෑ. මම මේ කැම්පස් එකෙන් අවුට් වෙන එක ගැන කිව්වේ හොඳේ.:)

දැන් මේ බ්ලොග් කෙරුවාවත් මගේ අනිත් වැඩ වගේම වෙලා. ලියන්නත් කම්මැලියි, කියවන්නත් කම්මැලියි, සමහර ඒවා කැමැත්තෙන් කියෙව්වත් කමෙන්ට් කරන්න කම්මැලියි. ඕක තමයි ඉතින් තත්ත්වේ. අනිත් එක කැම්පස් ඉවර වෙන්න ළඟ නිසා මේ දවස් වල වැඩත් වැඩියි. ඒ නිසාත් බ්ලොගේ පොඩ්ඩක් පැත්තකට ගිහින් තියෙන්නේ. තව ටික දවසකින් නම් බෙල්ල මුලින්ම හිර වෙනවා. ඒ නිසා ඊට කලින් මොකක් හරි කොටන්න ඕන කියල මේ අමාරුවෙන් හිත හදාගෙන ආවේ. දැන් මේ කියන්න යන කතාවත් අර උඩ කිව්වා වගේ වෙන් වීමක් ගැන තමයි කියන්න යන්නේ. මම මූනුපොතේ පොඩි ඇඩ් එකක් දාල එහෙම පටන් ගත්තේ වැඩේ.:D මට මේක ලියන්න හිතුනේ සාතන් අයියගේ මූනුපොතේ ස්ටේටස් එකක් නිසා.:) මිනිහ තමයි මට ඕක ආයෙත් මතක් කළේ.

හරි දැන් නමස්කාරය කිව්වා ඇති, දැන් කතාවට එමුකො. මේ කොටන්න හදන්නේ මගේ ඒක පාර්ශවික නොවුන තුන්වෙනි සහ අවසාන ආදර කතාව ගැන. මම අර ආයෙත් පාරක් හිත රිද්දුවා නේද පෝස්ට් එකේ කිව්වේ මෙයා ගැන තමයි. මගේ චානිකා සීරීස් එකේ අන්තිමට මාළු අයිය කියලා තිබුනා අනිත් ආදර කතා ටිකත් දාන්න කියලා. මම ඒකට එදා නම් කිව්වේ ඒ එකක් මම මේ බ්ලොග් එකේ ලියන්නවත් කැමති නැති මාතෘකාවක්, අනිත් දෙක කියන්න තරම් විශේෂයක් නෑ කියලා. මම එදා එහෙම කිව්වට මේ කතාව නම් පොඩ්ඩක් අමුතුයි. ඒකත් කියන්න ඕන කියල මට කලින් හිතුනා. හැබැයි පස්සේ හේතු දෙකක් නිසා ඕන නෑ කියලා නිකන් හිටියා. එකක් සමහරු මේක විශ්වාස කරන්නේ නැති වේවි කියල හිතුනා, අනිත් එක මූ මෙච්චර මෝඩද කියලා කියවන අයට හිතෙන්න පුළුවන් කියල හිතුන නිසා.:) ඕන වෙඩිමක් කියලා ලියල දානවා. විස්වාස නොකරන උන් නිකන් හිටපල්ලා, මම මෝඩයා කියල හිතන උන් එහෙම හිතාගනිල්ලා.:D වෙන් වීමක් ගැන කියනවා නම් ඉතින් හමුවීමක් තියෙන්නත් ඕන නේ. මේක අමුතුම ආකාරයක හමුවීමක්.

මට අම්ම ඕන පෝස්ට් එකෙයි ඇගේ තනියට රැය පහන් කළෙමි පෝස්ට් එකෙයි කියපු මගේ පළවෙනි ආදර කතාව උසස් පෙළ ඉවර වෙනවත් එක්කම අවසන් වුනා. (එයාගේ නම සරණි) ඊට පස්සේ කාලය තමයි මම ජීවිතේ අමාරුවෙන්ම ගත කරපු කාලය. ඒ කාලේ ගෙවා ගත්තේ කොහොමද කියලා මට තාම හිතාගන්න බෑ.:) බොහොම පරිශ්‍රමයකින් සාමාන්‍ය තත්ත්වයට ආවත් මට එයාව කොහොමවත් අමතක කරන්න නම් බැරි වුනා. මොකක් හරි දෙයක් වෙලා කවද හරි මට එයාව ලැබෙනවා නම් කියන සිතුවිල්ලේ තමයි මම හිටියේ. කැම්පස් ආවෙත් ඔය වගේ මානසිකත්වයක. හැබැයි මෙහෙට ආවට පස්සේ අලුත් පරිසරය, කැම්පස් සංස්කෘතිය, අලුත් යාළුවො, සින්නො, රැග් එක වගේ දේවල් නිසා ඒ මතකය ටිකක් යට ගියා. ඔහොම කාලය ගෙවිලා, රැග් එකත් ඉවර වෙලා අපිට නිදහසේ ඉන්න පුළුවන් කාලේ ආව. ඔන්න ඔය කාලේ තමයි ෆේස්බුක් කියන කතන්දරේ දැනගත්තේ. කැම්පස් එන්න කලින් එක පාරක් ෆේස්බුක් කියන නම නම් අහල තිබුන. හැබැයි කිසිම අදහසක් තිබුනේ නෑ ඒ ගැන. මෙහෙ ආවට පස්සේ තමයි අපේ එකෙක් මට ෆේස්බුක් එකවුන්ට් එකක් හදලා දුන්නේ.

ඔය විදියට ඉතින් කාලේ ගෙවිලා ගියා. (මම කැම්පස් ආපු මුල්ම දවස් වල සරණිගේ යාලු අක්ක කෙනෙක් මට මැසේජ් එකක් දාල සුභ ආරංචියක් කියන්න තියනවා කියලා සරණිට කැම්පස් එකකට බෝට්ටුවක් ඇවිත් කිව්වා. හැබැයි මොන කැම්පස් එකේ මොන ඩිග්‍රියටද කියලා කිව්වේ නෑ.) මට හිතුන සරණිත් සමහර විට ෆේස්බුක් ඇති කියලා කැම්පස් නිසා. දවසක් මම සර්ච් කරලා බැලුවා. මෙන්න මෙයා ඉන්නවා...! ඊට පස්සේ ඉතින් අර යට ගිහින් තිබුන ඔක්කොම මතකය එක ක්ෂණයකින් ආයෙත් එලියට ආව. හදාගෙන හිටපු හිතට මොනවා වුනාද දන්නේ නෑ. මගේ හිතේ මොනවා තිබුනද කියලා දන්නේ නෑ, හැබැයි මම ඒ වෙලාවේම බොරු එකවුන්ට් එකක් හදලා ඒකිව ඇඩ් කරගත්තා. මගේ මොලේ කියන්නේ මැස්සෙක් වත් නැති හිස් එකවුන්ට් එකට තමයි ඒකිව ඇඩ් කළේ. (ඒ එකවුන්ට් එකේ නම මොකක්ද කියල දන්නවද බොලා?? ඒකෙ නමත් කසුන් චානක. මම කිව්වනේ ඕන හොර වැඩකට ඕක තමයි අහු වෙන්නේ.:)) හැබැයි වාසනාවට (හෝ අවාසනාවට) සරණි මාව ඇක්සෙප්ට් කරලා තිබුනා. හැබැයි එයා ඔන්ලයින් ආවේම නෑ. මම මැසේජ් එකක් දැම්මා නිකන්, බොහොම කෙටි පිළිතුරක් ලැබිලා තිබුනා ඒකට. මට දැන් මෙයාගේ විස්තර දැන ගන්න ලොකු වුවමනාවක් තිබුනා. එයා කොහෙද ඉන්නේ, යාලු වුන කොල්ල තාම ඉන්නවද, එයාට මාව මතකද, ඔය වගේ ප්‍රශ්න ගොඩයි මට.

ඊට පස්සේ මම කළ වැඩේ එයාගේ එකවුන්ට් එකේ ඉන්න කැම්පස් එකේ යාළුවො කියල හිතන්න පුළුවන් කෙල්ලෝ කොල්ලෝ 5ක් 6ක් ඇඩ් කරගත්තා. මට ඕන වුනේ උන් කවුරුහරි එක්ක ෆිට් වෙලා සරණි ගැන විස්තර අහගන්න. ඒක හිතන තරම් ලේසි නෑ කියලා මම දැනගෙන හිටියා. දන්නෙවත් නැති කෙනෙක් එක්ක කතා කරලා, යාළුකමක් හදාගෙන හොඳටම ෆිට් වෙලා නේ එහෙම දෙයක් අහනවා නම් අහන්න වෙන්නේ. ඒක ලොකු ප්‍රොසෙස් එකක් නේ. කොහොමහරි ඒ දේ කරනවා කියල හිතාගෙන තමයි මම ගේමට බැස්සේ. පස්සේ බලනකොට කෙල්ලෝ දෙන්නෙක්ද කොහෙද මාව ඇක්සෙප්ට් කරලා තිබුනා. හැබැයි දවස් දෙක තුනක්ම යනකල් ඔන්ලියින් දැක්කේ නෑ එක්කෙනෙක් වත්. මමත් කලබල නොවී හිටිය දවසක ඔන්ලයින් එනකල්ම. නැතුව එක පාරටම මැසේජ් එකක් දැම්මොත් මම මහ පැණියෙක් කියල හිතනවානේ.:)

ඉතින් ඔහොම ඉන්නකොට දවසක් අර දෙන්නගෙන් එක්කනෙක් ඔන්ලයින් ඉන්නවා දැක්කා. ඔන්න එතනින් තමයි මේ කතාව පටන් ගන්නේ. එදා ඒ ඔන්ලයින් හිටියේ කල්පනා, මේ කතාවේ කතා නායිකාව. ඉතින් හොඳ හුස්මක් අරගෙන දකුණු කකුල ඉස්සරහට තියලා hi කියලා ගහල යැව්වා. තත්තපර ගානකට පස්සේ එහා පැත්තෙනුත් hi කියල ආවේ මගේ මෙහෙයුමේ එක පියවරක් සාර්ථකයි නේද කියලා මට ලොකු සතුටකුත් අරගෙන. ඊට පස්සේ ඉතින් කතාව පටන් අරගෙන ශේප් එකේ ඇදගෙන ගියා. එයා අර සමහර කෙල්ලෝ වගේ කිසිම ආඩම්බර කමක් පෙන්නුවේ නෑ, බොහොම ෆ්‍රෙන්ඩ්ලි විදියට කතා කළා. මටත් ඉතින් ඒක ලොකු පහසුවක් වුනා. එක පාරටම සීන් එක කියන්න බෑ නේ, ඒක නිසා ගොඩක් දවස් සාමාන්‍ය විදියට කතා කර කර හිටියා.

ගොඩක් ඉක්මනටම එයා මාත් එක්ක ෆිට් වුනා. සමහර දවස් වලට මම එයාව දැකලත් එයා කතා කරනකල් බලාගෙන ඉන්නවා.:) එයා දැක්කොත් අනිවා කතා කරන ගානට ෆිට් වුනා කොහොමහරි. මම හිතුවා දැන් සීන් එක කියන්න කාලේ හරි කියලා. ඊට පස්සේ මම දවසක් දෙයක් කියන්න තියනවා කියලා මුළු කතාවම කෙටියෙන් කිව්වා. කතාව කියලා එයා ගැන දැනගන්නයි මෙහෙම කලේ කියල කිව්වා. 

To be continued.....
..............................................................................................................................................................

ප.ලි. මගේ පෝස්ට් දිග වැඩියි කියල චෝදනා කරන නිසා ඔන්න පොඩි කෑල්ලයි දැම්මේ. පොඩි වැඩියි වගේ නම් කියන්නෝ. 

..............................................................................................................................................................

කල්පනා.....................

ඉල ඇදෙනකල් අඬන්න,
හෙම්බිරිසාව හැදෙනකල් හිනා වෙන්න,
යුගයේ දියාරුම ආදර කතාව......

කල්පනා (II කොටස) 
 
ළඟදීම....!

:D :D :P :P


මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා…


ඔබ කිව්වාට මේ ඇය ගැනය. අපි නොහිතුවාට අපේ එකාලා යාළුවෙලා යන්න ඕනෙ හැම තැනම (ඒකි එක්ක ) කරක් ගහලා සතියෙන් දෙකෙන් අත ඇරලා දාන ඇය ගැනය. මේ ටික කියවූ විට ඇය ගැන ඔබටම දුකක් ඇති වෙනු නොඅනුමානය. එවිට ඔබ ඇය කෙරේ බැදි සෙනේ උතුරා යනු ෂුවර්ය.


ඇය අදින්නට පලදින්නට ඉතාම ලැදිය. සාමාන්‍යයෙන් විලි වැසෙන්නට ඇන්දොත් යටට ඇදුම් දෙකක් සහ උඩට ඇදුම් දෙකක් ඇදිය යුතුමය. ඒ කීවේ අවම ඇදුම් ගණන ගැනය. එසේම කරාබු දෙකක් ජීවිතාන්තය දක්වා එල්ලාගෙන සිටිය යුතුය. එය මහත් කරදරයක්ය. විටෙක උරැහිස ගාවටම දිග කරබු දැමිය යුතුය. එසේම ඇය සරලව ඇයට පහසු විදිහට ඇන්දොත් එය ඇයටම කරදරයක්ය. උනුසුම් දවස් වලට ඇය පහසුව තකා අදින්නේ දනිස්සට වියතක් උඩට වන්නට කොට සායක් හෝ කලිසමක්ය. එය ඇයට පහසුවක්ය. එහෙත් එලියට බැස්ස විටදී එකිනෙකාකේ බැල්මෙන් පරිස්සම් වීමට අත් බෑගය හෝ කුඩා පසුම්බිය කකුල අතර රදවා ගත යුතුය. එසේ නැතිනම් දෙපා හිරි වැටෙන තුරු කකුලක් පිට කකුලක් දමා සිටිය යුතුය. තවත් විටෙක ඇය අඩි උස සපත්තු දැමිය යුතුය. එවිට ඇයට හයියෙන් ගමන් බැරිය. හයියෙන් යන්නට පුලුවන් ඇයලාද පහුවදාට කොන්දේ කැක්කුම සහිතව කෙදිරිගාන්නෝය. 

ඇය කොන්ඩය වවන්නීය. එය දනහිස දක්වා දික් වූ විට ඇය ලස්සනය. ඒත් ඇයට කරදරයක්ය. කොන්ඩය කාඩාගෙන සිටියොත් අම්මා බනින්නේ ඇස්වහ වදී ගැට ගහ ගනින් කියාය. විටෙක ඇය කොටට කපා ලේයර් කරන්නීය. එවිට ඇය තවත් ලස්සනය. එහෙත් එය ඇයට නිදහසේ වැඩක් පලක් කරන්නට තරම්  උපකාරී නොවන්නේය. එවිට කොන්ඩ කැරලි කන් දෙක අස්සේ රදවමින් කතා කළ යුතුය. එසේම ඔපීසියේ වැඩ කරද්දී පවා කොන්ඩය මූනට වැටේ නැවත එය කන් පෙති අස්සේ ගැසිය යුතුය.

ඇය නිය පොතු දිගට වවන්නීය. එවිට ඇය සෞඛ්‍යය ගැන සිතා එය පිරිසිදු කළ යුතුය. බොහෝ විට ඇය ඒවා වවන්නේ වම් අතේය. එවිට දකුණු අතින් කෑමට පුලුවන්ය. එහෙත් වම් අතේ රැදෙන ඒවාද විටෙක ආහාරයට ගන්නීය. ගෙදර උයන පිහින කටයුතු වලදී මෙන්ම ‍ලැප් ටොප් කී පෑඩ් එක මතදී ද ඇගේ දිගු නියෙපොතු ‍කැඩෙන්නට ඉ‍ඩ බොහෝමය. එවිට ඇය ඒවැ නැවත නිය කපනයෙන් කපා මට්ටම් කළ යුතුය. විටෙක ඇය එහි වර්ණ තවරන්නීය. බොහෝ නිය ආලේපන වල දැන් තරු කැට, හාර්ට්, වැනි කුඩා කැබලි ඇත. එවිට ඇය ඉන් එකක් අනිවාර්යයෙන් එක නියපොත්තක රැදෙන ලෙස වර්ණ කල යුතුය. ගෙවල් පේන්ට් කරන සිරිදාස අංකල්ටවත් එච්චර අමාරු වැඩ නැත්තේය.

ඇය ඇහි බැම කපන්නීය. එය මසකට වරක් වත් කළ යුත්තේය. එසේම ක්ලීන් අප් කළ යුතුය. දත් නොමැද්දත් ඒවා අනිවාර්‍යය. ඔපීස් යන්නට සාරි අදින දිනෙක ඇය උදේම අවදි විය යුතුය. ඉන් පසු වෙනදා වෙලාව වෙන තුරු ඇය සාරිය පැටලැවිය යුතුය. දහ දොලොස් වරක් රැලි හැදිය යුතුය.

ඔහු හිටගෙන කරන දෑ ඇය හිදගෙන කළ යුතුය. ඔහු හදිසියේ තාප්පයකට බර දී පිට කරන් මුත්තරා සාම්පලය ඇය හරි හතරැස්ව කොටු වූ තැනක හිදගෙන කළ යුතුය. එසේම මසකට දින කිහිපයක් ඇයට කේන්තිය පාලනය කර ගැනීමට සිදුවන්නීය. ඔහු ට්‍රිප් එකක් ගිය විටෙක ජබොස් ගා දියට පැන්නද ඇයට එසේ පැනිය නොහැකිය. ඒවාට වෙනම සූදානම් වි ආ යුතුය.

ඇයට හොටු සීරීමට ටිෂූ අවශ්‍යය. මුහුන පිස දැමීමට වෙට් (wet) ටිෂූ අවශ්‍යය. එසේම කණ්නාඩියක්, පනාවක්, ලිප්ස්ටික් කූරක්, ඉංගිරිසි කතා පොතක්, පටලැවිච්ච හෑන්ඩ්ස් ෆ්‍රී එකක්, මිනරල් වෝටර් බෝතලයක් (බොහෝ විට වතුර නැත), නිය කපනයක්, තිබිය යුතුමය. එවා සියල්ල ඇත්තේ කිහිල්ල අස්සේ ගසාගෙන යන හෑන්ඩ් බෑගයේය. ඔහුව අවශ්‍යය ෆෝන් එක සහ පර්ස් එක පමනක්ය.

ඇයට තනිවම ගමන් බිමන් යාමට නොහැක. එසේම ඇදිරි වැටෙන්නට ප්‍රථම ඇය නිවසට රිංගා ගත යුතුමය. නැති නම් ලෝකේ එවුන් ගේ කතන්දරය. ඔහුට නළුවෙක් වන්නට හැකිය. එවිට ඔහුට ලෝකයෙන් කතන්දර හැදෙන්නේ නැතිය. එහෙත් ඇයට නිලියක් වීමට නොහැකිය. ලෝකයෙන් පමනක් නොව ගෙදර එකාලගෙනුත් කතන්දරය. නිලියක් තියා ඇයට ගායිකාවක්වත් වන්නට නොහැක්කේමය. 

ඔහු කුඩාකල සිට දගලමින් සෙල්ලම් කරමින් හැදෙන්නේය. ඇය කුඩා කල සිට සෙල්ලම් කළද, හදිසියේම ඇයව කුඩා කාමරයක සතියක් පමන නිවාස අඩස්සියේ තබන්නීය. ඉන්පසු ඇයව නහවා, කිරි ගසකට කොටා එලියට ගන්නීය. එදා පටන් ඇයට සෙල්ලම් තහනම්ය. කොලු ඇසුර සීමා වන්නීය.

ඇයට තම ඇද වටා ටෙඩී බෙයාර්, මිකී මවුස් වැනි සතුන් ඕනෑය. ඒවා විවිධ ප්‍රමාණයේ සහ විවිධ වර්ගයේ විය යුතුය. එවා ඇද වටේම තබාගෙන නිදා ගත යුතුය. ඇය දුක හිතුන විට අඩන්නේත්, හිනා වෙන්නේත් ඒවා බදාගෙනය. එසේ නැතිනම් ගෙදර පූස් තඩියෙක් හෝ බලු තඩියෙක් සිටි යුතුමය. ඌව බදාගෙන ඇය හිස අත ගාන්නීය. පොටෝ ගසන්නීය. එහෙත් ඌට කන්න දෙන්නේ ඌව නාවන්නේ ඔහුය. 

පසු කලෙක ඇයට පෙම්වතෙක් ලැබෙන්නීය. ඔහු ඇයට ආදරේය. ඇයද ඔහුට ආදරේය. ඔහුට වෙන කෙල්ලන් සමග ඇසුර ඇය තහනම් කළද, ඔහු ඇසුරු කරන්නේය. ඇයට වෙන කොල්ලන් ඇසුර ඔහු තහනම් නොකළද, ඇය වෙන කොල්ලන් සමග ඇසුරු නොකල යුතුය. චැට් කිරීම, ෆේස් බුකි රික්වෙස්ට් දැමීම සහ ඇක්සෙප්ට් කිරීම, සීමා සහිතය. පෙර දැනුම් දීමක් සිදු කළ යුතුය. එහෙත් මේ ඡේදයේ කරුණු ඇයට මෙන්ම ඔහුටද අදාල වෙනවාය. එනිසා මෙය, සුදුසු තැනට, සුදුසු පරිදි, සුදුසු කාලයක වෙනස් කර සිතා බැලිය යුතුය.

ඔහු විවාහයට පෙර නිදහස්ය. ඇලක - දොලක, ඔරුවක් - පාරුවක් ගියාට සටහනක් නොහිටින්නේය. එහෙත් ඇය විවාහයට පෙර නිදහස් නැත්තේය. වැට කඩොලු, බාධා සහ සීමා අනන්තය. ගලක කොටා සටහනක් තැබුවා සේ සියල්ල සටහන් වන්නේය.

විවාහයට පසු ඔහු ගේ නිදහස සීමිතය. වෙලාවට ගෙදර ආ යුතුය. යන තැනක ඇය හා යා යුතුය. නොකියා ගමන් තහනම්ය. මතට තිතය. එහෙත් ඇය විවාහයට පසු නිදහස්ය. කැළණි පාලම යටින් පොල් ලෙලි ගියාට සටහන් නැත්තේමය. සටහන් තියා පාලම වත් නොදන්නේය.

යාළු වූ විගස ඇයට විවාහ වන්නට ඕනේමය. පට්ට හදිස්සියක්ය. ඉන්පසු දරුවෙක් ඉල්ලා දගලන්නීය. එයද ලද පසු දරුවා අත දරා පැත්තකට වන්නීය.

Written by sAm_5.15pm_17.05.2012

ඇය සුළු මොහොතක සතුටක් වෙනුවෙන් ඔබෙන් යමක් ඉල්ලනවාය. විටෙක ඇය හමුවන්නට එන විට යමක් රැගෙන එන්නට කියනවාය. එවිට එය කරන්න බැහැ කියමින් ගැටුම් ඇති කර ගන්නවාට වඩා, ඇය සැනසීමට එය ඇය වෙනුවෙන් කරනු යහපත්ය.

ඒ ඇය යනු "සුළු මොහොතක් හෝ සතුටක් ලබන්නට කැමති මනුෂ්‍යයෙක් නිසාය."

සියල්ලට පෙර




ඔබ සුදානම් ද 

සින‍සෙන්න ,
ඔය දෙනෙත හීනි කරගෙන, 
පලල් දෙතොල් හඩකොට, 

සැනසුනාද සිත?

නොඑසේමනම්
අවසරයි කොක්හඬලා සිනාසෙන්නට. 

සොයා ගන්නම් විසක්., 
දිය කර දෙන්න මට එය
උල් කිණිස්සක්  දෙන්නම්, 
 එකපහරින් 
මරාදමන්න මාව!

එය සිදු කල යුතුමයි සියල්ලටම පෙර! 

සුහුඹුල් පෙම්වතෙකු වන්නට සූදානම් වන ඔබ!

අසරණ වීමි…



විටක සිත විඩාවෙන්
වෙලෙයි ගත දවාගෙන
සෙනෙහසේ මතක බිඳු
හදවතේ පුරෝගෙන ..


පුර පසක් වැනි වුවන
දුකින් මැලවී තිබෙන
දකින සඳ මේ සිතට
නිනවු නෑ ඉබේටම ...

ආදරේ කල පවින්
නුඹේ සිත මුදෝගෙන
විසිකරන්නට සිතෙයි
අතීතය ඈතකට ..

ධරණීය නොවූ සංවර්ධනය




මහා ගස් පෙරළලා
කැලෑ බිම් එළි කළා
සොබා දම වනසලා
"සංවර්ධනය(??)" නම් කළා..

වැහි පොදක් නො වැටිලා
කාලයක් ගත වෙලා
වන සතුන් මියැදිලා
මහ පොළොව වියැළිලා..

බොහෝ කල් ගත වෙලා
වර්ෂාව නැති වෙලා
සංයෝග කළඹලා
ඔවුන් වැසි ඇති කළා..

වැහි ලිහිණි හඬ සලා
අහස් කුස ඉගිලිලා
වැසි වැටෙන සන් වෙලා
ගම්මාන හිනැහිලා..

සතන් සිත් තුටු වෙලා
වර්ෂාව ඇති වෙලා
පස් තට්ටු සේදිලා
මඩ වතුර යයි ගලා..

මහ සුළං පැතිරිලා
ගස් මුලින් ඉදිරිලා
වැට කඩුලු බිම් තලා
ගං වතුර යයි ගලා..







පින්තූර කඩේදී වැඩ කිහිපයක් එකවර කරගැනීමට "Action" එකක් ගැනීම

මේ කියන්න යන්නේ Photoshop වලදී බොහොම ප්‍රයෝජනවත් උපක්‍රමයක් පිළිබදවයි. මේක Photoshop වල තිබුනට එතරම්ම බොහෝ දෙනෙක් වැඩගන්නේ නැති දෙයක්. ඒත් එකවර වැඩ කිහිපයක් පින්තූර රැසකට කරගන්න හොද උපක්‍රමයක් තමයි මේ. 

අපි උදාහරණයක් විදියට හිතමු පින්තූර කිහිපයක්ම එකම ප්‍රමාණයකට Resize කරගන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් මේ එක එකක් වෙනම කරනවාට වඩා බොහොම පහසුවෙන් Action එකක් සදා ගැනීමෙන් මේ කාරණේ එකවරම කරගන්න පුළුවන්. මේක විතරක් නෙමෙයි අපි බහුලවම කරන පියවරයන් රැසක් එකවර Action එකක් ලෙස සාදා ගැනීමෙන් නිතර නිතර එම කාර්යය කරනවා නම් ඒවා වෙන් වෙන් අවස්ථාවල වුනත් භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා.

මෙන්න මෙහෙමයි මේ ලිපිය සදහා භාවිතා කිරීමට සරළ Action එකක් සාදා ගන්නේ. 

මුලින්ම අවශ්‍ය පින්තූර ගොන්නෙන් එක පින්තූරයක් විවෘත කර ගනිමු.

දැන් එම Menu bar හරහා Window වලදී Action Palette එක විවෘත කරගන්න.

රවුමින් දක්වා තිබෙන "Create New Action" තෝරන්න.

මෙහි රවුමින් දක්වා තිබෙන "Begin Recoding" button Click කරන්න.
 
මෙවිට ලැබෙන මේ Window එකේදී කැමති නමක්, අවශ්‍ය නම් තවත් පහසු කර ගැනීමට Function Key එකක් Assign කිරීම සිදු කරගෙන Record Button  එක Click කරන්න.

දැන් Image හරහා Image Size තෝරන්න.

දැන් අවශ්‍ය පියවරයන් වන පින්තූරයේ Width හෝ Height අගයක් හෝ අගයන් දෙකම වෙනස් කර Ok කරන්න. තවත් ඔබට අවශ්‍ය යමක් වේ නම් ඒවාත් සිදුකර කැමති නම් Image එක Save කර ගෙන හෝ නොමැතිව "Stop playing/Recording" button එක Click කරන්න.

දැන් ඔබ මෙම පින්තූරය close කර මෙම වෙනස්කමම සිදුකිරීමට බලාපොරොත්තුවන පින්තූරය හෝ පින්තූර තෝරා ඒවා Open කරගන්න.

ඔබට අවශ්‍ය එක් පින්තූරයකට මෙම වෙනස්කම සිදුකිරීමට නම්, Action Palette වෙතට ගොස් ඔබ විසින් සුදුසු නමක් ලබා දී තැනූ Action එක තෝරා මෙහි දැක්වෙන "Play Selection" button එක click කරන්න. එවිට වෙනස්කම ක්‍ෂනයකින් සිදුවනු ඔබට දිස්වනු ඇත.

ඔබට අවශ්‍ය පින්තූර රැසකටම එක්වර මේ වෙනස්කම සිදුකිරීමට නම් ඔබට අවශ්‍ය පින්තූර සියල්ල Open කර ගැනීමෙන් හෝ යම් Folder එකක ඇති සියළුම පින්තූරවලට මේ කාර්යය සිදුකරගැනීමට නම් පින්තූර අප විසින් Open නොකරද මෙම කාර්යය කළ හැක.

පළමුවෙන්ම විවෘත කරගත් පින්තූර කිහිපයකට මේ කාර්යය සිදුකර ගැනීමට නම්, එම පින්තූර Photoshop වලදී විවෘත කර ගැනීමෙන් පසුව Menu bar හිදී File හරහා Automate සහ Batch යන්න තෝරන්න. 

මෙහිදී ලැබෙන මෙම Window දී Action යන්නට ඔබ විසින් තැනූ Action name එකත් Source දී "Opened Files" යන්නත් තෝරා OK කරන්න. එවිට එක්වරම විවෘත කරගෙන සිටින පින්තූර සියල්ලටම මෙම වෙනස සිදුවනු ඇත.

යම් හෙයකින් ඔබට එක් Folder ක තිබෙන සියළුම පින්තූරවලට මෙම වෙනස්කම සිදුකරගැනීමට අවශ්‍ය වේ නම් Source හිදී Folder යන්න  තෝරා එහිදී "Choose" button click කර අවශ්‍ය Folder තේරීමෙන් අනතුරුව OK කිරීමෙන් Folder ඇති පින්තූර සියල්ලටම එකවර වෙනස් කම සිදුවනු ඇත.

මෙහි දැක්වූයේ කුඩා කාර්යයක් සිදුකරගන්නා අයුරුයි. ඔබටත් නිතර නිතර කරන්නට වෙනස්කම් කිහිපයක් එක්වරම සිදුකරගැනීමට මෙය උපකාරීවනු ඇතයි සිතමි.

අදුරුයි බියකරුයි…





සෙවනැල්ල අදුරුයි බියකරුයි.

නමුත්..

ඒ සෙවනැල්ල,,

ඇතිවීමට....

ආලෝකය තිබිය යුතුයි...

අප සෙවිය යුත්තේ එම ආලෝකය නොවේ ද?

පිරිත් සූත‍්‍ර සජ්ඣායනයේදී වෙනසක්! :සෙන් උපමා කතාවක්


ගොවියෙක් තම මියගිය බිරිඳ වෙනුවෙන් පිරිත් ටිකක් කියන්නැයි ටෙන්ඩායි තෙරණු කෙනකුන් වෙතින් ඉල්ලා සිටියා.

පිරිත් සජ්ඣායනය නිමවීමෙන් පසු ගොවියා තෙරුන්ගෙන් මෙහෙම ඇහුවා:”මෙයින් මගේ බිරිඳට පිං ලැබෙයි කියල ඔබ වහන්සෙ හිතනවද?”

”ඔබේ බිරිඳට විතරක් නෙවෙයි, මේ පිරිත් සජ්ඣායනයෙන් සියලූම සචේතනික සත්ත්වයන්ටම පිං ලැබෙනවා” තෙරුන්ගේ පිළිතුර වුණා.

”ඔබ වහන්සෙ කීවාම සියලූම සචේතනික සත්ත්වයන්ට මෙයින් සෙත සැලසෙනවා කියා, ඒක මගෙ හිතට හරිමදි. මගේ බිරිඳ දුර්වල අයෙක්. ඉතින් ඇය මේ පිං අරන් අනෙක් අය ශක්තිමත් වුණොත් ඒක එයාට අවාසියක් වේවි. මේකෙන් ලැබෙන වාසිය ඇයට විතරයි ලැබෙන්න ඕනෑ. ඒ නිසා කරුණාකර නැවත ඇයට විතරක් පිරිත් ටිකක් කියන්න.” ගොවියා ඉල්ලා සිටියා.

තෙරුණුවන් ඔහුට පහදා දුන්නා, බෞද්ධයාගේ අභිලාෂය විය යුත්තේ කිසිම වෙනසක් නැතිව සෑම සචේතනික සත්ත්වයකුට ම එකසේ පිං පැමිණ වීම බව.

”ඒක ඉතා හොඳයි. ඒත් එක පුංචි වෙනසක් කරන්න බැරිද මං වෙනුවෙන්. මගේ අසල් වැසියා මට හරියට හිරිහැර කරනවා, ඒ හින්දා මේ සියලූම සචේතනික සත්ත්වයන් අතරින් එයාව විතරක්වත් අයින් කරන්න බැරි ද?” ගොවියා අවසන් වශයෙන් ඉල්ලා සිටියා.

(පර්සි ජයමාන්නගේ ‘සෙන් බොදු කතා’ ග‍්‍රන්ථයෙනි. මුද්‍රණය 2011)

101) හැංගි හැංගි සෙල්ලං කර සල්ලං වෙන ලෙඩේ …

දැන් නම් හරිම රස්නෙයි , පොඩ්ඩො දෙන්න ගන්න ඉස්කෝලෙ ගාවට ගිහින් හිටි ටිකටත් ඔළුව කකියන්න වගේ , ඒත් තව ටික  වෙලාවක් ඉන්න ඕන , ඉස්කෝලේ දොර ඇරුණු ගමන් පොඩ් පැටවු ටික හිනා පුරෝගෙන දුව පනින හැටි බලන්න ආසයි , බහු සංස්කෘතික පරිසරයක් නිසා , සුදු කළු , දුඹූරු , ..පාට පාට පැටවු පිට්ටනිය පුරාම දුවන හිනාවෙන හැටි බලාන ඉන්නකොට නම් , මේ රස්නේ දැනෙන්නේ නැති තරම් ,

පොඩ්ඩි මත වුනා දොරෙන් , හිනාවක් දාගෙන කෙළින්ම මා ගාවම ඇවිත් නැවතුනේ , ..“කෝ ..අක්කි ආවේ නැත්ද ...“
“නෑ ...අපි ඉස්සරහින් ඉමු , එයා ඉතින් යාළුවොත් එක්ක චැට් එකක් දාගෙන ඒවි , ..“....
harley davidson fat boy
මෙන්න බයික් ...
දෙන්නම එකතු කරගෙන යාන්තං ඉස්කොලෙන් පැනගත්තා...දැන් ඉතින් තුරු සෙවනේ හිමින් සැරේ අපි ගෙදර බලා පිය මනිනවා ...අව්ව තිබුණට මේ ගස් හෙවනින් යත්දි නම් හරිම සිසිලසක් දැනෙන්නේ ...

එක එක වාහන හෙමිහිට පාර දිගේ ඇදෙනවා , මේ වෙලාවට ටිකක් තදබදය වැඩියි , ඒ වුනාට විනාඩු පහකින් ඔක්කොම නිදහස් ..පාරත් නිදහස් ...

බ්රූම් ..බ්රූම් ........



“තාත්ති අන්න NG එකක් , ලස්සනයිනේ , ...ඒ වුනාට අම්මෝ සද්දේ ....“වාහන අස්සේ හෙමින් එන මොටර් බයික් එකක බර හඩත් එක්ක පොඩ්ඩ් කෑගහනවා , මටත් එක කාළයක් මොටර් බයික් ගැන තිබුණු කුතුහලයත් එක්ක , බයික් වර්ග ගැන කතා වෙන නිසා  මේ දෙන්නත් ටිකක් දන්නවා ඒ ගැන .

“නෑ......ඒක NG නෙවි ...GN ....දැක්කද අර හැන්ඩ්ල් එකේ හැඩේ ...,‘‘ ලොකූත් එකතු වුනා ..

“දෙන්නම වැරදියි ...ඒක Harley Davidson බයික් එකක් , එකට කියන්නේ HD කියල ...අපේ ගෙදර තිබුණු බයික් එක වගේ පහලොස් ගුණයක් power එකක් තියෙනවා .. ඇහෙනවනේ බර සද්දේ ....“....

මටත් දැක්කම ආසා හිතුනත් මෙහේ ඒ වගේ බයික් එකක් නඩත්තු කරන එක ලේසි වැඩක් නෙවි ..අනෙක ඉතින් ගියත් යන්න පුළුවන් එකකෙනාටනේ ..ලංකාවේ නං ඉතිං හතරක් පහක් යන්න පුළුවන් ....

බයික් ගියා .අපි ගෙදර ආවා ..මනෝජත් එයාගේ පුහුණුවකට ගිය නිසා ගෙදර තනියම ඉන්න ටිකේ ..දෙන්නට පොත් බලා ගන්න කියල මං ආවා පරිගණකෙට ...යමක් ලියන්න හිතාගෙන ...මොකද මට ලියන්න මාතෘකාවක් අරන් දුන්නනේ මේ දෙන්න ....

මාතෘකාව තමයි ...N.G.....ලෙඩක් නෙවි ..ලෙඩක් දාන කෙනෙක් මේ ..Neisserea gonhorrea ...දැං සමහර අය දන්නව ඇති මේ කවුද කියල ..ඔව් ගොනෝරියාව කියන ලිංගාශ්‍රිත බෝවන රෝගය ඇති කරන බැක්ටීරියාවගේ නම තමයි ඒ....

ඒ නිසා අපි අද කතා කරන්න යන්නේ N.G. හදන ගොනෝරියාව ගැන ...

කොච්චර කොරත් මොච්චරයි කියල ..අදත් හැමදාම වගේ “මොකක්ද මේ ගොනෝරියාව “ කියලම පටන් ගමුනේ...“ඕක තියෙන්නේ හංගේරියාවට ටිකක් දුරින් ...“ ...එහෙම කියන්න නම් එපා ..මොකද මේක “සෙල්ලං කරල හදා ගන්න“ ....සෙල්ලං නැති ලෙඩක් ....

මේ රෝගය ප්‍රධානව ලිංගාශ්‍රිත සම්ප්‍රේශනය වන රෝගයක් .නැත්නං  (ඔබා අයිය  කියනවා වගේ  උළුක්කු වෙන වචන නැතිව කිව්වොත්) ...Sexually Transmitted  Disease නමින් හදුන්වන රෝග කාණ්ඩයට තමයි ඇතුළු වෙන්නේ ....ඉතින් කෝමද මේ බැක්ටීරියාව ඇඟට ඇතුළු වෙන්නේ ....

ඊට ඉස්සර කියන්න ඕන.මේ ගොනෝරියා බැක්ටීරියාව හරි කැමතියි තෙත් , උණුසුම් ,ඒ වගේම හොඳ ප්‍රෝටීන ස්‍රාවයන් පිරිච්ච තැනක ඉන්න , ඒ වගේම ඒ පරිසරයේ මෙයා හොඳට පැටවු දාල ඉක්මණට වැඩෙනවා , ඒ නිසා අපේ ඇඟ ඇතුළෙ , විශේෂයෙන්ම ලිංගාශ්‍රිත අවයව , නල , වල  , ඊළඟට ගුද මාර්ගයේ ඇතුළු බිත්ති වල , යෝනි මාර්ගයේ ගැබ් ගෙල ආශ්‍රිතව (ගැබ් ගෙල ප්‍රෙද්ශයේ - cervix )වගේම උගුරේ ඇතුළු පටක වලත් සමහර විට ඇසේ වුනත් මෙයාට වැඩෙන්න පුළුවන් .....ඔව් ඉතින් වැඩෙන්න පුළුවන් බව දැන ගත්තා ...ඉතින් වැඩෙන්න කොහෙන්ද එන්නේ ..හුළඟෙන්ද ...නැත්නම් අතින්ද ?.....මේ රෝගය ප්‍රධානව සම්ප්‍රේශනය වන්නේ ලිංගික එක්වීම් එක්ක ......දැන් ඉතින් කිව් ගමන් බය වෙන්න එපා ....ම්...ටිකක් කල්පනාකාරී වීම සහ දැනුවත් වීම තමා  වඩා වැදගත් ....ඒ කිව්වේ ...නිරෝගී දෙදෙනෙක් අතරේ වෙන ලිංගික එක්වීමකදි මෙය බෝවෙන්න විදියක් නැහැ ඒ වගේම කොන්ඩමය නිවැරදිව භාවිත කරමින් කරන ආරක්ෂිත ලිංගික එක්වීමකදිත් එසේ වෙන්නේ නැහැ ...

මේ ලිංගික එක්වීමට දායක වුනු එක් අයෙක්ගේ ඇඟ තුල මේ N.G බැක්ටීරියාව හිටියොත් ....ඒ වගේම මේ ලිංගික ක්‍රියාකාරකමේදී ඒ පුද්ගලයාගේ යම් දේහ තරලයක් දෙවැනි පුද්ගලයගේ තුවාලයක් එහෙම නැත්නම් තුනී ශ්ලේශ්මල පටලයක් මත (ලිංගික අවයව , කට , ගුද මාර්ගය වගේ කොටස්වල ඇතුළු පැත්තේ තියෙන්නේ මේ කියන ශ්ලේමල පටලයක් නේ ) ගෑවුනොත් ..ඔන්න වැඩේ හරි ..ඒ කියන්නේ මේ බැක්ටීරියාවට පුළුවන් දැන් අර පළමු කෙනාගෙන් දෙවැන්නාට මාරු වෙන්න ..ඒ විදියට මාරු වෙන බැක්ටීරියාව තව දවස් 5-7 ක් යන කම් හැංගිලා තමන්ගේ පිරිස වැඩි කරගන්වා ..ඊට පස්සේ තමයි ලෙඩ දෙන්න පටන් ගන්නේ ...

දැන් ඉතින් දැන ගන්න ඕන ප්‍රශ්න ගොඩක් තියෙන බව මං දන්නවා , ටික ටික කියන්නං ...කාන්තාවක් සහ පිරිමියෙක් අතර යෝනි මාර්ගය ඔස්සේ සිදුවන එක්වීමකදි විතරද මේ බැක්ටීරියාව නිරෝගී කෙනාට ඇතුළු වෙන්නේ කියල අහන්න හිතෙනව නේ ...ඕකට උත්තරේ හරි ලේසියි ..අපි කිව්වනේ මේ බැක්ටීරියාව ඉන්න පුළුවන් තැන් ..ගුද මාර්ගය , උගුර , ඇස ...ඉතින් ඔතනින් අපි ඇහැ අයින් කරමු , මොකද එයා මේවට ගාව ගන්න ඕනයැ....ඒ නිසා ගුද සංසර්ගය Anal intercourse හෝ මුඛ සංසර්ගය Oral intercourse කියන අවස්ථා දෙකේදිත් මේ විදියට ලෙඩේ බෝවෙන්න පුළුවන් ...විශේෂයෙන්ම Anal intercourse අවස්ථාවෙදි ගුද මාර්ගයේ විගේම පුරුශ ලිංගේන්දියේත් පටක ඉරියාම් වෙන අවදානම වැඩි නිසා බැක්ටීරියාවට හරිම ලේසියෙන් අනෙත් කෙනාට මාරු වෙන්න පුළුවන් ...අනෙක් වැදගත්ම ප්‍රශ්නය අහන්න පුළුවන් , “අපි ලිංගිකව එක්වුනාට ශ්‍රක්‍රාණු පිට වෙන්න Ejaculation ඉස්සර වෙලා වැඩේ නැවැත්තුව ඉතින් බෝවේද කියන එක ... “ ..ඔව් එක් අයෙකුට මේ ලෙඩේ තිබුණනම් බෝවෙන්න පුළුවන් , මොකද මෙතැනදි වැදගත් ශුක්‍රාණූ පිට වුනාද නැත්ද කියන එක නෙවි ,බැක්ටීරියාවට හුවමාරු වෙන්න ඕන කරන තරල ගෑවුනාද කියන එක , අද හුඟක් කතා කරන සමලිංගික ක්‍රියාකාරකම් වලදි මේ අනතුර තිබේද කියන එක ...ඔව් , Gay and Lesbian දෙගොල්ලන්ටත් ....මේ අවදානම තිබෙනවා . හොඳට මතක තියා ගන්න ඕන දේ , මේ බැක්ටීරියාව උගුරෙත් ඉන්නවා ......!!

ඔන්න දැන් ඉතින් එයාව අතින් වත් අල්ලන් තැනිව ඉන්න එපා ...සාමාන්‍ය ස්ඵර්ශ කිරීම් , වැළඳ ගැනීම් (දේහ ,  ලිංගික තරල නොගෑවෙන පරිදි) මඟින් මේ ගෝනෝරියාව බෝවෙන්නේ නැහැ ., ඒත් රෝගියාගේ ලිංගික තරලයක් ඔබේ ඇඟිළි වල ගෑවුනා නම් . ...දැන් ඔබ වැරදිලාවත් ඔබේ ඇහැ පිසදාන්න අර  තරලය සහිත ඇඟිල්ල ඇසේ ගෑවොත් ඔබත් සළු තමා ...ඒ කිව්වේ ඔබටත් දැන් මේ රෝගය ඇස ආශ්‍රිතව ඇතිවීමට අවදානමක් තිබෙනවා .....මේ වැඩේම ගොනෝරියාව සහිත ගර්භණීමවකට උපදින දරුවෙකුටත් වෙන්න පුළුවන් , ඒ විදියට යෝනි මාර්ගය තුලින් එත්දි දරුවගේ ඇසේ ඒ තරලය ගෑවුනොත් දරුවාට උපතින්ම ගොනෝරියා රෝගය හැදෙනවා , ඒ නිසා අපි තව ටිකකින් කියන ලක්ෂණ සහ ඊට තුඩු දෙන සැකයක් තිබේනම් , ඒ වගේම ඔබ ගර්භනී නම් ඉක්මණින් ඒ බව ඔබේ වෛද්‍යවරයාට පවසන්නම ඕන , එවිට ඔබත් ඔබේ දරුවාත් දෙන්නම ආරක්ෂා කරගන්නට පුළුවන් වෙනවා ..

පාට පාට ලෝ....කයක් ..
 ඒ නිසා , කෝකටත් එයාට මේ කියන්න හදන ලෙඩේ තියෙන බවට සැකයක් , ලක්ෂණ තියේ නම් තවත් අල්ල ..අල්ල නිකං ඉන්නේ නැතිව , හොඳට අල්ලගෙන ලඟම තියෙන ලිංගාශ්‍රිත රෝග සායනයට යන්න ...හරිම වැදගත් මේ රෝගී පුද්ගලයත් එක්ක ලිංගික එක්වීමක් (අනාරක්ෂිත ඒකවීමක්) වුනු හැමකෙනෙක් මේ සායනයට යොමු කිරීමත් හරිම වැදගත් ...බය වෙන්න එපා , මේ ලිංගාශ්‍රිත රෝග සායනය ඔබේ පෞද්ගලිකත්වය හොඳින් සුරකිනවා , ඒ වගේම වෙන සායනවලට වඩා ඔබේ ප්‍රශ්න කතා කරන්නත් පුළුවන් තැනක් ,

ඕන් දැන් ඉතිං කෝච්චිය ගියා වගේ කියවගෙන ගියා නේ ...මේ සමහර දේ පුළුවන් සරළම සහ සමාජයේ විස්තර කරන්න පුළුවන් යහපත්ම විදියටයි විස්තර කළේ ...අදාල තැන් ප්‍රායෝගිකව තේරුම් ගන්න බලන්න ...ප්‍රශ්න තිබුනොත් දාන්න ..උත්තර දෙන්නම් ...මොකද වෙන ලෙඩ වගේ නෙවි STD ගැන කතා කරන්න නම් සමාජය ඇතුළෙ ඒ ගැන තියෙන අවබෝධය පිළිබඳව , කටකතාත් දැන ගන්නම ඕන ..මොකද ඒ සමහර කටකතා නැත්නම් වැරදි මත නිසා මේ රෝග තත්ත්වය පාලනය කරන්නට අමාරු වෙනවා ..


දැන් බලමුකෝ මේ ගොනෝරියාවේ ලක්ෂණ මොනවද කියලා .....අපි කිව්වනේ මේ අනාරක්ෂීත ලිංගික එක්වීමෙන් දින 5-7කට පස්සේ ලක්ෂණ මතු වෙනවා කියල ...සමහර විට මේ ලක්ෂණ මතුවෙන්න දින 14ක් විතර යන්නත් පුළුවන් ..ඒ විතරක් නෙවි ..භයානකම දේ ..සමහර වෙලාවට මේ කියන්න හදන කිසිම රෝග ලක්ෂණයක් නැතිව උනත් බැක්ටීරියාව හැංගිලා ඉන්න පුළුවන් ...ඕං ඔය නිසා ක්‍රීම් උලාගෙන හීන් සීරුවෙ හිටියට මේ කියන වැක්කෙරෙන ලක්ෂණ නැති වුනාට ....එයා ඇඟ ඇතුලේ ගොනෝරියා විෂබීජ හැංගිලා ඉන්න පූළුවන් නිසා (මොකද සමහර කාන්තාවන්ට මේ කියන රෝග ලක්ෂණ ඇත්තෙම නැති තරම්) ...කෝකටත් පරිස්සම මුලට දාල ..කොන්ඩමයක් හරියට පාවිච්චි කරන එක තමා හොඳ ...

ගිණි පිඹිල්ල...
දැන් මෙන්න ලක්ෂණ මල්ල ....කාන්තාවකට නම් යෝනි මාර්ගයෙන් ඇලෙන සුළු .ඝනකම් ...ඒ වගේම කහ කොළ පාටට හුරු ස්‍රාවයක් වැඟිරෙන්න පුළුවන් ..දැන් කවුරුවත් බයවෙන්න එපා ...ලිංගික වශයෙන් සරු කාන්තාවකගේ යෝනි මාර්ගයෙන් අවර්ණ ගන්ධයක් රහිත ස්‍රාවයක් සුළු වශයෙන් එන්නට පුළුවන් ..එය සාමාන්‍යයි .. විශේෂයෙන්ම සංසර්ගයට පෙර ..පෙර සෙල්ලම ..foreplay හරියට කළා නම් ....
මේ රෝගී කාත්තාවගේ ආර්තව චක්‍රයට නොගැලපෙන අවස්ථා වලත් සුළු වශයෙන් ලේ වහනය වීමක් වෙනවා .ඒ වගේම බඩේ යට හරියේ තද කැක්කුමකින් තමයි හැම තිස්සෙම ඉන්නේ ...මුත්‍රා කරන්න ගියාම නම් ඉවසන්න බැරි දැවිල්ලක් ., ඒ වගේම වාර ගණනත් වැඩියි , මේ මුත්‍රා කරල එන ගමන් ..මෙන්න ආයෙත් යන්න වගේ ....හැබැයි දැන් ඉතින් කටට සැරට කොච්චි සම්බෝලයක් එහෙම කාපු දවසට මෙහෙම උනා කියල මූණ බයේ නටන්න හදන්න එපා ... ...

අන්ධකරවන රතු විම 
නෝනට එහෙම වුනා කියමු ..ඉතින් මහත්තයට කෝමෙයි ....එයාටත් මෙහෙමයි ...එයාටත් අද දැවිල්ල නම් එහෙම මයි ...දෙන්නම පිච්චෙනවා ...මහත්තයගේ ශිෂ්නය තුලිනුත් කහ කොළ පාට දියරය වැඟිරෙනවා ....ශිශ්න කෙළවර පිළිස්සෙන , නැත්නම් තදින් කසල සුළු ස්වභාවයක් ඇතිවෙනවා ..ඒ විතරක්ම නෙවි තව දවසක් දෙකක් ගියාම වෘෂණ කෝෂ Testicles ඉදිමිලා තද වේදනාවක් එනවා ...

hand holding a pink latex oral dam
කට පරිස්සම් කර ගන්නට
මේ එක්කම තද උණක් , උගුර වණ වීමක් වගේ Sore throat ඇති වෙන්නත් පුළුවන් ..උගුර වගේම තවත් කෙනෙක්ට ගුද මාර්ගයේ මේ තත්ත්වයන් ඇති වෙන්නත් පුළුවන් ..හරිම වේදනාකාරී ...අප්‍රසන්න අවස්ථා වකට පත්වේවි ...ඒ විතරක් නෙවි , මේ රෝගය ඇස් වලට බලපෑව නම් ..ඇස් අන්ධවීමටත් හේතු වෙන්න පුළුවන් , තවත් දුර ගියොත් ගොනෝරියා බැක්ටීරියාව මොළයේ පටල වලටත් පහර දෙනවා , එතැනදි නම් මොලේ  උණ තත්ත්වයක් මෙනින්ජයිටිස් තත්ත්වයක් ඇති කරනවා ..එහි බැරැරුම් කම කියන්න ඕන නැහැනේ .. ඒ නිසා වඩාත්ම හොඳ මේ රෝගයට ඇති අවදානම අඩු කරගන්න එක, ...ඒකට ලිංගික එක්වීමක් අවශ්‍ය නම්  ..ඒ සඳහා විශ්වාසවන්ත එක් සහකරුවෙක් තෝරාගැනීම වගේම , එසේ නොවන අවස්ථා වලදි ..ඒ වගේම සැක සහිත අවස්ථා වකදි ආරක්ෂීත ක්‍රම අනුගමනය කිරීම (කෙටියෙන්ම කිව්වොත් හරියට කොන්ඩමේ  දමාගන්න) ...දැන් ඉතින් කොන්ඩම් ගැන විතරක් නෙවි ...Dental dams ගැනත් දැන ගන්න ඕන ...මොකද ඩෙන්ටල් ඩෑම්ස් මගින් මුඛ සංසර්ගයේදි වන අනතුර අඩු කෙරෙනවා ..

මෙන්න සැර බැක්ටීරියා..
මේ ලක්ෂණ ඇත්නම් අදාල සායනයට ගියාම , ඔබේ ලිංගික තරල පරික්ෂණයට ලක්කරාවි , රැධීර පරික්ෂණ කිහිපයකුත් එක්ක ...ඊට පස්සේ ප්‍රතිජෛවක කිහිපයක් , දින කිහිපයක් තුල නිවැරදිව පාවිච්චි කරන විදියත් එක්කම කියල , ඖෂධත් ලබා දේවි ..දැන් ඉතින් තියෙන්නේ දෙන්න එක්ක ...හරි අදාල ස්‍රාවීන් ගැවුනු කට්ටියම බෙහෙත් ටික හරියට බොන එක ....එහෙම වුනොත් රෝගයෙන් ලොකු කරදරයක් නොවී ගැලවෙන්න පූළුවන් ..වැදගත්ම දේ මේ ප්‍රතිකාරය දෙන්නගෙන් එක්කෙනෙක්ට විතරක් කරල වැඩක් වෙන්නේ නැහැ ..අදාල අනාරක්ෂීත ලිංගික එක්වීමට අදලා දෙන්නම ප්‍රතිකාරය ගන්නට ඕන .. හරියට කරගත්තොත් 99%ක්ම කිසි කරදරයක් නැතිව හොඳ කරගන්නට පුළුවන් ..හැබැයි මේ තතත්වය වරින් වර ඇති වීම නම් අවදානමක් මොකද antibiotic resistant ගොනෝරියා බැක්ටීරියා කාණ්ඩ දැන් ටිකෙන් ටික වැඩියිලු ...එහෙම වුනොත් ලොකු කරදරයක් මොකද එතකොට ලෙඩේ හොඳකරන්න බැක්ටීරියාවෝ මරන්න බෙහෙත් නැති වෙන නිසා (මේ අනතුර ගැන සොඳුරු සුව අසපුවේ 5වන ලිපියෙන් තවත් තොරතුරු දැන ගන්න පුළුවන්), ඒ වගේම ප්‍රතිකාර නිසි පරිදි නොගත්තොත් මොළේ පටක විනාශවීම් , ඒ වගේම අත්පයේ හන්දි වල ඉදිමීම් එක්ක කාන්තාවකගේ නම් ගර්භාෂය ආශ්‍රිතව තවත් කරදර රාශියකට මුහුණපාන්නට වෙන්න පුළුවන්. ...

එහෙනං බයික් එකෙන් පටන් ගත්ත කතාව ටිකක් දුර ගියා ..කෝකටත් ඔය හැමදේම “දුර දිග“ බලලා  කරගන්න එකතමා හොඳ ..ඒකට දැනුම කියන සම්පත හරියට ප්‍රයෝජනේට ගන්න හැඟීම් සහ සංවේදනයන්ට විතරක් මුල් තැන දෙන්න ගිහින් ලෙඩ හදාගන්නවා හෙම නෙවි....

එහෙම නම් අදට ගිහින් එන්නම් ...ඔබ සැමට සුවය වගේම සතුට පිරි දිවියක් .....