මම දන්නවා උඹලට වෙනස දැනෙනව කියල, ෆෝන්එක ඔබ ඔබ හිනාවෙනව, අඬනව, කෑගහනව උඹලට ඇහෙනව, රෑ මැද ෆෝන්එක කනේ එල්ලගෙන වත්ත පුරා ඇවිදින ඒව උඹලට පේනව කියල.
තව, මම දන්නව උඹලත් අගක් මුලක් හොයාගන්න බැරිව ඉන්නෙ කියල. ඒකනෙ "අඩුම ගානෙ බෝඩිමේ එවුන්ටවත් කියපං" කියල චාටරේ දාන්නෙ.
මාත් කැමතියි උඹලට ඔක්කොම කියන්න, හිත හෑල්ලු කරගන්න...
ඒත්,
උඹල කියාවි "ඉතින් උඹල දෙන්නට දෙන්න කැමති නං එච්චරයි" කියල, එහෙම නැත්තං "උඹ කරල තියෙන්නෙ මහ බලු වැඩක්" කියල
එකෙක්වත් මාව තේරුම් ගනීද?. හයියට ලඟ ඉඳීද? දේවල් ඔය තරම් සරල වෙන්න කියල මම හිතපු වාර ගාන උඹල දන්නවද? කමක් නෑ බං චාටරේ දාපං, මට මෙහෙම හොඳයි...
ලියා එව්වේ - බූටා
කවදා නමුත් ඇත්ත හෙළිවෙනවා ! යුරෝ දෙකේ ඔවදන ! හෙහ්….හෙහ්……
කවදා නමුත් ඇත්ත හෙලිවෙනවා!
මම කියමන ඇත්තම ඇත්තයි කියලා දැන ගත්තෙ කුරුලු හමුදාවේ සේවය කරන කාලේ. ඔය වෙද්දි කුරුලු හමුදාවට ඝෘෂිවරයෙක් ඇවිල්ලත් කාලයක් ගිහිල්ලා. ඒ කියන්නෙ අපි කිඹා ගැහිල්ලෙනුත් කෙල පැමිණිලා හිටිය කියන එකනෙ.
අපේ නිවස්නයත් බැලු බැල්මට හොස්ටල් එකක් වගේ. හෝල් එකේ ඩබල් ඇදං පොලිම් දෙකයි. ඩබල් ඇඳවල් දෙකේ දෙන්නට ලොකර් දෙක ගානේ, ඇඳවල් දෙකක් මැදින් ලොකර් ස්ථාන ගත කරලා තියෙන්නෙ. ඒකේ අපේ සියලු සබ්බ සකල මනාවම දලා, ඉබි යතුරු දාලා, නිතරම ලොක් කරලා, යතුර සාක්කුවෙ දාගෙනයි ඉන්නෙ.
හැබැයි අපි ලඟ තිබුනු හැම ලොකර් එකකම පොඩි ටෙක්නිකල් එරර් එකක් තිබුනා. ඒක තමා ලොකර් එක කොහොම ලොක් කලත්, ඕනැ උනොත් ලොක් එක අරින්නෙ නැතුව, බඩු එලියට ගන්න පුලුවන්කම. ඒ, ලොකර් එකේ ලී පියන උඩින් හරි යටින් හරි ඇදලා. මේ ගැන හොඳටම අද්දැකීම් ඇත්තෙ අපේ මාරයට. ආවොත් කියයි වැඩි විස්තර.
ඔය හේතුව හින්දමයි " කවදා නමුත් ඇත්ත හෙළිවෙනවා!" කියන කතාව ඇත්තම ඇත්ත කියලා ප්‍රත්‍යක්ෂ කර ගන්නත් අපිට පුලුවන් උනේ.
මතකද අපේ යාලුවෙක් හිටියා ෆර්ඩි කියලා, ගෙදර පොඩියට සත්තු වත්තක් කරන. පොර හෙන පච පප්පා වගේම ඇරමන්ට් වලට නම් දරාපු මනුස්සයා කියලා මම ඒ කාලේ කිව්වනෙ. පොර ඊට අමතරව පුරුද්දක් හැටියට කලේ පඩි ගත්තම තමන්ට ඕනැ කරන සබන්, ටූත් පේස්ට් වගේ අත්‍යවශ්‍ය ද්‍රවය මිල දී ගැනීම අතපසු කරලා ඒ සල්ලි වලින් වෙන වෙන දේවල් කරපු එක.
අන්තිමේ ඉස්සෙල්ලා මාසෙ ගත්තු ඔය කියන බඩු ඉවර වේගෙන එද්දි, මිනිහා කරන්නෙ උදේ පාන්දර පහමාරට විතර නැගිටලා කාගෙ හරි ලොකර් එකකට අර ක්‍රමේට අත දාලා ටූත් පේස්ට් ටිකක් අරගෙන, බාත් රෑම් එකට රිංගන එක. හිතුනොත් සබන් පෙට්ටියත් ඒකෙන්ම ගන්නවා. අපිනං ඔය කිරිං ටිකක්, සුවඳ විලවුන් ටිකක්, අලුත් පහේ ටී ෂර්ට් එකක්, කිරි පිටි හරි සීනි හරි ඩිංගක්, කොටුවට යන්න මාරු කාසි ටිකක් ඇරුනම අනුන්ගෙ ලොකර් වලට අත දාලා කිසිම දෙයක් ගන්නැ ඔය විදිහට ෆර්ඩියා වගේ.
මේ කියන කතාව වෙන දවස් වල ඔය වැඩේට කෙලින්ම අහු උනේ පොරගේම ගමේ කොල්ලෙක් වෙන රෙජියා. ඔය වගේ කේස් එකක් හින්දා රෙජියයි, ෆර්ඩියි දවසක් කොක්කක් දා ගත්තා. ඒ උනාට ෆර්ඩියා දුර දිග කල්පනා කරලා, පොරගෙ සත්තු වත්තෙන් පොහොර වැටිච්ච ඌරු පැටියෙක් රෙජියගේ අම්මට තෑගී දීලා වැඩේ ගොඩ දාගෙන තිබුනා සතියක් යන්ඩ කලින්.
කොහොමහරි ටූත් පේස්ට් මංකොල්ලය ජයටම නැගලා යද්දි, රෙජියට මේ ගැන ඇක්ෂන් එකක් ගන්න බැරි උනේ, ෆර්ඩියා ඌරු පැටියෙක් දීලා අම්මා ලව්වා පොරව හිර කරලා තිබුන හිංදා. මොකක් හරි අලුගුත්තේරු වැඩක් කරලා රෙජියට අහුවෙලා වැඩේ වර්චස් වේගෙන එද්දි, ෆර්ඩියා කරන්නෙ කඳවුරු ඇතුලේ මීයා වගේ ඉඳලා එලියට ගිය ගමන් ඌරු පැටියගෙ සුව දුක් අහන්න, රෙජියගේ අම්මව කන්ටැක් කරන එක.
කාලයක් තිස්සෙ මේක කිසි විසඳුමක් නැතිව ඇඳිලා යන එකේ රෙජියා මේකට ප්ලැන් එකක් ගහලා තිබුනා. දවසක් දා රෑක අපි නිදා ගන්න ලයිට් ඕෆ් කරපු වෙලාවේ පොර ගහලා තිබුනු එළකිරි ප්ලෑන් එක ක්‍රියාත්මක කලා මුලු ලෝකෙටම හොරෙන් මහ කලුවරේ.
හැබැයි රෙජියගේ වෙලාවේ පොඩි අවුලක් තිබුනා කියන්නෙ, වෙලාවටම ඊට මෙහා පැත්තෙ ඇදේ ඇලවෙලා හිටපු මම ඒක දැක්කා. මමත් බොරුවට නිදි වගේ ඇට් කොරලා සිද්දිය සහසුද්දෙන් බලාගන්ඩ හිතුවට, තනියම දිරවගන්ඩ බැරි වෙයිදෝ කියලා හිතුන හින්දා කාටත් ඇහෙන්නැති වෙන්න උඩ ඇඳට පයිං ඇන්නෙ ඒකෙ ඉන්න ෂැවොලියටත් මේ රහස එලි කරන්න හිතාගෙන.
ඒ එක්කම වගේ උඩ ඇදෙන් අතක් මට පෙනුනා හස්ත මුද්‍රාවෙන් "ෆිට් තමා" කියලා හදාගත්තු. ඒ කියන්නෙ දැනටම රහස දෙන්නෙක් දන්නවා. ඊට පස්සෙ වෙන්න ඕන දේවල් අපි කතා කරගත්තෙ නැතත් අද්දැකීමෙන් දන්නවා අපේ වගකීම මොකද්ද කියලා. ඒක හින්දා මම ෆෝන් එක අරගෙන හරියට පහට එලාම් තියලා නිදාගත්තෙ පහුවෙනිදා උදේ ක්‍රිඩා පුහුණුවීම් නැතත්, වැදගත් රාජකාරියක් තියෙන හින්දා උදේම නැගිටින්න හිතාගෙන.
ඒ දෛවෝපගත උදෑසන එලාම් සද්දෙන් මම අවදිවෙලා රෑ වගේම ඇන්න උඩ ඇදට. පස්සෙ අපි දෙන්නා හිමිදිරි උදේම ඇස් අඳුරට හුරු කර ගන්න ගමන් බලාගෙන හිටියෙ ඊලඟට මොකද වෙන්නෙ කියලා.
ඔන්න ටික වෙලාවකින් ෆර්ඩියා ආවා රෙජියගේ ලොකර් එක ගාවට. රෙජියා නිදියි කියලා සැක හැරගත්තු ෆර්ඩියා වටපිට බලලා ලොකර් එකේ පියන ඇදලා ගත්තා ටූත් පේස්ට් පෙට්ටිය. පෙට්ටියෙන් ටූත් පේස්ට් එක එලියට අරං තමන්ගෙ බුරුසුවට දා ගත්තු ෆර්ඩියා ටුත් පේස්ට් පෙට්ටියට ආයිම ටුත්පේස්ට් ටියුබ් එක දාලා, ඒක ලෝකර් එකට රිංගවලා අඳුරෙම බාත්රූම් එක පැත්තට ගැටුවා.
ඊට පස්සෙ, රෙජියා ඇරුනම මේ ලෝකෙන්ම ඒ රහස දන්න අපි දෙන්නත් ඇදෙන් පැනලා බොරුවට බුරුසු දෙකත් අරං ෆර්ඩියා පස්සෙ පැන්නුවෙ, මාපොට ඇඟිල්ල ප්‍රධාන අවශේෂ ඇඟිලි විතරක් ආධාර කොරගෙන, තියෙන නිෂ්ශබ්දතාවයට පොඩි හරි මෙව්වා එක්ක වෙන්නෙ නැති වෙන්ඩ.
මුලු ලෝකෙටම හොරෙන් රෙජියාගෙ ටූත් පේස්ට් එක මංකොල්ලකාලා වීරයා වගේ බාත්රූම් එකට ඇදෙන ෆර්ඩියට ඊ ලගට වෙන්න යනදේ අපිට මැවිලා පෙනෙද්දි, අපේ බඩවල් කොරවෙලා ඇස්වලින් කඳුලු පයින්න ආවා. ඒ හිනාව හිරකරගෙන ඉඳලා වැඩිකමට. මට වැඩියෙම හුස්ම හිරවෙන්ඩ ආවේ ෂැවොලියා දිහා බලද්දි. මිනිහා එලියට පනින්න හදන හිනාව කට ඇරලා කට අස්සටම ඔබන්න හදනවා අතින් කටට ගගහ.
කොහොමහරි අපේ පර්ඩියා කන්නාඩිය ඉස්සරට ගිහිල්ලා, මුණ දෙපැත්ත හරෝ හරෝ බැලුවෙ හරියට සකිවිති රජකෙනෙක්, තමන්ගෙ කරණවෑමියාට රැවුල පෙන්නවා වගේ හරි උජාරුවට. පස්සෙ මිනිහා කණ්නාඩියට විරිත්තලා බුරුසුව තියාගත්තා ඉස්සරහා දත් වහල්ලෙ. තියලා ඇරියා දකුණු ඇන්දෙ දත් දිගේ අස්සට. ආයිමත් මිනිහා දත් බුරුසුව දිහා හොඳට බලලා ඇරියා අනිත් පැත්තටත්. ඔහොම දෙපාරක් විතර කරලා මිනිහා බුරුසුව විදුලි වේගෙන් කටින් එලියට අරං ආයිමත් සැරයක් ඒක දිහා පුදුමෙන් වගේ බැලුවා.
ඊට පස්සෙ තමා නියම ජවුසම පටන් ගත්තෙ.
ෆර්ඩියා එකපාරටම අතේ තිබ්බ බුරුසුව පැත්තකට විසික්කරලා, අත් දෙකෙන්ම කට වහගගෙන ඇඹරෙන්ඩ ගත්තා. පස්සෙ "හෝ....හෝ......" ගගා පිඔ පිඔ සින්ක් එකෙන් කට හේදුවා . මුලු ලෝකෙම සුව නින්දෙ ඉන්න වෙලාවේ, කොහේදෝ මන්දා කඳවුරක බාත්රූම් එකක් අස්සෙ අහස පොලොව නුහුලන අපරාධයක් වෙලා. අනේ අපේ දුප්පත් ෆර්ඩියා. මිනිහට උදව්වට කව්රුත් නෑ වගේ.
රෙජියා ලියපු තිර නාටකයට, ෆර්ඩියා රඟපානවා. ඒක ටිකට් නැතුව බලපු අපිට මේ වෙද්දි බඩේ කොරේ හොඳටම වැඩිවෙලා තිබුනෙ. ඒ හින්දා අපි දෙන්නා එතනින් එලියට පැනලා, බිලට් එකෙනුත් එලියට ගිහිල්ලා ඇති වෙනකල් හිනා උනා හද්දා කලුවරේ. හිනාව අඩු වේගෙන එද්දි, අපි දෙන්නා කලේ ෆර්ඩිය මූහුණ දුන්නු ජවනිකා තනියෙම මතක් කරගෙන ඔටෝ චූන් උන එකයි. අන්තිමේ පාං කියාගන්න බැරි ගානට හකු රිදෙන්න ගත්තට පස්සෙ අපි තීරණය කලා ආපහු බාත්රූම් එකේ අලුත් තත්වෙ බලන්න.
අපි එතෙන්ට යද්දි, අපේ ෆර්ඩියා නේද? අනේ පව්! මිනිහාගේ තොල් දෙක ඒ වෙද්දි අප්‍රිකාවේ මීනී කන කාපිරියෙක්ගෙ වගේ ඉදිමිලා බරියං වෙලා ගිහිල්ලා. ඇස්වලින් කඳුලු ගලනවා. මිනිහාට කරන්න දෙයක් නැති තැන, ඔලුවට අත් දෙක තියාගෙන, කණ්නාඩිය දිහා බලාගෙන මේ පැටලිච්ච නූල් බෝලෙ කොනක් හොයනවා.
ඒ හිංදම අපි ෆර්ඩියා ගාවට ගියේ පුදුම හිතිලා වගේ මුණු හදාගෙන. ඊට පස්සෙ කලින් තීරනේ කරගෙන හිටිය හැටියට, රෙජියගෙ කතාවෙ දෙවෙනි එපිසෝඩ් එක අපි දෙන්නා ලිව්වා. ඒ මෙන්න මෙහෙමයි.
"අම්මච්චියා.......ෆර්ඩියා, අපි දෙන්නා දුවගෙන ආවේ උඔට විස්තරේ කියන්ඩ. කොහෙද අපි එද්දි පරක්කු වැඩිනෙ... නැද්ද ශැවොලියා...."
"ඒකනෙ.... ඒකනෙ....."
"උඔ දන්නවද? රෙජියා ඊයේ මහ කැත වැඩක් කලා. අපි ඔක්කොමලා නිදා ගන්න ගියාට පස්සෙ පොර ටූත් පේස්ට් පෙට්ටියට වින්ටජිනෝ ටියුබ් එක දාලයි නිදා ගත්තෙ....."
"නෑ.......................!!!"
"නෑ...... නෙමේ...... උඔ බොරුනං ගිහිල්ලා අහපං උගෙන්ම.... හැබැයි අපි කිව්වා කියලා එහෙම කියන්ඩ එපා.... අන්න පොර උඔට පෝරියල් එක සෙට් කරලා තාම සැපට නිදි....."
එහෙම කියන්ඩත් පොර “මම ඕකට.........“ කියාගෙන බිලට් එක පැත්තට දිව්වා. ඒ නිකන් ම නෙමේ! ටොයිලට් එකකට රිංගලා ඒකෙන් බාල්දියක් පුරොලා වතුර අරං, බාත්රූම් එක මුල්ලෙ තිබුනු හාපික් එකෙනුයි, ඩෙටෝල් බෝතලෙනුයි ඩිංග ඩිංගත් වතුරට හලාගෙන.
දැක්කා නේද?
ආන්න ඒකයි කියන්නෙ "කවදා නමුත් ඇත්ත හෙලි වෙනවා" යි කියලා!!!
.....................
-මීට යුරො දෙකේ වීරයා.
ස්තුතිය!
පොඩිරාජා ගේ වෙඩින් ඇනිවසරිය – Podi Raja’s Wedding Anniversary

පොඩිරාජා කියන්නේ අර හන්දියේ රාජා ගේ කඩේ හිටිය පොඩි කොලුවා නෙමේ. මේ කියන්නේ අපේ අසල්වැසි රාජසිංහ අංකල් ගේ පුතාටයි.
රාජසිංහ අංකල්ට මහරාජා කියපු නිසා, පුතා නිකංම වගේ පොඩිරාජා වුණා!
පොඩි රාජාත් මැවිසුරුවෙක්. මට වැඩිය අවුරුදු තුන හතරක් විතර බාලයි. මං මහරාජා ගේ අසල්වැසියා විදියට පදිංචියට යද්දී පොර ගෙදර හිටියේ නෑ. කොහේද මන්දා දේශ දිපංකරයක ගිහින් හිටියා ඉගෙන ගන්න. පොර ලංකාවට නිවාඩුවකට ආපු වෙලාවෙයි ඉස්සෙල්ලාම අඳුණා ගත්තේ.
ඔන්න ඉතිං පොර ඉගෙනීම අහවර වෙලා ඇවිත් කසාඳ බඳින්න සෙට් වුණා. ඔය කාලේම මාත් ගියා පොඩි විදේශ සංචාරයක්. ඒ ගිහින් ආපහු එන්න තිබුනේ හරියටම වෙඩින් එකට පහුවදා, ඒක හින්දා මට පොර ගේ වෙඩිම මිස් වුණා.
පොඩිරාජා ගේ වෙඩිම දවසේ, ඒ කියන්නේ පිටරට සංචාරය නිම කරලා ගෙදර එන්න කලින් දවසේ හාමිනේට කතා කළ වෙලේ දැන ගත්තා, අපේ සීයා කෙනෙක් අවසන් ගමන් ගිය බව.
ඉතිං මං ගෙදර ආපු ගමන් පහුවදා කළේ සීයා ගේ අවමගුලට යන එකයි. ඊට පහුවදා පොඩිරාජා ගේ හෝං කමිං එකට ගියා. කෝකටත් අපි මනමාලයාගේ පාර්ශවයේ නේ!
ඔය සේරම කිව්වේ මේකටයි. විවිධ සිද්ධීන් ගොඩක්ම එක ලඟ වෙච්ච හින්දා, මට පොඩිරාජා ගේ වෙඩිමේ දවස හොඳට මතක හිටියා.
පොඩිරාජායි අපියි තව දුරටත් අසල්වැසියෝ නොවුනත් මං ඉතිං කළේ, මතක් වෙන පරිදි පොඩි රාජා ගේ වෙඩිං ඇනිවසරියට සුභ පතලා එක්කෝ ඊයක් දාන එක. එහෙම නැත්තං කෝල් එකක් දෙන එක.
ඔහොම ගිහින් ඔන්න එක දවසක පරණ සිද්ධි ගැන කතා කර කර ඉන්න වෙලාවක මට මතක් වුණා ඒ අවුරුද්දේ නේද පොඩිරාජා ගේ දහවෙනි වෙඩින් ඇනිවසරිය කියලා.
මේක අමතක වෙන්න ඉඩ නොදී ෆෝන් එකේ පොඩි රිමයින්ඩරයක් හෙම දාගෙන ඉඳලා, මං හරියටම එදා වැඩ ඇරිලා ඇවිත් රාත්‍රියේ පොඩිරාජා ට කෝල් එකක් දුන්නා.
"ආ! පොඩිරාජා කොහොමද, මං මේ කතන්දර කතා කරන්නේ!"
"ආ! කතන්දර කොහොමද?"
"හැපි ටෙන්ත් ඇනිවසරි පොඩිරාජා!"
"ආ! කතන්දර මෙන්න අපේ අම්මයි තාත්තයි ඇවිත් ඉන්නවා. මෙන්න කතා කරන්න."
පොර ෆෝන් එක මහරාජාට දුන්නා. මං අංකල් එක්ක කතා කළාට පස්සේ ඇන්ටිට ඕනැ වුණා කතන්දර හාමිනේ එක්ක කතා කරන්න.
කෝල් එක එතනම ඉවර වුණා!
පස්සේ තමයි මට තේරුණේ, පොඩිරාජා මා එක්ක කතා කරනවා තියා මගේ සුභ පැතුමට ස්තුති කළේවත් නෑ නේද කියලා.
මං හිතා ගත්තා ආයේ පොර මට කෝල් කරන කං, මං නං ඌට කෝල් කරන්නේවත්, ඊ-මේල් දාලා සුභ පතන්නේවත් නෑ කියලා.
දැන් අවුරුදු දෙක තුනක් ගියා. ඌ මට කතා කළේත් නෑ, මං ඌට කතා කළේත් නෑ!
-කතන්දරකාරයා
ප/ලි:
මං හිතන්නේ එදා වෙන්න ඇත්තේ මේකයි.
පොඩිරාජාට දහවෙනි වෙඩිං ඇනිවසරිය මතක්වෙන්න ඇත්තේ මහ රෑ මං කෝල් කරපු වෙලාවෙයි. මගේ සුභ පැතුමට ස්තුති කළොත් ඒක පොර ගේ වයිෆරේට ඇහිලා වැඩේ දරුණු වෙන්න ඉඩ තියෙන නිසා පොර මාව මග අරින්න ඇති!
මට නං පොඩිරාජා ගේ ඇනිවසරිය විතරක් නෙමේ හාමිනේගෙයි මගෙයි ඇනිවසරියත් හොඳට මතකයි.
දුමින්ද ගේ යුග දිවිය කතන්දරේත් බලන්න ඔය ගමන්ම.
(image: http://www.anniversarygift.org/wedding-anniversary-clip-art/)
සිය ප‍්‍රබන්ධ තුළින් විස්මිත ලෙස අනාගතය දුටු දිවැසිවරයා – අද අප අත්දකින දේ එදා ඔහු දුටු හැටි!
ලෝකයට විද්‍යා ප‍්‍රබන්ධ කලාව හඳුන්වා දුන්නේ ඔහුයි. ඒ ඔස්සේ මුලින් ම හඳට ගියේත් ඔහුයි. ඔහුගේ නිර්මාණ තුළින් වසර සිය ගණනකට පෙර අපට හඳුන්වා දුන් බොහෝ තාක්ෂණික මෙවලම් අද අපට හුරුපුරුදු ඒවායි. ඔහුගේ 184 වැනි උපන් දිනය පසුගිය පෙබරවාරි 8 දාට යෙදී තිබුණා. ඔහු තමා ප‍්‍රංශ ජාතික විද්‍යා ප‍්‍රබන්ධ කථාකරු ජූල්ස් (යූල්ස්) වර්න්.
ඔහු යූල්ස් ගේබ්රියෙල් වර්න් Jules Gabriel Verne නමින් උපන්නේ 1828 පෙබරවාරි 8 වැනිදා ප‍්‍රංශයේ නැන්ටේවලදියි. අපව පොතපතින් ලොව පුරා විස්මිත චාරිකාවල රැගෙන ගිය ඔහු අවසන් ගමන් ගියේත් ප‍්‍රංශයේදිමයි. ඒ 1905 මාර්තු 24 වැනිදා එමියන්ස්හිදියි.

විද්‍යා ප‍්‍රබන්ධ කථා කලාව ආරම්භ වූයේ ඔහුගෙන්. ඔහු වඩාත් ලෝක ප‍්‍රසිද්ධියට පත් වූයේ Twenty Thousand Leagues Under the Sea ‘ලීග 20,000ක් මුහුද යටට’(1870),A Journey to the Center of the Earth පෘථිවිය මැදට ගිය ගමනක් (1864), Around the World in Eighty Days ලොව වටා දින 80කින් (1873), From the Earth to the Moon ‘පොළොවේ සිට සඳ බලා’ (1865) ඔහු විසින් ලියන ලද නවකතා නිසයි.
වර්න් අභ්‍යවකාශ ගමන්, ගුවන් ගමන් හා දිය යට ගමන් ගැන ‘අමුතු චාරිකා’ ලියූ කාලේ ගුවන් යානා හෝ ප‍්‍රායෝගික සබ්මැරීන හෝ නිපදවා තිබුණේ නෑ. ඒ විතරක් නෙවෙයි, අභ්‍යවකාශ ගමන් ගැන නම් හිතලවත් තිබුණේ නෑ.
ලෝකයේ විවිධ භාෂාවලට පරිවර්තනය වූ ප‍්‍රබන්ධ කථා අතරින් ඔහුගේ නිර්මාණ දෙවැනි වන්නේ ඇගතා කි‍්‍රස්ටි නම් බි‍්‍රතාන්‍ය ලේඛිකාවගේ රහස් පරීක්ෂක කතාවලට පමණයි. ඔහුගේ පොත් වැඩි හරියක් සිනමාවට හෝ ටෙලිවිෂනයට නඟා තියෙනවා. ඒවා පදනම් කර ගෙන සජීවී කාටූන් චිත‍්‍රපට පවා තනා තියෙනවා.
‘විද්‍යා ප‍්‍රබන්ධ කථාවේ පියා’ යන විරුදාවලියෙන් පිදුම් ලත් ලෝකයේ විශිෂ්ට නිර්මාණකරුවන් තිදෙනා අතරින් වඩාත් ඉදිරියෙන් සිටින ලේඛකයා ජූල්ස් වර්න් තමයි. හියුගෝ ජර්න්ස්බැක් Hugo Gernsback හා එච්. ජී. වේල්ස් H. G. Wells අනෙක් දෙදෙනායි.

ජූල්ස් උපන්නේ හා කුඩා කල ජීවත් වුණේ වරාය නගරයක වුනත් ඔහුගේ සිත වඩාත් ඇදී ගියේ නගරයෙන් බැහැර ලෝ ඕ Loire ගඟබඩ පිහිටි බ‍්‍රයන්ස් ගමේ ගත කළ ගිම්හාන කාලවලටයි. ඒ කාලේ ඔහු සිය සොහොයුරා වූ පෝල් සමග ඒ ගෙඟ් බෝට්ටු පැද්දා. ඒ ගඟ හරහා එහා මෙහා ගිය නැව් දුටු ජූල්ස්ගේ සිතිවිලි පිබිදුණා. චාරිකා ගැන සිත ඇදී ගියේ ඒ කාලෙයි.
අවුරුදු නවයේ දී ජූල්ස්ට පෝල් සමග නේවාසික පාසලකට යන්න සිදු වුණා. ඒ සෙන්ට් ඩොනේෂියන් විදුහලටයි. ගවේෂණ චාරිකා ගැන හිතන්නත් ඒවා සැබෑ සිදුවීම් ලෙස ලියන්නත් ඔහුගේ සිත තදින් යොමු වුණේ ඒ කාලෙදියි. ඒ නිසා අනික් විෂයයන් කෙරෙහි ඔහුගේ ඇති දියුණුව විටෙක අඩාල වුණා. කෙසේ හෝ එහි අධ්‍යාපනය අවසන් කළ පසු ඔහුව පැරීසියට යවන්න ඔහුගේ පියා තීරණය කළා.
වෘත්තියෙන් නීතිඥයකු වූ ජූල්ස්ගේ පියා, පුතාත් ඒ මග යවනු අදහසින් නීතිය හැදෑරීමටයි පැරීසියට යැව්වේ. එහෙත් ජූල්ස් නීතිය ඉගෙනීම පසෙකලා ලේඛන කලාවට වැඩි තැනක් දෙන බව දනගත් පසු ඔහුට මුදල් එවීම ටිකෙන් ටික නතර කළා. ඒ නිසා අකමැත්තෙන් හෝ කොටස් වෙළෙඳ පොළේ තැරැව්කරුවකු ලෙස රැකියාවක් කරන්නට ජූල්ස්ට සිදු වුණා. මේ කාලයේ දී තමයි, ඔහුට වික්ටර් හියුගෝ හා ඇලෙක්සැන්ඩර් ඩූමාස් යන ලේඛකයන් හමු වුණේ. ඔවුන්ගෙන් ලේඛන කලාව ගැන ඔහුට ගුරුහරුකම් ලැබුණේ.
වර්න් විවාහ වුණේ 1857 දී, ඔනරීන් ඩි වියාන මොරල් නම් වැන්දඹුවක් සමගයි. ඇයට ඒ වන විට දූවරුන් දෙදෙනකු සිටියා. 1861 දී ඔහුට මයිකල් වර්න් නම් පුතා උපන්නා.
ජූල්ස්ගේ ඉරණම වෙනස් වූයේ ඔහුට තවත් ජූල්ස් කෙනෙක් හමුවීමෙන් පසුවයි. ඒ පියරේ ජූල්ස් හෙට්සෙල්. ඔහු පොක් ප‍්‍රකාශකයෙක්. 19 වැනි සියවසේ විසූ වඩාත් වැදගත් ප‍්‍රකාශකයා වුණේ ඔහුයි. ඔහු වික්ටර් හියුගෝ වැනි ප‍්‍රකට ලේඛකයන්ගේ පොත් ප‍්‍රකාශයට පත් කළ අයෙක්. වර්න්ගේ ලේඛන කලාව දියුණු කර ගැනීමට උදවු වූයේ ඔහුයි. අපි‍්‍රකාවට ඉහළින් බැලූනයකින් ගිය චාරිකාවක් ගැන වර්න් ලියූ පොතක් වෙනත් ප‍්‍රකාශයකු ‘විද්‍යාත්මක කරුණු වැඩියි’ කියා ප‍්‍රතික්ෂේප කළ විට හෙට්සෙල් එය කියවා නැවත ලියන්නට උපදෙස් දුන්නා. ඒ අනුව වර්න් එය නැවත ලිව්වා. දිග වැඩි දේශපාලන පණිවිඩ කෙටි කළා. සිනහ උපදවන යෙදුම් භාවිත කළා. වදන් ගොනු කිරීමේ දී රසවත්ව එය කිරීමට වැඩි අවධානයක් යොමු කළා. ඛේදාන්ත සුඛාන්ත බවට පත් කළා. 1863 දී ‘බැලූනයකින් සති පහක්’ ලියා පළ කළේ එහෙමයි.
එතැන් පටන් වර්න් වසරකට චරිකා වික‍්‍රම කතා ඇතුළත් වෙළුම් දෙකක් හෝ වැඩි ගණනක් ලියා පළ කරන්නට වුණා. ඒවා අතරින් වඩාත් සාර්ථක වූයේ A Journey to the Center of the Earth පෘථිවිය මැදට ගිය ගමනක් (1864), From the Earth to the Moon ‘පොළොවේ සිට සඳ බලා’ (1865), Twenty Thousand Leagues Under the Sea ‘ලීග 20,000ක් මුහුද යටට’(1870),Around the World in Eighty Days ‘ලොව වටා දින 80කින්’ (1873) ආදියයි. මෙයින් ‘ලොව වටා දින 80කින්’ නම් කතාව 1872 දී ලෙ ටෙම්ප්ස් සඟරාවේ කොටස් වශයෙන් පළ වුණා. මේ කතා සියල්ල ඇතුළත් පොත් පෙළ හැඳින්වුණේ ‘අමුතු චාරිකා’ යන අරුත් ඇති Voyages Extraordinaires යන නමිනුයි. වර්න්ට මේ අමුතු කතා කලාව නිසා ජීවත්වීමට තරම් ආදායමක් ලැබුණා. ඒ ආදායම වැඩි දියුණු වූයේ ඔහු වේදිකාවට විශේෂයෙන් සැකසූ ‘ලොව වටා දින 80කින්’ කතාව නිසයි. තවත් වේදිකා නාට්‍ය පිටපත් ගණනාවක් ම ඔහු ඒ කාලයේ ලිව්වා.

1867 දී වර්න් කුඩා නැවක් මිල දී ගත්තා. පසුව මුදල් අත මිට සරුවෙද්දී වඩාත් හොඳ නැවකටත් පසුව තවත් අලූත් නැවකටත් මාරු වුණා. ඔහු පි‍්‍රයතම විනෝදාංශය වූ යාත‍්‍රා කිරීමේ යෙදුණා. තුන්වැනි නැවෙන් ඔහු යුරෝපය වටා යාත‍්‍රා කළා. 1870 දී ඔහු නයිට් පදවියකින් ද පිදුම් ලැබුවා.
ඔහුගේ මුල් නවකතාවෙන් පසු ඔහුගේ කතා බොහොමයක් ම හෙට්සෙල්ගේ ‘විනෝදයෙන් අධ්‍යාපනය’ යන අරුත් ඇති d'Éducation et de Récréation ප‍්‍රංශ බසින් කළ සඟරාවෙහි පළ වුණා. (මේ කාලයේ ම ඔහුගේ සොහොයුරු පෝල් ද චාරිකා කතාවක් හා කෙටිකතා එකතුවක් පළ කළා.) මේ වන විට ජූල්ස් වර්න් බොහොම පොහොසත්; ඒ වගේ ම ජනපි‍්‍රයයි. යුනෙස්කෝ ආයතනය පළ කළ වාර්තා අනුව ඒ කාලයේ වෙනත් භාෂාවලට පරිවර්තනය වුණු ලේඛකයන් අතර ඉහළ ම පස් දෙනා අතර වර්න් නමත් පළ වුණා.
මීට අවුරුදු 149කට පෙර, 1863 දී, ජූල්ස් වර්න් නවකතාවක් ලීවා, ‘විසිවන සියවසේ පැරීසිය’ යන අරුත් ඇති Paris in the Twentieth Century නමින්. ඒක විසිවැනි සියවසේ ජීවත් වූ තරුණයකු පිළිබඳ කතාවක්. ඔහු වාසය කළේ අහස උසට තැනුනු වීදුරු මැඳුරුවලයි. ගමන් බිමන් ගියේ අධිවේගී දුම්රියෙන්, එහෙම නැත්නම් ගෑස්වලින් දුවන මෝටර් රථවලින්. ඔහු භාවිත කළේ කැල්කියුලේටර, ලෝක ව්‍යාප්ත සන්නිවේදන ජාලා ඒ සියල්ල තිබිය දීත් ඔහු ජීවිතයේ සතුට තිබුණේ නැහැ. මේ කතාව සර්ව අශූභවාදී එකක් නිසා ඒ කාලේ වර්න්ට තිබූ ජනපි‍්‍රයත්වයට හානියක් වෙතැයි සැලකූ ඔහුගේ ප‍්‍රකාශක හෙට්සෙල් එය පළ කිරීම තවත් වසර 20ක් පසුව කරන්නට යෝජනා කළා. වර්න් ඒ අත්පිටපත පසෙකට දැම්මා. ඒ ප‍්‍රකාශකයාත් මිය ගියා. ඒක වර්න්ගේ ජීවිත කාලයෙදි මුද්‍රණය කෙරුණෙත් නෑ. ඔහුගේ මරණයෙන් බොහෝ කලකට පසු එය නැවත සොයා ගත්තේ වර්න්ගේ මීමුනුපුරා විසින් 1989 දියි. එය පළ වූයේ 1994දියි. ඒ සමගම ඔහුගේ තවත් නොපළ කෘතීන්, කෙටිකතා, නවකතා ආදිය ගණනාවක් ද පළ කෙරුණා.

ජූල්ස් වර්න්ගේ සැබෑ වූ නව නිපැයුම් 8ක්
ජූල්ස් වර්න් 2012 දී පැවැත්වීමට නියමිත ඔහු 184 වැනි උපන්දිනය තෙක් ජීවත්ව සිටියා නම් දිවැසිවර ලේඛකයකු ලෙස ඔහු එදා පෑ දස්කම් ගැන ඔහුත් මවිතයට පත් වෙනවා නොඅනුමානයි. ඉඩකඩ සීමිත නිසා එයින් සැබෑ වූ අටක් ගැන විතරක් විමසා බලමු.

1. විදුලි සබ්මැරිනය
ජූල්ස් වර්න් ඔහුගේ ‘මුහුද යටට ලීග 20,000ක්’ නම් කෘතියේ එන කපිතන් නීමෝ ලෝකයේ සාගර පත්ල තරණය කරන්නේ ‘නෞටිලස්’ Nautilus නම් යෝධ විදුලි සබ්මැරිනයෙන්. එදා ඔහු ඒ ගැන ලිව්වේ 1870 දියි. එදා ඔහු විස්තර කළ ඒ සබ්මැරිනය අද ඒවාට බොහෝ සේ සමානයි. මේ 1964 දී හැබෑවක් වුණු ඒ සබ්මැරිනය නම් කෙරුණේ ‘ඇල්වින්’ Alvin කියලයි. මෙය කි‍්‍රයා කරන්නට විදුලි බලය සැපයෙන්නේ ලෙඞ් ඇසිඞ් බැටරිවලින්.

2. රූපවාහිනී පුවත් විකාශය
1889 දී ‘2889 වසරේදී’ යනුවෙන් ලිපියක් ලියමින් තවත් අවුරුදු 1000කින් බිහිවිය හැකි දේ ගැන අනාවැකි කියන ජූල්ස් වර්න් පුවත්පතට ආදේශකයක් බිහි වන බව කියා තියෙනවා. ”අර්ත් ක්‍රොනිකල්’ නම් ඒ පුවත්පත මුද්‍රණය කරනවා වෙනුවට සෑම උදයකම එහි ග‍්‍රහකයන් අමතා කතා කරනවා. එහි වාර්තාකරුවන්, රාජ්‍ය තාන්ති‍්‍රකයන් හා විද්‍යාඥයන් වැනි අයගේ මුවින්ම ඔබට එදා දවසේ පුවත් කෙළින්ම අසා ගන්න පුළුවන්” ඔහු මෙහෙම ලීවේ 1889දියි.
සැබැවින්ම පළමු ප‍්‍රවෘත්ති විකාශය 1920 වන තෙක් ආවේ නැහැ. ඒ අසොසියේටඞ් ප්‍රෙස් ප‍්‍රවෘත්ති විකාශය ආවේ වර්න් ඒ ගැන සඳහන් කර වසර 30කට පසුවයි. CBS ප‍්‍රවෘත්ති සේවය කියන විදියට ප‍්‍රථම ජාලගත ටෙලිවිෂන් ප‍්‍රවෘත්ති විකාශයක් ආවේ තවත් වසර 28කට පසුවයි. එදා, 1974 දී ඇමරිකන් ජනාධිපති රිචඞ් නික්සන් ඉල්ලා අස්වෙන අවස්ථාව මිලියන ගණනක් දෙනා ටෙලිවිෂනයෙන් දැක ගත්තා.

3. සූර්ය රුවල් යාත‍්‍රා
1865 දී පළ කළ ‘පොළොවෙන් හඳට’ යන අරුත් ඇති ෆ්‍රොම් ද අර්ත් ටු ද මූන්’ නම් කෘතියෙහි ආලෝකයේ ශක්තිය යොදා ගෙන පියාසර කළ අභ්‍යවකාශ යානයක් ගැන සඳහන් කර තිබුණා. ඒ තාක්ෂණයට එදා නමක් තිබුණේ නැහැ. එය අද හැඳින්වෙන්නේ සූර්ය රුවල් solar sails ලෙසයි. මෙහි දැක්වෙන්නේ නාසා ආයතනය කක්ෂගත කිරීමට බලාපොරොත්තු වන නැනෝසේල්-ඞී NanoSail-D යානයයි. ජපානය දැනටමත් සූර්ය පීඩනය හා සූර්ය කෝෂ යන දෙවර්ගයම යොදා ගත් දෙමුහුන් තාක්ෂණයෙන් යුත් සරුංගල් අභ්‍යවකාශ යානයක් අභ්‍යවකාශයට යවා තියෙනවා.
අද වර්න් ගෞරව ලබන්නේ අනාගතවක්තෘ ලේඛකයකු ලෙසයි. වර්තමාන තාක්ෂණයේ බිහි වී ඇති බොහෝ දේ ගැන ඒවා බිහිවෙන්නට බොහෝ කලකට පෙර ඔහුගේ ලේඛනවල පළ වුණා.

4. ලූනා මොඩියුල නම් චන්ද්‍ර යානා
ජූල්ස් වර්න් 1865 දී පළ කළ ‘පොළොවෙන් හඳට’ යන අරුත් ඇති ෆ්‍රොම් ද අර්ත් ටු ද මූන්’ නම් කෘතියෙහි ලූනා මොඩියුල ගැන සඳහන් කර තිබුණා. නාසා ආයතනය යැවූ රොකට්ටුව මුදුනේ රඳවා යවන ලද කේතුවක හැඩ ගත් ලූනා මොඩියුලය පමණක් නොව එය ප‍්‍රක්ෂිප්තයක් සේ අහසට විදිය හැකි බවට ඔහු අනාවැකි පළ කළා. යෝධ තුවක්කුවකින් ගුරුත්ව බලය ඉක්මවා ගිය හැකි වේගයකින් ඉහළ විදිය හැකි බව කීවා. ඔහු ඒ නව නිපැයුම කි‍්‍රයා කරන ආකාරය විස්තර කරන්න දැඩි උත්සාහයක් ගත්තා. ඔහු ඒ අතින් එච්.ජී. වේල්ස්ට වැඩිය වෙනස්. වේල්ස් හඳ ගමනේ දී ගුරුත්වය බිඳින්නට යොදා ගත්තේ ද්‍රව්‍යයක්. වර්න් කීවේ ඒ සඳහා බල ප‍්‍රභවයක් යොදා ගත හැකි බවයි.

5. හැමෝටම බලන්න අහසේ ලිවීම
1889 දී ‘2889 වසරේදී’ යන ලිපියෙන් තවත් අවුරුදු 1000කින් බිහිවිය හැකි දේ ගැන අනාවැකි පළ කළ ජූල්ස් වර්න් දැන්වීම් කලාව ගැන සඳහන් කරමින් කීවේ ‘වායුගෝලීය දැන්වීම්’ ඒ කාලයේ දී බිහිවන බවයි. මේවා කොයිතරම් විශාල ද කීවොත් හැමදෙනාටම දැක ගත හැකි වෙනවා. අහසේ දිස් වෙන වලාකුළුවලින් පරාවර්තනය වන මේ දැන්වීම් මුළු නගරයකම, සමහර විට මුළු රටකටම විශාල ජනකායකට පෙනෙන සේ සැකසිය හැකි වෙනවා. එදා ඔහු කී දෙය මේ වන විටත් සැබෑ වී තියෙනවා.

6. වීඩියෝ සම්මන්ත‍්‍රණ පැවැත්වීම
1889 දී ‘2889 වසරේදී’ යනුවෙන් ලිපියක් ලියමින් තවත් අවුරුදු 100කින් බිහිවිය හැකි දේ ගැන අනාවැකි පළ කළ වර්න් තව කී දෙයක් තමයි, වීඩියෝ සම්මන්ත‍්‍රණ පැවැත්වීම. වර්න් එය විස්තර කළේ ‘ෆෝනෝටෙලිෆෝටේ’ phonotelephote යනුවෙන් හඬ, රූප මුසුව ඈත දෙපළක සිට කතා කිරීමේ ක‍්‍රමයක් ලෙසයි. ඔහු එය සිදුවෙන හැටි විස්තර කළේ සංවේදී දර්පණ යොදා ගෙන රැහැන් මගින් එය කරනු ඇතැයි කියායි. වීඩියෝ සම්මන්ත‍්‍රණ පැවැත්වීමේ තාක්ෂණය videoconferencing technologies අද අපට අලූත් දෙයක් නොවෙයි.

7. මිනිසුන් ගල් කරන ‘පිස්තෝලයක්’
‘ලීග 20,000ක් මුහුද යට’ විද්‍යා ප‍්‍රබන්ධයෙන් වර්න් වැඩියෙන් විස්තර කළේත් කාගෙත් වැඩි අවධානය යොමු වුනෙත් එහි යානයටයි. ඒත් එහි අමුතු අවියක් ගැනත් කියැවුණා. වර්න් කියූ විදියට ”ඒ අවියෙන් නිකුත් වුණේ සාමාන්‍ය බෝල (උණ්ඩ) නොවෙයි. වීදුරු බෝල විශේෂයක් ඒ වටා වානේ ආවරණයක් යොදා තිබුණා. බර වැඩි කරන්නට ඊයම් ගුළි යොදා තිබුණා. ඒවා හරියට කුඩා ලීඩන් බෝතල් වගෙයි. (ලීඩන් බෝතල් කියා කියන්නේ ඒ කාලේ ස්ථිත විදුලිය ගබඩා කරන්න යොදා ගත් බහාලූමක්) අධික විදුලි සැරයක් ඒ එකක තියෙනවා. ඒවායින් එකක් වැදුනොත් කොයිතරම් බලවන්තයෙක් වුනත් මැරිල වැටෙනවා.” ඒක හරිම ප‍්‍රබල අවියක්. ඒ අවිය හරියටම තවමත් නිපදවා නැහැ. ඒත් ඊට මඳක් සමාන එකක් දැන් නිපදවා තියෙනවා. ඒ තමා ‘ටාසීර්’ Taser කියන ඉලෙක්ට්‍රොනික පාලක මෙවලම, ඒකෙන් විදුලි සැරයක් නිකුත් කරන්න පුළුවන්.

8. උඩුගුවනට ගිය කැප්සියුලය මුහුදට පතිත වීම.
ජූල්ස් වර්න් 1865 දී පළ කළ ‘පොළොවෙන් හඳට’ යන නමින් ලියූ විද්‍යා ප‍්‍රබන්ධයෙන් කීවා හඳට ගිය යානය මුහුද පතිත ව පාවෙමින් තිබුණාය කියා. ඔහු එදා ඒ කතාවෙන් විස්තර කළේ ඔහුගේ සිතේ මවා ගත් දසුනක්. ඒත් සැබැවින් ම උඩුගුවනට මිනිසකු රැගෙන ගිය මර්කරි කැප්සියුලය ඒ අයුරින්ම මුහුදටයි පතිත වුණේ, 1961 දි.
19 වැනි සියවසේ තවත් ලේඛකයන් සිටියා, මේ වගේ අනාගතයේ එන නව තාක්ෂණික උපකරණ හා මෙවලම් ගැන ඔවුන්ගේ කතාවල ලියූ. ඒත් වර්න් මෙහිදී සුවිශේෂී වුණේ ඔහුගේ අපූරු චාරිකා අත්දැකීම් තුළ ඒවා ඇතුළත් කර තිබූ අපූරු ආකාරය නිසයි. බොහෝ විට ඔහු මේ නව නිර්මාණ යොදා ගත්තේ ඔහුගේ ප‍්‍රබන්ධය රසවත් කරන්නයි. එසේ නැතිව අනාගතයේ අත්‍යවශයෙන් බිහිකළ යුතු ප‍්‍රයෝජනවත් මෙවලම් හැටියට නොවෙයි.

නොගැලපෙන
ඒ අවන්හල
මා කෙහෙරැලි කිතිකවන
කොපමණ කියන්නද
රවුම් මේස අපිට නොගැලපෙන බව
මා කෙහෙරැලි කිතිකවන
කොපමණ කියන්නද
රවුම් මේස අපිට නොගැලපෙන බව
සියල්ල එක තැන 2012-02-21 21:42:00
දේව් ගේ අඩවිය: ජිවිතයක් බේරා ගන්න පුන්චි උදව්වක් කරනවද?
දේව් ගේ අඩවිය: ජිවිතයක් බේරා ගන්න පුන්චි උදව්වක් කරනවද?: සාමානයෙන් මම එක දිගට දවසක් ගානේ පොස්ට් දාන කෙනෙක් නම් නෙමේ.. ඒත් මේ දේ ගොඩාක් වැදගත් කියලා මට හිතුනා.. ඔයාලා හැමෝගෙන්ම ලොකු උපකාරයක් බලාපොරො...
පත්තර කියවන්නෙ මෝඩයොද?
බලන්න මේ තියෙන්නේ ලංකාවෙ ප්‍රධාන ජාතික පුවත්පතක් ලංකාවේ ජනතාව අන්දන්න දරණ ඉතාම කැත උත්සාහයක්.
ලංකාවෙ පත්තර බලන්නෙ කවුරු කියලද දන්නෙ නෑ හිතාගෙන ඉන්නෙ. මේක කිහිප තැනකම කතාවෙනව දැක්කත් මටත් මොනවහරි ලියල දාන්න හිතුණා.
දෙකේ පන්තියෙ පොඩි එකෙක් ලියන්න දන්නව මීට වැඩිය හොඳට. මේ කියල තියෙන විදියට ලංකාවෙ උදේ 7.50 වෙනකොට ඕස්ට්‍රේලියාවට(මෙල්බර්න් වලට) මහ පාන්දර.
මෙතන “උදේ“ කියල දාල තියෙන්නේ වැරදිලා වෙන්න බැහැ. මොකද රෑ 7.50 වුණත් රෑ 12 ට කිට්ටුවෙලාවක් වෙන්න ඕනෙ.
අනිත් එක මේ පුද්ගලයා කතා කරල තියෙන්නෙ ලංකාවෙ ඉඳන් නෙමෙයි කියල කියන්න කිසිම විදියකින් සාක්ෂියක් ලිපිය තුළ නැහැ.
බොරු වුණත් ලියනකොට අහුවෙන්න නැතිවෙන්න ලියන්න තරමට වත් දන්න මිනිස්සු ඕනෙ ජාතික පුවත්පතකට ලිපි ලියන්න.
දිවයින කියන්නෙ පහුගිය කාලෙ ඉතා හොඳින් ජාතිකවාදී මතයක් ජනතාව තුළට ගෙනියන්න විශාල කාර්ය භාරයක් ඉටුකරපු පත්තරයක්.
හැබැයි මේවගේ වැඩවලින් වෙන්නෙ මොකද්ද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.
මේකට කියන්නෙ කඩේ යනව කියලද කියල මං නං දන්නෙ නැහැ.
ලෝකේ Time zones ගැන දන්නෙ නැති අය මෙතනට යන්න. http://www.timezonecheck.com/
ප.ලි.
ටයිටලෙන් පොඩි වැරදි වැටහීමක් එනව වගේ කියල තිබ්බ හන්දා. “ලංකාවෙ ඉන්නෙ කවුද“ කියන එක “පත්තර කියවන්නෙ මෝඩයොද“ යනුවෙන් වෙනස් කරන ලදී.

කොල්ලෙක්ගේ තනපට කඩා වැටුනොත් කුමක් වෙයිද?
මේ සිද්ධිය මතක් වුනේ මගේ බ්ලොග් එකම ආයෙත් කියව කියවා ඉද්දී... මතකනේ පංසලේ තිබ්බ වෙන්දේසිය... මේ සිද්ධියෙන් පස්සේ ආයෙත් පංසලේ වෙන්දේසි තියන්න උනේ නෑ කාලයක් යනකම්.. ඒ නිසා ගමේ පොදු වැඩ සඳහා අරමුදල් රැස් කරන්න තිබ්බ සියළු සල්පිල් වෙන්දේසි අරවා මේවා ඔක්කෝම තිබ්බේ ගමේ ඉස්කෝලේ පිට්ටනියේ.. පොල් තොරන් අරවා මේවාත් එක්ක සැරටම යන වෙන්දේසියේ අළුත්ම අංගය වුනේ ඈත ගමක නාට්ටි කණ්ඩායමක් ගෙනල්ලා නාට්ටි පෙන්නන එක.. මට දැන් මතක නෑ මේවාගේ නම්...ඒත් අල්ලපු ගමේ එකා වෙච්ච අපේ ඕනමැන්ටල් කොලුවා යටින් කමෙන්ට් එකක් දායි ඔය ගැන කියලා....
අහ්.. කථාව... ඉතින් එක්තරා සල්පිලක් දවස උදා වුනා.. පොල් තොරන වෙන්දේසිය තමයි මුලින්ම තියෙන්නේ... මොකද මල්වට්ටි නෑනේ ඉස්කෝල පිට්ටනියේ.. පොල් තොරන කියන්නෙද? අපේ ගම කුරුණෑගල ආශ්රිත නිසා ගමේ හැමෝගේම වත්තේ එක පොල් ගහක් හරි තියෙනවා.. ඉතින් මේ හැමෝම ස්වේච්ඡාවෙන් දෙන පොල්ගෙඩි කීපය එකතු කරලා පොල් වලින් ගහනවා විශාල තොරනක් වගේ එකක්.... ඒකේ පොල් ගෙඩි 2000කට වැඩි උනත් අඩු වෙන්නේ නෑ... ඉතින් ගමේ මුදලාලිලා මේ පොල් තොරන මිලට ගන්න දඟ දානවා.. ඒ අතරේ අනිත් මිනිස්සුත් ලංසුව උස්සලා තමන්ට අයිති කරගන්න බලනවා... ඒ අයිති කරගත්තත් අන්තිමට දෙන්න වෙන්නෙ අර පොල් මුදලාලිටම තමයි....
ආයෙත් කතාව පිට... ඉතින් මේ පොල් තොරණ වෙන්දේසියේ උච්ඡතම අවස්ථාව වෙද්දි සංවිධායකයෝ වේන්දේසිය මඳකට අත් හිටවනවා.... හරියට අර රියැලිටි ශෝවල "මේ විරාමයෙන් පසුවයි" කියලා කියනවා වගේ... එතනින් පස්සේ තමයි අර නාට්ටි කණ්ඩායම එලියට එන්නේ....
"රුගද් තාං" වගේ බෙර සද්දයි මීයෝ කාපු වගේ රවිකිඥ්ඥ සද්දෙයි එක්ක තමයි මේ නාට්ටිය පටන් ගන්නේ.. ටීටරුත් නොවූ, නාට්ටිත් නොවූ අමුතු තාලේ කතා රැගත් මේ නාට්ටි පෙන්නනකොට අපිට චූන් වෙච්ච හැටි තාම මතකයි.... නිළියෝ සබයට එද්දි කොල්ලෝ දෙන විසිල් පාර ගම දෙවනත් කරනවා.... සටන් ජවනිකා යද්දි "ඕකට ගැහු ගැහු" කිය කිය හුරේ දාන උන්ව දැන් මතක් වෙද්දි හිනාත් යනවා.. පෙම් කතාව දුක්බර අවසානයකින් ඉවර වෙද්දි ගමේ ආච්චි අම්මලාගේ ඉදන් පොඩි කෙල්ලෝ වෙනකම්ම ඔක්කොම දෙනා හොටු හූර හූර අඳිනවා උඩට දුකේ බැරුව...
ඊට පස්සෙ නාට්ටිය ඉවර වුනාම ආයේ පුරුදු පරිදි සල්පිල යනවා... දැන් දවසක් මේ නාට්ටි පෙන්නනවා... නිලියක් ආවා සිංදුවකට නටාගෙන.... ආයේ කියලා වැඩක් නෑ.. සුපිරි එකේ හොඳම එක.. ඇඳලා හිටියේ හැට්ටෙයි චීත්තෙයි ටිකක් බුරිය එහෙම පේන විදිහට.... ආයේ ඉතින් නටාගෙන එනකොට කොල්ලන්ගේ චියර් එක මුහුද ගොඩ ගලන්නා වගේ.... ඉතින් මෙහෙම නටාගෙන ඇවිල්ලා සිංදුව ඉවර වෙද්දිම, අර අපි දුන්න නමනවා කියලා ශරීරය පස්සට නමන්නේ.. එහෙම නැමෙන්න ගත්ත විතරයි "ජරස්" ගාලා සද්දයක් ආවා...
හයියෝ සල්ලි... කෙල්ලගේ හැට්ටේ හරි මැදින් දෙකට පැලිලා.... හැට්ටේ අස්සෙන් පොදි දෙකක් බිමට වැටුනා.. ඔක්කොගෙම විසිල් නැවතුනා... මීයට පිම්බා වගේ නිශ්ශබ්ද උනා... ඔක්කොම බැලුවේ කෙල්ලගේ හැට්ටේ අස්සෙන් වැටුනේ මොකක්ද කියලා... මේ තියෙන්නේ රෙදි පොට්ටනි දෙකක්ම බිම.... මේ වෙලාව වෙද්දිත් ප්‍රේක්ෂකයෝ තුෂ්නිම්භූතයි... ඉක්මනටම කට ඇරුනෙ වසන්ත මාමගේ... ඒ මෙන්න මෙහෙම...
"නෙද්දකින් විතරක්.. මේකි කොල්ලෙක්නේ යකෝ....."
මීයට පිම්බා වගේ නිශ්ශබ්ද වෙලා තිබ්බ පිට්ටනිය අන්තිම කෙලවරටත් ඒක ඇහුනේ ශබ්ද විකාශන යන්ත්‍රයකින් කිව්ව වගේ.... වික්ශිප්ත වෙලා වැහිලා තිබ්බ කටවල් හූ හඩින් පිරිලා ඉතිරිලා ගියා.. නිලි කොල්ල වේදිකාවේ පස්සටත් වසන්ත මාමා ගෙදරටත් දිව්වේ විදුලි වේගෙන්.. වෙන්දේසිය පටන් ගන්න හූ හඬ නවතිනකන් සෑහෙන්න වෙලා ඉවසන්න වුනා සංවිධායක මණ්ඩලේට....
එදායින් පස්සේ වසන්ත මාමා පාරේ යද්දි කොල්ලො කියන්නෙ මෙච්චරයි...
නෙද්දක්..............
කියන්න වෙන්නේ මෙච්චරයි. ඉතිරි ටික තියෙන හොඳම හරුපෙන් කියන්නේ වසන්ත මාමමයි.....
ප.ලි. අපේ පොඩි උන් හොඳ වැඩක් කරලා එහි අවසන් පියවරට ඇවිත් තියෙනවා.. ඔයාලගෙ පුංචි සහයෝගයක් ලැබුනොත් මේ වැඩේ නියමිත දවසට ඉවරයක් කරගෙන සාර්තකත්වයක් දකින්න පුළුවන් වේවි.. මෙතනින් යන්න....
මා හදබැඳි සිංහල ගීත දහය
සිංහල ගීතය කියන්නේ විවිධ කාලවලදී විවිධවූ විපර්යාසවලට බඳුන්වූවත් තවමත් නොනැසී පවතින ගීත කලාවක්.එහිලා සුවිශේෂී මතක සටහන් තැබූ හදබැඳගත් ගීත අනන්තවත් ඒ අතර ඇත. පුද්ගලයන්ගේ රුචිකත්වය, වින්දනීය පරාසය හා රසඥතාව යන සාධක මත විවිධ වූ පුද්ගලයන් විවිධ මට්ටමේ ගීත තමන්ගේ කැමතිම ගීත ලෙස තෝරාගනිමින් ඒවා නිතර රසවිඳිනවා සේම බොහෝ දෙනෙක් ඒ කැමැත්ත පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නටත් පැකිලෙන්නේ නෑ.
සමහර ගීත
ව මතක් උනේ 