මිල අධික සංකීර්ණ ජීවිතය~Expensive & complex



ජීවිතය හරි පුදුමාකාරයි... අද්භූතයි...

අපි මිල අධික බ්‍රෑන්ඩඩ් ඇඳූම් පැලඳුම් අඳින්න සිහින මවනවා..ඒත්
ඒ අපිම වැඩිම පහසුවක් සැහැල්ලුවක් සනීපයක් ලබන්නේ/දැනෙන්නේ ගෙදර තියන හඩු ටී එක,ෂෝට් එක හා රබර් දෙක තුල ..

අපි ටාජ්,හිල්ටන් එකෙන් ඔෆීස් එකේ ක්ලයන්ටලා,බොස්ලා එක්ක වාඩිවෙලා බුෆේ කෑවට
පාර අයිනේ නයිට් කඩේ යාලුවෝ එක්ක කන කොත්තුව ඊට වඩා රස විඳිනවා..

බෙන්ස්, BMW  ගන්න..අරං රට වටේ රවුම් ගහන්න හීන මවන අපිම,
තනියම ඇවිදිද්දි අපේ හදවත් එක්ක කතා කරනවා..
අපි අපිත් එක්කම කතා කරගන්නවා...

ගිගා ටෙරා බයිට් ගානට සිංදු පුරවපු හාඩ් ඩිස්ක්  I-pod තියන් හිටියට
රේඩියෝවෙ අහම්බෙන් යන සිංදුවක් අපි පුදුම විදිහට රස විඳිනවා..
මුමුනනවා..අපේ මුවගට සිනාවක් ගේනවා..

තරු හෝටල් වල නැති රස අපේ අම්මගේ කෑම වල තියනවා...

කොහේ නිදා ගත්තත් නැති සැපක් අපේ ගෙදර ඇදේ තියනවා...

පිටරටවල් වලට වෙලා මහන්සි වෙන මිනිස්සු තමන්ගේ රටේ විඳින දුකත් සැපක් ලෙස දකිනවා....


ජීවිතය සැබැවින්ම සරලයි....අපි විසින්ම ඒක සංකීර්ණ කර ගන්නවා.....

"Life is simple Indeed but we make it complex.."



(අන්තර්ජාලයේ තිබූ සටහනක් ඇසුරෙන් අදහස ගෙන අපට උචිත ලෙසට පරවර්තනය කොට සකසන ලදී)






Life is full of choices!! Have you made the correct one??

ජීවිතය තුල තෝරා ගන්න ගොඩක් දේවල් තියනවා..නමුත් ඔබ හරි දේ තෝරගෙනද?




මේ අවුරුද්දේ පලවෙනි පෝස්ට් එක නිසා සියලු දෙනාටම "සුභ නව වසරක් වේවා!"කියලා පතන්න මේක අවස්ථාවක් කරගන්නවා...

පහුගිය වසර මාව ගොඩක් දෙනා බ්ලොග් අවකාශය තුල දැන හදුනගත් වසරක් උනා...මගේ ලිපි කියවපු අදහස් දක්වපු හැමෝටම ස්තුතියි....



පහුගිය වසරේ වැඩියෙන්ම ජනප්‍රිය වුන/නොවුන මං කැමතිම ලිපි 6ක් මං පහලින් දානවා.. අතපසුවුන/කියවන්න බැරි වුන අයෙක් වේ නම් ඒ අයට කියවන්න.... 









කොස් ඇට, දොඩං හා අහවල් ඒවා..(18+ වඩාත් සුදුසුයි)





අලුත් අවුරුද්දේ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මගේ පළවෙනිම වැඩිහිටියන්ට වඩාත් සුදුසු ලිපිය දාන්න යනවා...

ඔන්න දැං ඉතිං ඔයාලා හිතන්ට පුළුවං රංග ගේ උපදෙස් මාලාව කියවලා වත් ද මං මේ ලිපිය මෙහෙම ලියන්නේ කියලා.. එහෙම්මම නෙවෙයි.. මට මේ ලිපිය ලියන්න මතක් වුණේ පහුගිය අඟහරුවාදා උදේ බස් එකේ එද්දී..

මං ගැටයා කාලේ.. ඒ කියන්නේ මීට අවුරුදු 17 කට විතර ඉස්සර.. මං ඉස්කෝලේ ගියේ, අවිස්සාවේල්ලේ ඉඳලා කොල්ලුපිට්යට. ටියුෂන් පංති ගියේ නුගේගොඩට. ඔවු.. ඔවු.. අවිස්සාවේල්ලේ ඉඳලම තමයි.. මීට කලිං ලිපියක මං සඳහන් කරපු යාලුවා එක්ක තමයි මං නුගේගොඩ පංති ගියේ හුඟක් වෙලාවට.. සමහර දාට තවත් යාලුවෝ එකතු වුණා..

දවසක් මේ යාලුවයි මායි සුනිල් මෙන්ඩිස් සර් ගේ පංතියට ගියා.. ඉන්ටර්වල් එකේදී මගේ යාලුවා උරහිසේ අමාරුවක් තියෙන කෙනෙක් වගේ අත එහාට මෙහාට කරනවා..



මොකද බං.. මං ඇහුවා..


නෑ බං උදේ එනකොට, අහවල් එකක් කරේ තියාගෙන ආවනේ..
එතකොටයි මට මතක් වුණේ.. අපි දෙන්නා ආපු සීට් එකේ යාලුවා ආවේ ජනේලෙට සම්බන්ධ නොවන පැත්තේ සීට් එකේ වාඩි වෙලා.. මං තමයි ජනේලෙ පැත්තේ වාඩි වෙලා ගියේ.. ගෑනු කෙනෙක් මගේ යාලුවා ගේ ඇඟට හේත්තුව දාගෙන ආවා මටත් මතකයි.. ඒ කාලේ බස් වල අද කාලේ බස් වලට වඩා සෙනඟ වැඩියි. කොහොමට ත් අක්කලා ඇවිත් අහවල් එක කරෙං තිබ්බාම අපට බෑ කියන්න බෑ නේ.. අපි කොයි තරම් අසරණ ද නේද?


ඒත් හිටපු ගමං අයියලා එනවා කොස් ඇටේ කරෙන් තියන්න. 
ඒක තමයි ඉවසන්නම බැරි කට්ට. ඒ වෙලාවට මං නං දෙපාරක් තුන් පාරක් සීරු මාරු වෙලා බලනවා ශේප් එකේ විසඳගන්න පුළුවන්ද කියලා.. බැරිම නං මූණටම කියනවා.. අයියේ ඔය කොස් ඇටේ පොඩ්ඩක් එහාට ගන්න කියලා.. දවසක් ඔහොම කියන්න ගිහිං අයියා කෙනෙක් මගෙත් එක්ක පොඩි කොක්ක කුත් දා ගත්තා.. මිනිහා කියනවා..
උඹලට අපි පොඩ්ඩක් ඇඟේ වැදුණොත් තමයි අමාරු.. මෙච්චර වෙලා කෙල්ලෙක් ඇඟේ ගෑවි ගෑවි ගියා.. ඔය අගේ ට හිටියේ..

ඔවු ඉතිං මං කොල්ලෙක්නේ.. කෙල්ලෙක් ඇඟේ වැදුණට අමාරුවක් නෑ.. තමුසේ මොකද කියන්නේ කියලා.. (මං දැං මෙහෙම හිටියට ඒ කාලෙ ටිකක් සැරයි හොඳේ..)

ඒ කාලෙ ඉස්කෝලෙ යනකොට මං යන්නේ අවිස්සාවේල්ල කොළඹ පරණ පාරෙන්. ඒ බස් වල සෙනඟ එකයි. ඉඳගන්න ජනේලෙ අයිනෙන් සීට් එකක් හම්බවෙන්නේ කලාතුරකින්.. අනික් දවසට ඉතිං ඔෆිස් යන අක්කා කෙනෙක් මාව අපහරණයට ලක් කරන එක සාමාන්‍ය දෙයක් වගේ.. එක්කෝ මං අහවල් එක කරේ තියං යන්න ඕන, නැත්නං දොඩං වල පහස විඳින්න ඕන. ඔන්න ඉතිං මං ගැන වැරදියට එහෙම හිතනවා නෙවෙයි.. මං ඒවට මෙහෙමයි කියලා සහයක් දීලා නෑ.. කිඹුලෙක් වගේ ඔහේ ඉන්නවා මිසක.. මොකෝ විරුද්ධ වෙලා ගුටි කන්නයෑ..

ඉතිං කොහොම හරි කාන්තාවන්ට හිරිහැර කරන්න එපා කියලා බස් වල පුවරු තිබුණට පිරිමින්ට හිරිහැර කරන්න එපා කියලා ... අඩු ගානේ පිරිමි ළමුන්ට හිරිහැර කරන්න එපා කියලා බෝඩ් එකක් තියෙනවද?
අවංකවම කියනවා නං අක්කලාගෙන් මල්ලිලා බොහෝම පරෙස්සං වෙන්ට ඕන.. උං ඉලක්ක කරන්නේ අවුරුදු 22ට විතර අඩු පුංචි මල්ලිලාව කියලා මට හිතෙන්නේ දැං අවුරුදු ගානකිං මාව අපහරණය කරන්න කවුරුවත් සැට් වුණේ නැති හින්දා..

කොස් ඇට, දොඩං සමඟින් අහවල් ඒවා
බස් එක තුළ දි අපි කර ගහගෙන ආවා
සැපතත්, දුකත් සමඟින් නෙක රස ගාවා
තෝරා දෙන්න තේරෙන්නේ නෑ මේවා..
ප.ලි.
මෙය විහිලුවක් විදිහට ලියූවද සමාජ යථාර්තයකි. එය අප හිතනවාට වඩා සමාජය වෙනස් කරණ සාධකයක් ද විය හැක..

පිංතූරෙ ගත්තේ මෙතැනින්..


හොඳ දෙක!!!


මේ සීන් කෝන් එක මගේ යාලුවෙක් මට මේ පාර ගෙදර ගිය වෙලාවේ පච ගහ ගහ ඉන්න වෙලාවේ කියපු එකක්..මෑන්ස් වැඩ කරන්නෙ බෙන්තර පාලමෙන් එහා පලාතක ඔය පුන්කලස් වලට ඈඳිච්ච පෞද්ගලික බැංකුවක...මිනිහට ඒ ජොබ්ස් එක සැට් වෙච්ච විදිහත් මරු..ඒක වෙන දවසක වෙලා තියන වෙලාවක මෑන්ස්ගෙනුත් අහලා දාන්නං කෝ! අර කජුවත්තේ අහල තිබ්බ ප්‍රශ්න වගේ එව්වට උත්තර දීලා තමා  මෑන්ව තෝරගෙන තිබුනේ!

කොහොමින් කොහොම හරි මිනිහ දැන් ඒ බැංකුවේ වැඩ...

ඒ බැංකුවේ බොසා මහ නාහෙට අහන්නෙ නැති ටිකක් සැර පරුෂ හිට්ලර් ජාතියේ ඩයල් එකක් ලු...නිවාඩු එහෙම ගන්නවට ඒ හැටි කැමති නැති එහෙම ලේසියෙන් නිවාඩු දෙන්නෙත් නැති ජාතියෙලු..ප්‍රධාන නගරෙක තියන කාර්යබහුල බැංකුවක් නිසා වැඩ එහෙම හරි වෙහෙස කරයි කියලා තමා අපේ එකා කියන්නේ!
කොහොමත් ඔව්වයෙ ඔය 365 ඩේ බෑංකින්, 24/7 Open අරව මේවා කියලා හබල් නැති අපිට නැව් ටෝක් දුන්නට වැඩ කරන උන් එපැයි වැඩ කොරන්න..නේද?රාජ්‍ය තැන් වගේ බැහැල්ලු!

Read more »

සරල බව සරල නැත – Simplicity is not a simple thing.

Simplicity is not a simple thing  [Charles Chaplin]

සරල බව සරල දෙයක් නොවයි. [ චාලි චැප්ලින්]

මේ කියමන පහුගිය දවසක මගේ නෙත ගැටුනා..ලොවක් හිනස්සපු මේ මනුස්සයා කියල තියන දේ ගැන තේරුම් ගන්න උත්සහ කරන්න.උත්සහ කරන්න කියලා මං කිව්වේ ඒක තේරුම් ගන්න එක ඒ තරම් ලේසි වෙන එකක් නැති නිසා..

අද ඉන්න ජෝකර්ලා එක්ක බලද්දි ඒ  කාලේ වචනයක් වත් කතා නොකර හාස්‍යය නැමැති  පැනි රස සීනි බෝල කවරින් එකක් ඇතුලේ මේ මනුස්සය දාල දීපු තිත්ත ඇත්ත (පණිවිඩය ) හා මේ මනුස්සය රංගනය තුලින් කල  විප්ලවය ගැන චාලි චැප්ලින් චිත්‍රපට බලලා තියන අයට අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑ!(නැති අය ඉන්නවනම් බලන්න..සැබැවින්ම වටිනවා..)මොහුගේ රංග ප්‍රකාශනයන් ගැන චූලානන්ද සමරනායක මහතා විසින් සිංහලෙන් රචිත පොතකුත් තියනවා..

මේ කියමන එක්ක මගේ හිතට ආපු මං කියවල තියන සමහර විට ඔබත් කියවලා/අහලා ඇති කතාවක් මගේ මතකයට ආවා..
Read more »

අපි නොදන්න බජට්!



1 + 1  එකට එකතු කලාම තුනයි කියල,
1 + 1 දෙකයි,කොහෙද යකෝ තුන කියල අපෙන් අහන..
බෝල කතිර ඉරි කොටු අකුරු ඉලක්කම් සුත්‍ර විජ්ජාවෙන්
අපි අන්දලා ,
ආදරයෙන් අපෙ කටට දාන,
හපලත් බැරි..
නොහපා ගිලින්නත් බැරි,
අපි නොදන්න බුල්ටො ටොපිය!



සිරා කරපු මගේ ලව් එක:කෙථි කතාව


අද පෝය දවස..
කාමරේ ලයිට් නිවල තිබ්බට ඒ වගේම එලියකින් කාමරේ පිරිලා..
ම‍ං ආස නෑ එලියට..මට ඕන කළුවර..
එහෙම හිතලා පැත්තකින් තිබ්බ කොට්ටෙ අරං මූන වහගත්තා..

හ්ම්ම්ම්...
රංගි එක්ක එක දිගට රණ්ඩු වුන කීවෙනි දවසද මේ කියල මං කල්පනා කරන්න පටන් ගත්තා..
අදත් සුපුරුදු පරිදි අපි කතා කලා...රණ්ඩු උනා..
මට පුලුවන් උපරිමයෙන් මං එයාට ආදරේ කලා..අදටත් කරනවා..හැබැයි එයා කවදාවත් ම‍ං කරන කිසිම දෙයක හොඳක් දැක්කේ නෑ..ම‍ං කරන හැම දේම වැරදි..
එයා ගැන හිතුවත් වැරදි..නොහිතුවත් වැරදි!
Read more »

විවාද ආතල්:අන්තිම ගහත් හිඳූන දවසට අන්තිම ඟඟත් කැපුනු දවසට


මේ සීන් කෝන් එකත් ම‍ම විවාද කණ්ඩායමට සම්බන්ධ වෙච්ච මුල් දවස් වල හරි වෙන්න කලින් හරි වෙච්ච දෙයක්.ඒ දවස් වල ඉතින් ඔය සිංහල සාහිත්‍ය දින ආවම පංති මට්ටමින් විවාද තරඟ එහෙම පැවැත්වෙනව එක කොහෙත් වෙන දෙයක් නේ!
 ඔය විදිහට පැවැත්වෙන විවාද තරඟ ඒ තරම් ප්‍රොෆෙෂනල් විදිහට තියන්නේ නැති නිසා ගොඩක් වෙලාවට කෙරෙන්නේ විවාදෙ පැත්තක තියලා දෙපැත්ත බෙදිලා කියුම් කියා ගන්න එක!
පොඩි දවස් නිසාත් බුද්ධියෙන් තර්ක කරන්න ඒ හැටි අවබෝධයක් නැති නිසාත් එකෙක්ට වචනයක් වරදිනක‍‍ං ඉන්නේ අනිත් පැත්තේ උන් ඕක අල්ලන් කෑ ගහන්න...හරියට අපේ පාර්ලිමේන්තුව වගේ..(පහල වීඩි‍යෝ එක බලන්න කෝ)

Read more »

වැර්ලස් මතකයන්: අක්කගේ ලයිට් හවුස්!



හුගිය සතියේ කතා බස් වැඩසටහනට සහභාගිවුන මං ඒ වෑරලස් එහෙක කතාකරපු තුන් වෙනි වතාව!
පලවෙනිපාර මං ගොඩක් පුංචි කාලේ ජාතික ගුවන් විදුලියේ වැඩසටහනකට දහම් පාසලෙන් එක්ක ගියා ලාවට වගේ මතකයි!හැබැයි ඒ හැටි තේරුමක් තිබුනේ නෑ!
දෙවෙනි පාරට ගියා මං 12 වසරේ ඉන්නකොට මං හිතන්නේ!
එහෙම ගිහින් වෙච්ච රසබර සිද්දියක මතකයන් දිග අරින්න තම දැන් හදන්නේ :)

Read more »

සාබිත් සමග කතා බස්…


බ්ලොග් කලාව තුල සාබිත් කියන්නේ මහා ලොකු චරිතයක් නෙවෙයි..
බ්ලොග් ලෝකේ පතාක යෝධයෙක් වත්,
සිංහල බ්ලොග් කලාවේ උන්නතිය උදෙසා ලියනවා ඇරෙන්න වෙන මොනවත් මහා ලොකුවට කරපු කෙනෙකුත් නෙවෙයි!
දවසගානේ පෝස්ට් දාන කෙනෙක් වත් ඉලක්කම් හතර පහක හිට්ස් තියන කෙනෙක්වත්
පෝස්ට් එකක් ලිව්වම වැල වගේ කොමෙන්ට්ස් දාන්න කට්ටිය ඉන්න කෙනෙකුත් නෙවෙයි!
අද වෙනකොට මං ලියල තියෙන්නේ ලිපි 27යි..
මේ අවුරුද්දයි මාස තුනටම!
ඔව් මාස 15ටම...
එහෙව් මට ආරධනාවක් ලැබෙනවා බස් රේඩියෝවෙන් රේඩියෝ වැඩසටහනකට!


කතා බස් 10වෙනි පියවරට!

ඒ ආරාධනය ඔස්සේ මට තේරුම් යනවා මාත් බ්ලොග් අවකාශයේ "කවුරුහරි"කියල!
අනපේක්ශිත ආරාධනයට බස් රේඩියෝවට ස්තුති කරන ගමන්ම,
වැඩසටහන අහලා අදහස් දක්වපු හැමෝටමත්  ස්තුතිවන්ත වෙනවා...
මට කියන්න තියනදේ මට හිතෙන දේ අහන්න ඔබට මගහැරුණා නම් පහත පටිගත කල වැඩසටහන හරහා එය රසවිඳින්න පුළුවන්

http://blog.buzzradio.lk/2011/11/buzz_05.html

ඒ වගේම මගේ හොඳම යාලුවෙක් අලුත් බ්ලොග් එකක් එක්ක සිංහල බ්ලොග් අවකාශයට අද එයාගේ පැමිනීම සනිටුහන් කලා..ඔහුගේ අඩවියට යන්න පුලුවන් මෙතනින්.

ස්තුතියි!


සැමියාට ඕන උන ප්‍රසව වේදනාව!


මං ඉගෙන ගන්න දේවල් එක්ක මේ කියන්න යන කතාව සදාචාරසම්පන්නද මන්ද!හැබැයි අපේ වෙහෙස නිවෙන්නත් එක්ක අපේ ගුරුවරු කියන විහිලු කතා බොහෝ විට වෛද්්ය විද්්යාවට සම්බන්දයි!ඒ නිසාම බෙදාගන්න හිතුවා ඔයාල එක්ක!

හැබැයි අම්ම කෙනෙක් විඳින දුක අබමල් රේනුවක් තරම් වත් හැල්ලුවට ලක්කරන්න හොඳ නෑ!ඒ උතුම් වේදනාව තමයිලු මනුෂ්්ය වර්ගයා(මිනිසෙක්) ට විඳින්න පුලුවන් සහ විඳින උපරිම වේදනාව!   ඒක සමානයි කියල කියන්නේ අස්ථි කීයක්ද මන්ද කුඩු වෙන වේදනාවට කියල මං අහල තියනවා! මහවෙදනා මහවෙදනා ගෙන් හරි අනිත් කොන අනිත් කොන ලියන අපේ ඩොකා අක්කගෙන් හරි ඇහුවොත් හරියටම කියයි!

අටුවා ටිකා වලින් පස්සේ ඔන්න කතාව....

ඔන්න එක ජෝඩුවක් හිටියලු එකිනෙකාට බොහොම ආදරයෙන්!ඒ ආදරය කොච්චරද කියනවනම් කියන්න වචන නැල්ලු!හික්ස්!
මේ දෙන්න දුක සැප එකට බෙදාගෙන බොහොම සන්තෝශයෙන් ප්‍රේමයෙන් වෙලිලා එතිලා ලස්සනට ජීවත් වෙමින් ඉන්නකොට අර බිරිඳ ගැබ් ගත්තලු!
ඉතින් ඔහොම කාලෙ ගතවෙලා ළමයා හම්බවෙන්න කිට්ටු වෙලා මේ බිරිඳට ප්‍රසව වේදනාව දැනෙන්න ගත්තලු!
ඉතින් පලවෙනි ලමයා නිසාත් තියන බය නිසාත් ඉක්මනට ඉස්පිරිතාලෙකට අරන් ගියාලු!ගිහින් ඇඩ්මිට් කරල ඉතින් බලන් ඉන්නවලු..වයිෆ් ප්‍රසව වේදනාවෙන් කැ ගහනව බලන් ඉන්නම බෑලු මැන්ස්ට..

Read more »