කිසිදා හිරු එළිය නුදුටු අමුතු සතුන්! වෙනත් ග‍්‍රහ ලොවකින් ආ අය වගෙයි!

ඇත්තෙන්ම මොවුන් මෙතෙක් අපට දැක ගන්න ලැබුනෙ නැති අමුතුම සතුන් විශේෂයක්. හරියට අලෝක වර්ෂ ගණනක් ඈතින් පිහිටි ලෝකයකින් ආ අය වගෙයි. ඒත් ඔවුන් මෙසේ කැමරාවට නගා ඇත්තේ අපේ මේ පොළොවේ ඉතා ගැඹුරු සාගර පතුලේදියි. ඔවුන්ගේ පෙනුම හරියට බිහිසුණු සත්වයන් වගෙයි. ඔවුන් කිසිදාක ඉර එළිය දැකලා නෑ. පොළොවෙ ඇති ගැඹුරුම සාගර පත්ලවලයි, මොවුන් ජීවත්වෙන්නෙ.

මේ විස්මිත අලූත්ම පින්තූර පොලිකියේටයන් Polychaetes හෙවත් පත්තෑපණුවන්ගේ. ඔවුන්ගේ සිරුරු පරිණාමය වෙලා තියෙන්නෙ සාගර මතුපිට සිට මීටර 1000කට වැඩි ගැඹුරට යන විට මුහුණ දීමට සිදු වන දරුණු පීඩන තත්වයන්ට ඔරොත්තු දෙන ආකාරයටයි. ඒ තරම් ගැඹුරට හිරු එළියවත් විනිවිද යන්නේ නැහැ.

මේ කලාපයේ දී කෙරෙන සොයා ගැනීම් අපට සමහර විට උපකාර වේවි වෙනත් ග‍්‍රහ ලෝකවල පවත්නා සත්ව ජීවිත ගැන යම් අවබෝධයක් ලබා ගන්න.

 
මේ පත්තෑ පණුවන් අපේ ග‍්‍රහයා තුළ ඇති ඉතාම දරුණු පරිසර තත්වයන්ට ඔරොත්තු දෙන ආකරයටයි හැඩ ගැසී ඇත්තේ.


 
ගැඹුරු මුහුදු පත්ලවල තත්වයන් බොහෝ විට පෘථිවියෙන් බැහැර අභ්‍යවකාශයේ තත්වයන්ට සමාන විය හැකියි.

අති විශාලනය කළ මේ රූපවලින් පෙනෙන ඔවුන්ගේ කටවල් නොපිට පෙරළිය හැකියි. ඒ ඔවුන්ගේ ගොදුරු අල්ලා ගැනීමට පහසු වෙන විදියටයි. ඒ බව ගැඹුරු සාගර පත්ල ගැන පර්යේෂණය කරන්නන් නිකුත් කළ මේ ඡුායාරුපවලින් පැහැදිලි වෙනවා.

මේ සතුන් හරිම කුඩායි. දිගින් සෙන්ටිමීටර් දෙක තුනකට වඩා නැහැ. ඔවුන් අයත් වන පරිසර පද්ධතිය ගැන මීට අවුරුදු 40කට පෙර, අප යම්තමින්වත් දැන සිටියේ නැහැ.

ඒත් 70 දශකයෙන් පසු සිදු වූ තාක්ෂණයේ දියුණුව නිසයි, අපට අද හැකියාව ලැබිල තියෙන්නෙ, අප මෙතෙක් නොගිය, නුදුටු, ගැඹුරු සාගර පත්ල ගවේෂණය කරමින් එහි වෙසෙන ජීවීන් පිළිබඳව සොයන්නට. ඒ වගේම විද්‍යාඥයන්ටත් දැන් අවස්ථාව ලැබිල තියෙනව ඔවුන් මෙතෙක් දැරූ අදහස් ගැන යළි විමසා බලන්නට.

දැන් ඒ ප‍්‍රදේශ මෙතෙක් සිතා සිටි ආකාරයට ‘ශූෂ්ක මුඩුබිම්’ නොව ජලතාප වා සිදුරු මත හා ඒවා අවට විවිධත්වයෙන් යුතු ජීවීන් වෙසෙන බව ඔවුන් දැන් සොයා ගෙන තියෙනවා.

දුමාර විවරයන් ලෙස හැඳින්වෙන මෙම ජලතාප වා සිදුරු සාගර පත්ලේ, සාමාන්‍යයෙන් භූකම්පන කලාප, යමහල් ආදිය අවට හා භූකාරක තැටිවල දාර අද්දරයි, මේ අමුතු සතුන් ජීවත් වන්නේ. මේ ජලතාප වා සිදුරුවලින් නිකුත් වන රත් වූ වාතය නිසා අවට ජලය අධික ලෙස රත්වීමත් ඒ ජලයට මුසු වී ඇති විවිධ රසායනිකත් නිසා මේ පත්තෑපණුවන් වැනි සතුන්ට ජීවත්වීමට සුදුසු පරිසරයක් සැකසිලා තියෙනවා.

මේ හා සමාන ජලතාප වා සිදුරු බ‍්‍රහස්පතීගේ චන්ද්‍රයකු වූ යුරෝපාවල දක්නට නැතැයි විශ්වාස කරන විද්‍යාඥයන් මෙවැනි ඒවා බොහෝ කලට පෙර අඟහරු ග‍්‍රහයා මත පවතින්නට ඇතැයි අනුමාන කරනවා.

 
බියකරුයි: මේ පත්තෑපණුවන්ට ගොදුරු පහසුවෙන් අල්ලා ගැනීමට ඔවුන්ගේ මුඛය නොපිට පෙරළිය හැකියි. මේ සතුන් හිරු එළියෙන් ලැබෙන ශක්තිය නොමැතිව මේ පරිසරවල ජීවත්වන ආකාරය විමසා බැලීමෙන් විද්‍යාඥයන්ට වෙනත් ග‍්‍රහලෝකවල සත්ව ජීවිත පැවතිය හැකි ආකාරයන් ගැන උගත හැකියි.

 
සමහර විට ගැඹුරු සාගර පත්ලේ තවත් ගැඹුරට ගවේශනය කරන විට මීටත් වඩා අසාමාන්‍ය දේ සොයා ගත හැකි වේවි.

පත්තෑපණුවන් ජලතාප වා සිදුරු අවට බඩගාමින් ඔවුන්ගේ බියකරු සේ පෙනෙන දත්වලින් ඒ අවට රත් වූ රසායනික මුසු ජලයේ වෙසෙන බැක්ටීරියා හා වෙනත් සරල ජීවීන් ආහාරයට ගන්නවා.

ජලතාප වා සිදුරු අවට සත්ව ප‍්‍රජාවට ශක්තිය ලැබෙන්නේ එතරම් ගැඹුරට හිරු එළිය නො යන නිසා ප‍්‍රභාසංස්ලේශනයෙන් නොව එහි මුසු වී ඇති රසායනවලින්.

මෙය අරුම පුදුම සබඳතාවක් ගොඩ නැඟුමකට මග පාදනවා. පත්තෑපණුවන් සහජීවී බැක්ටීරියාවක සත්කාරකයා බවට පත් වෙමින් ඔවුන්ගෙන්ම තමන්ගේ පෝෂණයත් සරිකර ගන්නවා.

සමහර විද්‍යාඥයන් විශ්වාස කරන්නේ ඔවුන් මේ බැක්ටීරියාවලට වැවෙන්නට ඉඩ හරින බවයි.

මේ සාගර ගවේෂණයට මුල් වූ ඉල්ෆේ‍්‍රමර්හී ප‍්‍රංශ පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක ඩෙබ්රූයෙරේ මවිත වෙනවා මේ තරම් දරුණු පරිසරයක ජීවත්වීමට මොවුන්ට හැකියාව තිබීම ගැන. ඔහු කියන්නේ, ”මෑතදී සොයා ගත් ජලතාප වා සිදුරු නිසා සමස්ත සාගර ජීවීන් පිළිබඳ මෙතෙක් අප දැරූ මත මුලූමනින් ම වෙනස් වුණා.” කියායි.

”ගැඹුරු මුහුදේ සත්ව ලෝකය පෘථිවියේ ඉතාමත් විවිධ ජීවන පරිසරයක් ඇති තැනක් බව දැන් අපට පැහැදිලියි. ඒත් මේ පිළිබඳව අපට ඇති දැනුම තවමත් අල්පයි” ඔහු වැඩිදුරටත් කියනවා.

 
මේ සතුන්ට මුහුදු පත්ලේ ඇති අධිකතර ශීතල ජලයේ මෙන් ම යමහල් විවර අසල අධික ලෙස රත් වූ ජලයේත් ජීවත් විය හැකියි.මේ සමීප රූපවලින් පෙනෙනවා පත්තෑ පණුවන් වෙනස් ආකාරයෙන් පරිණාමය වී ඇති බව

ඔහොම තමයි දුවේ ඔය කාලෙට…………………….!! (18 + කස්ටියට පමණක් නම් ඉතා සුදුසුයි…..!)



පුක කියන්නෙ කුණු හරුපයක් නෙමෙයි කියලා මේ බ්ලොග් අවකාශේ ඉන්න කීයක් දෙනා දැන් ඔප්පු කරලා තියනවද?

මාරයා!
දුමී අයියා! කතා දෙකක්ම
කතන්දර!

ඉහත නම් උඩින් ක්ලික් කරා නම් එයාලගෙ කතා බැලුව හැකි!

එහෙව් එකේ යකෝ මාධවත් ලෑස්ති මේ පුකට අදාල කතන්දර දෙක තුනක් කීල දාන්න! ඒ කිව්වේ ලියල දාන්න! අහපල්ලකෝ!

ඔබේ දැනුමට - පුක යනු  තමාගේම පස්ස පැත්තට සමාජයේ නිතරම භාවිත වන වචනය වේ! පුංචි කාලේ නම් කක්කා පුච්ච යනුවෙන්ද ආමන්ත්‍රණය කරයි!

මේකයි සිද්ධිය!

ඔන්න ගෙදරක හිටියලු දුවෙක්! ඒ දුවට යාලුවෝ 3ක් හිටියලු! උංගෙ නම් මෙහෙමයි! එකෙක් කනේ මයිල්! අනිකා අතේ මයිල්! ඉතිරි එකා පුකේ මයිල්! ඔන්න ඉතිං දවසක් මේ කෙල්ල තමන්ගෙ මේ යාලු පොරවල් තුන්දෙනාටම ගෙදර කෑමකට ආරාධනා කලාලු!!
ඉකිං ඉස්සෙල්ලම ගෙදරට ආවේ  “කනේ මයිල්!“ හා “අතේ මයිල්!“ විතරයි. ඉතිං පුකේ මයිල් තාම නෑ! බසුත් ස්ට්‍රයික් නිසා පරක්කු ඇති! කොහොම හරි බලන් ඉදපු කෙල්ල ටික වෙලාවකින් ඇති වෙලාද මංදා අම්මට කෑ ගහල කියනවලු මෙන්න මෙහෙම!

“ අම්මේ තාම පුකේ මයිල් ආවේ නෑනේ! “

අම්මා උත්තර දෙනවලු මෙහෙම......

“ ටිකක් ඉවසලා ඉදින් දුවේ. උඹ තව ටිකක් ලොකු වෙද්දි එයි  “

කෙල්ලට මතක් උන ඒවා කියන්න ඕනි නෑනේ! ඒත් ඉතිං කෙල්ල කට පියාන ඉන්න ගමන් මග බලනවලු අර අනික් යාලුවා, ඒ කියන්නේ පුකේ මයිල් එනවද කියලා! ටික වෙලාවකින් බලද්දි ඈතින් පොර එනවලු! එතකොට කෙල්ල සතුට වැඩි කමට කෑ ගහලා කියනවලු මෙන්න මෙහෙම!

“  අම්මේ මෙන්න පුකේ මයිල් එනෝ! “

එතකොට ඒ පාර අම්මා උත්තර දෙනවලු මෙන්න මෙහෙම.......

“ ඔහොම තමයි දුවේ ඔය කාලෙට.............. “

සැමරුම…….





මහද කෙම්බිම මැදම නිම්නෙක
ගැලූ ජීවන ගඟුල අභියස
කෙදින කවදා පාව විත් නුඹ
රැඳුනිදැයි නොම දනිමි තව මම...

එමතු හද පටකයන් අතරින
හෙමි හෙමින් මුල් රිකිළි ඇද ඇද
දින දිනම තිර ලෙසින් හද බිම
වැඩුණු හැටි නුඹ හොඳින් මතකය...

පිරුණු පිවිතුරු හැඟුම් ''ප්‍රේමය''
නමින් අබිසෙස් දෙමින් දිවි ගඟ
යළිඳු නොහැරෙන ලෙසින් නුඹ වෙත
බැඳුනෙ කෙදිනද නිනව් නැත මට...

නමුදු නුඹ හදවතින් පිබිදුන
සොඳුරු ආදර කුසුම සෙනෙහෙන
මගේ දෝතට නෙළා දුන් ඒ
දිනය අමතක නොවේ.... ඒ අද...!!

එකල හද මල තුටින් ඉපිළින
සතුටු කඳුලින් දෙඇස දිළිසෙන..
විටදි තව තව මවෙත තුරුලුව
නුඹ ද හද බිම පුරා විහිදින...

නැඟුණු මුත් උණු කඳුලු ඉඳහිට
සිනා මිස ඒ කඳුලු කම් නැත
ආදරෙන් ඉතිරෙන උදම් වන
මතකයට පමණෙකි හදේ ඉඩ...

''සෙවිමි ගඟුලක් පිරුණු සෙනෙහස..
නුඹය ඒ සිහිලැල් නදී තෙර...
ඉඳින් නුඹ නැති හෙටක් මට නැත...''
මිමිණු නුඹේ හඬ ඇසේ තව මට...

නමුදු නොමසිතු නොවිරූ දිනයෙක
සිනා බිඳිමින කඳුලු මතු විය..
''අපට අප හිමි නැතිය..දෙමගක
වෙන්ව යමු..''.....ඒ නුඹේ හඬමද....???

හැපී හැපී ගං තෙරෙහි නුඹ ලඟ
නඟා රැළි හඬ-හඬා වැළපිණ
එමතු සුවිසල් රුකක් වූ නුඹ
බිඳක් මුදු කඳුලෙකින් නොසැලින...

ඉතින් නික්මෙන රිසින් මහදින
මුදන්නට කා වැදුනු මුල් රැස..
සැරෙන් වැරයෙන් අදින කල නුඹ..
මහද සහසක් කඩට වෙන් විය..

තවත් අහුලාගන්න සරිලන
බිඳක් වත් එහි නොමැත ඉතිරිව..
නුඹේ සෙවණින් තොරව වියලුන
ගඟෙත් අද බිම් ලකුණු පමණය..

නමුදු තවමත් පැරණි ඉවුරක..
හෙමින් වැළපෙන මදනලක් ඇත
ඇසූනු මොහොතක බිඳක් නුඹේ හඬ..
සිනාවක් දිදුලයි ඇගේ නෙත....!!!!


෴මංචි෴
2012.02.22

(වෙන කොහෙදි හරි වෙනත් නමකින් මේ කවිය කියවලා තියෙනවනම් ඔන්න..ඒත් වෙන කවුරුවත් නෙවෙයි ඒ මංචිම තමයි හොඳේ....)


- අන්තර්ජාලයේ ඡායාරූපකරණ පන්තිය : camerasim -


වෘත්තියමට්ටමේ කැමරාවකින් ඡායාරූපයක් ලබාගැනීම ආධුනිකයෙක්ට නම් තරමක් අසීරු කාරණාවක්.ස්වයංක්‍රීය සැකසුම් වල උදව්වෙන් ඡායාරූප ලබාගත හැකි වුවත් කැමරාවේ ඇති සැකසුම්පිළිබඳ හරි අවබෝධයක් නොමැතිව හොඳ, ගුණාත්මකඡායාරූපයක් ලබා ගන්නට බැහැ. ඉතින් මේ වගේ වෘත්තිය කැමරාවකින් වැඩ ගන්න හැටිඉගෙනගන්න නම් අපිට ඡායාරූපකරණ පාඨමාලාවක් හදාරන්න වෙනවා. ඒ වෙනුවෙන් මුදල් හා කාලයවියදම් කරන්න බැරි, ඒත් ඡායාරූපකරණය ගැන උනන්දුවක් තියෙන හැමෝමවෙනුවෙන් ලබාදෙන විශිෂ්ඨ සේවාවක් ගැන තමයි මේ කියන්නේ. එහෙනම් අපි යමු අපේඅන්තර්ජාල ඡායාරූපකරණ පන්තියට...
ඉතුරු ටිකත් කියවන්න...

DIY : Circuit අත් පලදානාවක්.

ඔන්න The Namal Dictionary එක හැදුවට පස්සෙ ලොකු ගේමක් දීල වෙනස්ම විදියෙ පොඩි නිර්මාණයක් කලා. මේක ලස්සනට පලදින්න පුලුවන්. අපතෙ යන දේවලින් තමා නිර්මාණය කලේ. පින්තූර ටික දැකකම කට්ටියට පැහැදිලි ඇතිනේ මොකක්ද කියල. මේ නිර්මාණය හින්ද කැමප්ස් එකේ කොල්ලො සර්කිට් කියලත් කාඩ් එකක් දැම්ම. ඒ වගේම සමාජයේ ප්‍රතිචාරත් හොදයි, මොකද මේ වගේ අත් පලදනාවක් හදාගත්තොත් මිසක් කඩේ ගන්න නෑ නේ.




හොදයි හදාගන්න ආස අයට පොඩි හෙල්ප් එකකුත් දෙන්නම්කො.
අවශ්‍ය උපාංග, බවුත් එකක්, ඊයම් සකර් එකක්, සර්කිට් බෝඩ් ග්‍රිල් එකක්, වයර් අඩියක් පමන, ඊයම් වයර්, පීරක්, තව හොඳ සර්කිට් බෝඩ් එකක්. මම නම් මේකට භාවිතා කලේ පරිගනක පවර් සප්ලයි එකක සර්කිට් බෝඩ් එක.




පහල රූපයේ කපාගත් කොටස් වල පින්තූර ටික පේනව. කොටස් කපාගන්න කලින් සර්කිට් බොඩ් එකේ උපරිම ලෙස කොටස් ගන්න පුලුවන් ලෙස සැලසුම් කරගන්න. ලොකු උපාංග තියේනම් ඒව ඉවත් කරලත් බලන්න. කපාගත් කොටස් වල සයිස් පහත රූපයේම තියෙනව. තමාගෙ අතේ වටප් ප්‍රමානය අනුව කොටස් ගනන සකසාගන්න. මම  හදපු එකේනම් කොටස් හයයි තියෙන්නෙ. වටප් ප්‍රමානය ගන්න වයර් එකම බාවිතා කරන්න. යම් තරමක හිඩසක් පවතින ලෙස එම වයර් එකේ දිගට කොටස් ටික තියල පාස්සගන්න කලින් බලන්න.



කොටස් අමුනන වයර් කැබැල්ලක දිග 1.2 cm පමණ හොඳයි. වයර් සිදුරු වලට දමා පාස්සද්දි කම්බි පමණ නොව වයර් එකේ රබර් කොටසත් එක්කම පාස්සගන්න නැතිනම් වයර් එක ඉක්මනට කැඩෙන්න ඉඩ තියෙනව. පාස්සන වයර් සඳහා පුලුවන් නම් නෙට්වර්ක් කේබල් කෑබැල්ලක් හොයාගන්න පුලුවන්නම් හොඳයි. මොකද කල් පැවැත්ම වැඩියි නෙ. අතේ පැලදගන්න පහසු වෙන්න රූපයේ පරිදි කෙලවර කොටසට ලොකු සිදුරු දෙකක් තබන්න. අනිත් කෙලවරේ යම් තරමක් දිග වයර් කැබැලි දෙකක් ඉතුරු කරන්න. කපාගත් කොටස් වල මුලු පීරකින් අතුල්ලා රවුම් කරගන්න. ඒ වගේම ඊයම් තබා පාස්සගන්න ක්ලින් ඊයම් තබන ලද කොටස් වල කම්බි අඬුවකින් කපා පීරකින් අතුල්ලා සුමට කරගන්න.
පහත රූපයේ දැක්වෙන්නේ එලෙස ඉවත් කල යුතු කම්බි කොටස් සහිත යටි පැත්තයි.



කොටස් වල සිදුරු හදාගන්න ග්‍රිල් එකක් නැතිනම් කුඩා ඇණයක් යොදාගන්නත් පුලුවන්. හැබැයි ටිකක් මහන්සි වෙන වැඩක් ඒක.





හොඳයි එහෙනම් හදාගන්න කට්ටියට යාළුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර එහෙම කමෙන්ට් කරන්නකෝ.

සොලොස් වන කොටස



සතර පෙර නිමිති කථා.
කාලය ගතවිමෙන් පසු රියැදුරාට කථා කොට යහලු රියැදුර,හොද හොද යනාවන් පිළියෙළ කරව. උයන දැකිම සදහා උයනට යන්නෙමු" කීය. රියැදුරා යානාවන් පිළියෙළ කොට කුමාරට දැන්විය. ඒකල්හි කුමාර තෙමේ හොද යානාවකට නැග හොද හොද යනාවලින් උයන් බිමට පැමිණියේය.

   මහල්ලා
උයන් බිමට යන්නාවු කුමාර තෙමේ ජරාවට ගියාවු ගොනැස්සක් (වකුටු පරාලය) මෙන් නැමුණාවු මැදීන් බිදිනාවු සැරයටික් පිහිට කොට ඇත්තාවු වෙව්ලමින් යන්නාවු ලෙඩ සහිතවු තරුණකම ගතවු පුරුෂයකු දැක්කේය ,දැක රියැදුරාට කථා කෙළේය. යහළු රියැදුර, මේ පුරුෂ තෙමේ කුමක් කරන ලද්දේද, ඔහුගේ කෙස්ද අන්යයන්ගේ මෙන් නොවෙත්. ඔහුගේ කයද අන් පුරුෂයන්ගේ කය මෙන් නොවෙ, කීයේය.දෙවයන් වහන්ස, මේතමේ ජරාවට පැමිණ පැමිණි පුරුෂයෙක්යයි, කියේය. කිමෙක්ද යහළු රියැදුර මේ තෙමේ ජරාවට ගිය පුරුෂයෙක්දැයි ඇසිය. දේවයන් වහන්ස, එසේය,මේ තෙමේ ජරාවට ගිය කෙනෙක් නම් වේ. දැන් ඔහු වැඩි කලක් ජවත් නොවන්නේයි කිය.යහළු සාරථිය කිමෙක්ද මමත් ජරාව ස්වභාව කොට ඇත්තෙම්?මා විසින් ජරාව නොඉක්ම වන ලද්දිදැයි ඇසිය.දේවයන් වහන්ස, නුඹ වහන්සද අපිද යන සියල්ලෝම ජරාව ස්වභාව කොට ඇත්තෝ වෙමු. අප විසින් ජරාව නෙඉක්මවන ලද්දියයි , කියේය. එහෙනම අද උයන් ක්‍රීඩාවට යාමෙන් කමක් නැත. දැන්ම ආපසු හැරි ඇතළු නුවරට රථය ගෙන යවයි කිය.

මහණෙනි රියැදුරු තෙමේ එතනින්ම ඇතළු නුවරට ආපසු ගියේය. මහණෙනි ,එසේ ඇතුළු නුවරට පැමිණියාවු කුමාර තෙමේ දුක් සහිත වුයේ නොසතුටු සිත් ඇත්තේ කලකිරුණු සිත් ඇතිව මෙසේ සිතයි කෙසේද? *පින්වතුනි ඉපදිමට නින්දා වේවා යම් තැනක උපන්නහුගේ ජරාව පෙනේයය කියායි." .එකල සුදොවුම් රජ රියැදුරාට කථා කොට මෙසේ කිය. "රියැදුර, කිමෙක්ද කුමාරයා උයනෙහි ඇලී වසය කෙළේද, කිමෙක්ද රියැදුර, කුමාරයා උයනනෙහි සතුටු සිත් ඇතිව වසය කෙළේද?" කියායි. රියැදුරා සිද්ධවූ දේ රජුට දැන්විය.

එකල සුදොවුම් රජහට මේ අදහස ඇතිවිය. "කුමාරයා රාජ්‍ය කරන්නෙක්ම වේවා. කුමාරයා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වන්නෙක් නොවේවා. නිමිති දත් බ්‍රහ්මණයන්ගේ වචනය සත්‍ය නොවේවායි" කියායි. .එවිට බන්ධුම රජ බොහෝසෙයින්ම කුමාරයාට පඤ්චකාම සමිපත් ගෙන දින්නේය. එකල්හි විපස්සී කුමාරයා පස්ක්ම් සැපයෙන්යුක්තවුයේ එයින් ඉන්ද්‍රීයයන් පිනවමින් වාසය කරයි.

ලෙඩා
එවිට කුමාරයා කලක් ඇවෑමෙන් රථචාර්යයාට කථාකර මෙසේ කීයේය. "යහලුව, සරාථිය,යහපත් යහපත් යනාවන් යොදව. උයන දැකිමට උයන් බිමට යන්නෙමියි* කියේය. "දේවයන් වහන්ස, එසෙය" යයි සාරථී කුමාරයාට උත්තර දි යහපත් යනාවන් යොදවා කුමාරයාට දැන්විය. .එවිට කුමාරයා යහපත් යනාවකට නැගි යහපත් යහපත් යානාවලින් උයනට ගියේය.

මහණෙනි කුමාරු උද්යානයට යන අතර ලෙඩ ඇත්තාවු දුක් ඇත්තාවු දැඩිසේ ලෙඩවු තමාගේ මළ මුත්‍රයෙහි සයනය කරන්නාවු අනුන් විසින් නැගිටවනු ලබන්නාවු අනුන් විසින් සයනය කරවනු ලබන්නාවු අනුන් කවනු පොවනු ලබන්නාවු පුරුෂයෙකු දිටුවේය. දැක සාරථියාගෙන් මෙසේ ඇසුවේය. "යහලුව,සාරථිය, මේ පුරුෂයා කුමක් කරන ලද්දේද? ඔහුගේ ඇස් අනුන්ගේ ඇස් මෙන් නොවේ, "දේවයන් වහන්ස, මොහු ලෙඩ වුවෙක්" යයි කියේය. "කිමෙක්ද? සාරථිය,මොහු ලෙඩ වුවෙක්" දැයි ඇසුවේය.

"දේවයන් වහන්ස, මෙහු ලෙඩ වුවෙකැයි" කීවේය."ඒ රෝගයෙන් මිදෙන්නේ නම් ඉතා හොඳයයි" කීයේය."කිමෙක්ද? යහලු රියැදිර,මමත් ලෙඩවන සවභා ඇත්තෙක් වම්ද? ලෙඩ වන සවභාව නැති නොකළ කෙනෙක් වෙම්දැයි" ඇසුචේය."දේවයන් වහන්ස, ඔබ වහන්සේද අපිද යන සියල්ලෝම ලෙඩ වන ස්වභාව ඇත්තෝවමු. ලෙඩ වන ස්වභාව නොඉක්මවූවෝ වමු".

"යහලුව සාරථීය, එහෙනම් දැන් උයනට යාමෙන් කම් නැත. මෙතැනින්ම ඇතුළු නුවරට ආපසු රථය ගෙනයවයි" කීයේය."එකල කුමාරයා ඇතුළු නුවරට ගියේ දුකින්,නොසතටු සිතින් නොයෙක් ආකාරයෙන් පසුතැවිලි සිතිවිලි සිතයි.මහණෙනි "යම් තැනක උපන් අයගේ දිරීම පෙනෙන්නේද ලෙඩ පෙනෙන්නේද ඉපදීමට නින්දා වේවා"යි කියායි. මහණෙනි එවිට සුදොවුම් රජ ඉහත මෙන් රියදිරා ගෙන් කුමාරයාගේ ගමන ගැන ඇසුවේය. රියැදුරා රජුට සිද්ධවු දේ කීයේය. එකල සුදොවුම් රජහට ඉහතදී මෙන් අදහස ඇතිවී කුමාරයා පස්කම් සැපයෙන් යුක්ත වුයේ ඉන්ද්‍රීයයන් පිනවමින් වාසය කිරිමට සැලැස්විය.

මළ මිනිය
එවිට කුමාරයාකලකට පසු වු කල රථාචාර්‍යයා සමග යානාවලින් උයන දෙසට ගියේය. කුමාරයා උයනට යන කල නොයෙක් රත්න වලින් හා රෙදිවලින් සිවිගෙයක් සාදන්නා වු මිනිසුන් බොහෝ සමුහයක් දිටුවේය. දැක රියදිරාගෙන් මෙසේ ඇසුවේය. "යහලුව සාරථිය, රුස්වු මේ මහජනයා කුමක් සඳහා නෙයෙක් රත්න වලින් හා රෙදිවලින් සිවිගෙයක් කෙරෙදැයි" ඇසුවේය."දේවයන් වහන්ස, මේ මළ මිනියෙකැයි" කීය.

"යහලුව සාරථිය, එමෙන්ම මලමිනිය යම් තැනකද එතැනට රථය ගෙනයවයි" කීයේය."දේවයන් වහන්ස, එසේ යහපතැයි" සාරථියා විපස්සී කුමාරයාට උත්තරදී මළමිනිය යම් තැනකද එතැනට රථය යැවීය."මහණෙනි විපස්සී කුමාරයා මළමිනිය දිටුවේය. දැක සාරථියාට කථාකර (මෙසේ) කීයේය. "යහලුව සාරථිය, කිමෙක්ද? මේ මළමිනියක්දැයි" ඇසීය."දේවයන් වහන්ස, මේ මළමිනියකැයි" කීය. "දැන් ඔහුගේ මව හෝ පියා අන් සහ ලේනෑයෝ හෝ ඔහු නොදකිත්. මැරුණු තැනැතාද මව් හෝ පියා හෝ අන් සහ ලේ නෑයන් හෝ නොදකින්නේය",

"යහලුව සාරථිය, කිමෙක්ද? මරණය නොඉක්මවන ලද්දෙමිදැයි" ඇසුවෙය."ඔබ වහන්සේද අපිද යන සියල්ලෝම මරණය ස්වභාව කොට ඇත්තෝ වෙමු. මරණය වළක්වන ලද්දෝ හෝ නොවෙමුයි" කීයේය."යහලුව, සාරථිය,එහෙනමි දැන් අද උයනට යාමෙින් කම් නැත. මෙතැනින්ම ඇතුළු නුවරට ආපසු යන ලෙස රථය පදවයි" කියේය.


"දේවයන් වහන්ස, එසේයයි" සාරථී තෙම කුමාරායට උත්තරදී එතැනින්ම ආපසු ඇතුළු නුවරට ගියේය. මහණෙනි එකල ඇතුළු නුවරට පැමිණි විපස්සී කුමාරායා දුක් සහිතව නොසතුට සිත් ඇතුව නොයෙක් අකාරයේන් පසුතැවිලි සිතුවිලි සිතයි. ."යම් තැනක උපන්නහුගේ දිරිම පෙනෙන්නේද,ලෙඩවිම පෙනෙන්නේද මරණය පෙනෙන්නේද ජාතියට නින්දා වේවා" කියායි. එවිට රජ රියැදුරාගෙන් කුමාරයා උයනෙහි සතුටු වුයේදැයි විචාළේය. රියැදුරා සිද්ධවූ දේ කිවේය. එවිට රජ කුමාරයාට බෝහෝසෙයින්ම පස්කම් ගුණයන් සැලස්වීය."

පැවිද්දා
ඉන්පසු කුමාරතෙම කලකින් රියැදුරාට "උයන දැකිම පිණිස යන්නෙමියි" කීය. රියැදුරා යානාවන් යොදා දැන්වු කල කුමාරයා යානාවකට නැගි උයනට පිටත්ව ගියේය. කුමාරයා උයනට යන කල හිස මුඩුකළාවූ පැවිදි වී කහවස්ත්‍ර ඇදගත් පුරුෂයකු දැක පුරුෂයා ගැන ඇසුවෙය. "දේවයන් වහන්ස, මොහු ධර්මයෙහි හැසිරිම උතුමි පිළිපැදිම ,කුශලයෙහි හැසිරිම, පින් කිරිම, සත්ව හිංසා නොකිරීම සත්ව අනුකම්පාව යහපතැයි කියාද පැවිදි වුයේය."
 
"යහලුව සාරථිය, එහෙනමි ප්‍රව්‍රජිත තෙම යම් තැනකද එතැනට රථය යවවයි" කියේය. පැවිදි තෙම යමි තැනකද එතැනට රථය යැවිවේය. මහණෙනි,එවිට කුමාරයා ප්‍රවඩිජතයාගෙන් මෙ කාරණය ඇසුවේය."යහලුව, ඔබ කුමක් කරන ලද්දෙහිද? ඔබගේ හිසද අනුන්ගේ හිස මෙන් නොවේ" "දේවයනි මම පැවිදි වුවෙක්මි."

"දේවයනි,මම ධර්මයෙහි හැසිරීම යහපතැයි කියාද ඉන්ද්‍රීයයන් සංසිදිවා විසීම යහපතැයි කියාද, කුශලයෙහි හැසිරීම යහපතැයි කියාද පින් කිරීම යහපතැයි කියාද සත්ව හිංසා නොකිරීම යහපතැයි කියාද සත්ව අනුකම්පාව යහපතැයි කියාද පැවිදි වුයේමියි" දැන්විය. එවිට කුමාරයා රථචාර්‍යට කථා කොට (මෙසේ) කීයේය. "යහලුව රියැදුර, එහෙනම් රථය රැගෙන මෙතැනින්ම ඇතුළු නුවරට ආපසු යව, මම හිසකෙස් රැවුල් කපාදමා කහවස්ත්‍ර ඇද ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වන්නෙමියි" කියේය. සාරථිය රථය රැගෙන එතැනින්ම ඇතුළු නුවරට පෙරළා ගියේය. (දී නිකාය මහාපදාන සූත්‍රය).
(සතර පෙර නිමිති කථා නිමි.)

මෙම සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කර ඇත්තේ විපස්සී බුද්ධ චරිතයයි. මෙම සූත්‍රයේ බන්ධුමරජ යන්න සුදවුම් රජ ලෙස වෙනස් කර ඇත. විපස්සී කුමරා යන්නෙහි විපස්සි යන්න ඉවත්කොටඇත. සූත්‍රයේ අපර කොටසෙ දැක්වෙන කරුනු අනුව අප ගෞතම භාග්‍යවතුන්වහන්සේගේ  කරුණුත් මෙබදුම වන බැවි පැහැදිලිය.)



ඔයා මට බලහත්කාර කමක් කරොත්…

ෆාම් එකක් තියෙන ගොවියෙක් ටවුන් එකට ආවලු කැබ් එකේ බඩු වගයක් ගන්න. ඒ අස්සෙ වාහනේ අවුලක් වෙලා වාහනේ ගරාජ් එකට දාල. ගරාජ් කාරය කියල වාහනේ හදල ඉවර වෙද්දි හවස් වෙයි කියල.


බුවා හිතල ෆාම් එකට වැඩි දුරකුත් නැති එකේ පයින්ම යනව කියල. බුවා යන ගමන් හාඩ්වෙයා එකකට ගිහින් ලොකු බකට් එකකුයි පේන්ට් ටින් එකකුයි අරගෙන. ඔහොම යද්දි හම්බවෙලා සත්තු විකුනන කඩයක්.


බුවා එතනින් කුකුල්ලු දෙන්නෙකුයි තාරාවෙකුයි අරගෙන. දැන් කඩෙන් එලියට ආවම තමා බුවාට මතක් වෙලා තියෙන්නෙ වාහනේ ගරාජ් එකේ. මේ ටික ඔක්කොම අරන් පයින් යන්නෙ කොහොමද කියල.


ඔය අස්සෙ පාරෙ ඇවිත් මැදි වයසෙ ගෑනු කෙනෙක්.


ගෑනු කෙනා : අනේ මට අහවල් හන්දියට යන පාර දැන්ගන්න ඕනෙ
බුවා : මගේ ෆාම් එක තියෙන්නෙත් ඒ කිට්‍ටුවමයි. මට මේ බඩු ටික උස්සගෙන යන්න උදවු කරන්න මම පාර කියන්නම්
ගෑනු කෙනා : මෙහෙම කරන්න. තින්ත බාල්දිය හිස් බකට් එකට දාල එක අතකට ගන්න. කුකුල්ලු දෙන්නෙ අත් දෙකේ කිහිලි අස්සෙ ගහගන්න. තාරාව අනිත් අතට ගන්න


දැන් බුවාට හෙන හැපිලු මේ සිස්ටම් එකට. දැන් දෙන්න එක්ක යනවලු පාර දිගේ.


බුවා : මම මෙතන වෙලෙන් පැනල යනව. මෙතනින් යන එක හරි කිට්‍ටුයි
ගෑනු කෙනා : අපෝ මට බෑ පාලු පාරක යන්න. ඔයා මට  බලහත්කාරකමක් කරොත්
බුවා : පිස්සුද? මේ අතින් කටින් එල්ලන් මම කොහොමද ඔයාට බලහත්කාර කමක් කරන්නේ?
ගෑනු කෙනා : තාරාව බිමින් තියල හිස් බකට් එකෙන් වහල, ඒක උඩ තින්ත බාල්දිය තියලා කුකුල්ලු දෙන්න මගේ අත් දෙකට දීල ඔයා මට බලහත්කාර කමක් කරොත්

ඈත විශ්වය දෙසට යොමු වූ ඇස්වලින් හෙළි කර ගන්නා ගැලැක්සිවල අබිරහස්

ලෝකයේ විශාලතම පිරි වැයක් දරා බිම් මට්ටමෙන් සවි කර ඇති ලොකුම ගුවන්විදුලි දුරේක්ෂය ඇල්මා Atacama Large Millimeter Array (ALMA) යන කෙටි නමින් හැඳින්වෙනවා. එය චිලි රාජ්‍යයේ ඇන්ඞීස් කඳු වළල්ලේ උස් සානුවක සවි කර තියෙනවා. ඩොලර් බිලියන 1.3ක් වැය කොට තනා ඇති එයට පැවරී ඇති අලූත් ම රාජකාරිය අපේ පෘථිවිය වැනි ග‍්‍රහ ලෝක හැදුණු හැටි අධ්‍යයනය කිරීමයි.

මේ කාර්යයට තවත් ගුවන්විදුලි දුරේක්ෂයක් ද එක් කර තියෙනවා. ඒ නිව් මෙක්සිකෝවේ සවි කර ඇති ඇන්ටෙනා 27කින් සමන්විත වීඑල්ඒ නම් යෝධ ගුවන්විදුලි දුරේක්ෂයයි. ඇල්මා දැනටමත් නවක තරු වටා ඇති වායු හා දූලි තැටිවලින් ග‍්‍රහයන් හැදෙන හැටි කියාපාන මුල් ම රහස් තොරතුරු එවන්ට පටන් අරන්.

ඇල්මාහී විද්‍යාඥයන් කියන්නේ ඒ දුරේක්ෂය ගැලීලියෝගෙන් පසුව තාරකා විද්‍යාව හා තාක්ෂණය අතින් තැබූ යෝධ පිම්මක් බවයි.

 
ඇල්මා හා වීඑල්ඒ දුරේක්ෂ මගින් මුල් අවධියේ දූවිලි තැටියකින් හා නවක තරු වටා ඇති වායුවලින් ඒ වස්තූන් ඝනීභවනය වීමෙන් ග‍්‍රහයන් නිර්මාණය වන අයුරු හසු කර ගත හැකියි.


ඇල්මා දුරේක්ෂ පෙළට අයත් ඇන්ටෙනා 66න් තවමත් සවි කර ඇත්තේ 16ක් විතරයි. මේ ඇන්ටෙනා සවි කර ඇත්තේ මුහුදු මට්ටමෙන් මීටර් 5000ක් උස් කඳුකර සානුවකයි. මෙහි පාලක නිරීක්ෂණාගාරය පිහිටුවා ඇත්තේ මීටර 2,900 උසකිනි.

හාවඞ්-ස්මිත්සෝනියන් තාරකාභෞතික විද්‍යා කේන්ද්‍රයේ ඬේවිඞ් විල්නර් කියන්නේ, ”මේ අලූත් ඇස්වලින් අපට මෙතෙක් නොතිබුණු වේගයකින් නවක තරු වටා ඇති වායු හා දූවිලි තැටිවල භ‍්‍රමණයන් ගැන නිරීක්ෂණය කරන්නට හා අධ්‍යයනය කරන්න අවස්ථාව දැන් සැලසී තියෙන බවයි. එසේ ම අප මෙතෙක් ඉදිරියට ගෙනා න්‍යායන් ගැන යළි විමසා බලන්නත් මේ නිසා දැන් ඉඩකඩ සැලසී තියෙනවා.

මේ නව දුරේක්ෂ ලබා දෙන තොරතුරුවලින් ග‍්‍රහ වස්තූන් නිර්මාණය වීමේ දී සිදුවන මූලික පියවර, තරු වටා ඇති තැටියෙහි ඇති දූලි අංශු හා වැලි කැට වර්ධනය වීම මෙන්ම තැටිවල හා ඒවා තුළ ඇති නව ග‍්‍රහයන් අතර ඇති වන අන්තර් කි‍්‍රයා ද පෙන්වා දෙනවා.


”බලසම්පන්න ඇල්මා සහ පුළුල් කරන ලද වීඑල්ඒ දුරේක්ෂ අපට තවත් නවක තරු හා සූර්ය ග‍්‍රහ මණ්ඩල දහස් ගණනක් ගැන අධ්‍යයනයට මග පාදා දේවි, වෙන කවරදාටත් වඩා. සෞරග‍්‍රහ මණ්ඩලයෙන් පිටත ඇති ග‍්‍රහ පද්ධතිවල ඇති විශාල විවිධත්වය ඇති කළ කි‍්‍රයාවලිය තේරුම් ගන්න අපට එයින් ඉඩ සැලසේවි” විල්නර් කියනවා.

මුලින් ඇල්මා එවූ නිරීක්ෂණ තොරතුරු අතර පෘථිවියෙන් ආලෝක වර්ෂ 170කට දුරින් පිහිටි නවක තරුවක දූලි තැටියක් පිළිබඳ දත්ත අඩංගු වුණා. එයින් විද්‍යාඥයන්ට මග පෑදුණා පෘථිවියේ සාගර ඇරඹුණු හැටි තේරුම් ගන්න.

 
ඇල්මා දුරෙක්ෂ පද්ධතිය විසින් ගන්නා ලද ඇන්ටෙනි ගැලැක්සියේ පිළිබිඹුවක්.

විද්‍යාඥයන් සිතන්නේ අපේ ග‍්‍රහයාගේ ජලයෙන් වැඩි කොටසක් ලැබී ඇත්තේ නවක පෘථිවිය මතට නිරන්තරව කඩා වැදුණු උල්කාපාත වර්ෂා හේතුවෙනි. ඒ කොපමණ ප‍්‍රමාණයක්දැයි හරියටම කියන්නට බැහැ.

ඔවුන් මෙසේ කියන්නේ තරු අතර ඇති වායුවල ඇතිවාට වඩා වැඩි ඩියුටීරියම් ප‍්‍රතිශතයක් අපේ සාගර ජලයෙහි ඇති නිසයි.

”මේ ගැන තවදුරටත් අධ්‍යයනයෙන් පසු අපට හැකි වේවි වල්ගා තරුවලින් අපට ලැබුණු සාගර ජල ප‍්‍රතිශතය කෙතරම් දැයි නිගමනය කරන්න.” විල්නර් කියනවා. ඔහු සමග වැඩ කළ අනිත් අය වන්නේ කැරින් ඕබර්ග්, චුන්හුවා කී හා හාවඞ්-ස්මිත්සෝනියන් තාරකාභෞතික විද්‍යා කේන්ද්‍රයේ පර්යේෂකයන් සමග නෙදර්ලන්තයේ ලීඞ්න් ග‍්‍රහලෝකාගාරයේ මයිකල් හොජර්හෙජ් ආදීන්.

මේ නව දුරේක්ෂ දෙක අවුරුදු බිලියන 10ක් හෝ 12ක් හෝ අතීතයට ගොස් විශ්වයේ බාල කාලේ තරු හැදුණු හැටි හා ගැලැක්සිය පරිණාමය වූ හැටි පිළිබඳ තතු අධ්‍යයනය කරන්නට විද්‍යාඥයන්ට උපකාර වේවි.

 
චිලි රටේ සන්ත්‍යාගෝ නගරයට උතුරින් කි.මී. 1500ක් දුරින් ඇටකාමා කාන්තාරයේ චාජ්නැන්ටර් සානුවේ පිහිටුවා ඇති ඇල්මා ගුවන්විදුලි දුරේක්ෂය ඈතට පෙනෙන හැටි

”මේ සුවිශේෂ දුරේක්ෂ දෙකම ඉතා දුරින් පිහිටි ගැලැක්සිවල අලූත් වැදගත් තොරතුරු රැසක් හෙළි කර ගැනීමට උපකාර වුණා.” යැයි ජාතික ගුවන්විදුලි දුරේක්ෂ තාරකා විද්‍යා නිරීක්ෂණාගාරයේ කාර්තික් ශෙත් කියනවා.

”මේ දුරේක්ෂ දෙකෙහිම නව පහසුකම් තියෙනවා මේ විශ්වයේ ආරම්භක යුගයේ ගැලැක්සිවල ඇති වූ දූවිලි හා වායුවල සවිස්තර වාර්තා අපට ලබා දෙන්න. ඒවායින් අපට දැන් පවත්නා විශ්වයේ හමුවන ගැලැක්සි අධ්‍යයනය කරන්න ඉඩ සැලසෙනවා.” යැයි කියන ශෙත්, දැනටමත් ආලෝක වර්ෂ බිලියන 12ක් තරම් දුරින් පිහිටි ගැලැක්සිවල ඇති අණු හා පරමාණුක වායු පිළිබඳව විස්මිත තොරතුරු ලබා දීමට ඒවා සමත් වී තියෙන බව හෙළි කරනවා.

”මේ දුරේක්ෂ මගින් විවිධ වයස් පරාසවල ගැලැක්සි ගණනාවක් නිරීක්ෂණය කරන්න අපට හැකියාව ලැබේවි. මෙය විශාල ඉදිරි පියවරක් වේවි. අති දීර්ඝ අන්තරීක්ෂ කාලය තුළ සිදු වූ ගැලැක්සිවල උපත, පරිණාමය, ඉන්පසු තරු සෑදුණු ආකාරය ආදිය අවබෝධ කර ගන්නට අපට අනාගතයේ දී මග සැලසේවි.” ඔහු අවසාන වශයෙන් කියනවා.

උදුරා ගන්නට නොවෙ නුඹෙ සන්තකය……

දැවුණත් සිරුර විරූපි වෙන ලෙසට
කැඩුණත් දෙපා ඇවිදින්නට නොහැකි ලෙස
වාරුව ගතිමි දෑතට දිවි රැක ගන්න
සිඟමන් යදිමි අද මම ජීවත් වන්න.........


දැවුණ දෙතන රෙදි කඩකින් වසාගෙන
මිනිසුනි නුඹේ ලඟට ආවේ මම
උදුරා ගන්නට නොවෙ නුඹෙ සන්තකය
ඉල්ලාගෙන හෙට ජීවත් වෙන්න පණ.........


මිනිසුන් නොමිනිසුන් වෙසෙනා මිහිතලයේ
දෑසින් දැකගතිමි දෙවියන් මේ පොළවේ
පාගාගෙන ගියත් අතැඟිලි මා දෑතේ
නැත තරහක් මිනිසුනි මාගේ සිතේ.......




අම්මත් එක්ක සඳුදා නිවාඩු නිසා පොළේ ගියා. යන මග දිගට හිඟන්නන් ගොඩයි. මොකද පොළ දවසට ෆොරිනස්ලා ගොඩක් එනවා ඒක බලන්න. අනේ මන්දා පොළේ මොනවා බලන්නද කියලා. එක ගැණු මනුස්සයෙක් ඉන්නවා හිඟාකන.එයාගේ කකුල් දෙකම නැ. අත් දෙකෙන් අද්ද අද්ද ඇවිදින්නේ. ඇඟ පිච්චිලා.  පපුව එකපැත්තක් ගන්න දෙයක් නැ...එයා ඒ පැත්ත පෙන්න පෙන්න තමා හිඟා කන්නේ....

පොළේ යන මිනිස්සු හෙමින් යන්නේ නැනේ. ටිකක් පටු පාරක් තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මේ මනුස්සයගේ අත් පැගෙනවා කකුල් වලට. දැක්ක හැටියේ හිතට ආපු පද ටික ගොනු කළා මැසේජ් එකක් විදියට. දැන් තමා ටිකක් හරි ගැලපෙන පින්තුරයක් ලැබුණේ මේක පලකරන්න. පින්තුරේ හොයා දීපු සර්ප්‍රියා අයියට ස්තුතියි......