විවාහ දින මතක සටහන්.. අපොයි මෙන්න මෙහෙම මඟුල්….

පස්වෙනි විවාහ සංවත්සරයත් ලඟම එනවා... ඒ නිසා මේ ගැන මතකය අවදි වෙච්ච අතරේ මගේ විවාහ දිනයේ රසබර මතක සටහන් ටිකක් ඔයාලට දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ.... හැමෝගෙම මංගල දිනයන් වල මේ වගේ මතක අනන්තවත් ඇති... රංගයත් දාල තිබ්බේ මඟුල වෙච්ච හැටි කියලා පෝස්ට් එකක්.. මම දැක්කා පරක්කු වැඩි නිසා කමෙන්ට් කලේ නෑ... අපි ඔය ගැන කිව්වොත් ඉතින්... වටේ යන්නේ නැතුව කතාවට බහිමු... (පොඩ්ඩක් ඉන්න හරියටම දිනේ මතක් කරගන්න තෑන්කින් කාඩ් එකක් හොයාගන්නකන්...)


ඔන්න 2007 ජූනි මාසෙ 6 වෙනිදා තමයි විවාහ මංගල්ලේ තිබ්බේ.. වාද්දුවේ බ්ලූ වෝටර් එකේ තමයි ඒක තිබ්බේ.. මම ඉතින් කුරුණෑගල ඉදන් වාද්දුවේ එනවා කියන එකේත් දන්නවනේ පරිප්පුව... 


කොහොම හරි ඔන්න ජූනි 5ත් වුනා... යාළු මනමාලයෝ වුනේ දමින්ද සහ ජනක... උන් දෙන්නා ගෙදරට ඇවිත් කතා කර කර ඉන්න ගමන් ඇහුවා 


මචන්, දැන් හෙට කාර් එක කීයටද එන්නේ?


අප්පට සිරි, කාර් එකක්... ඒක තාම කතා කලේ නෑනේ... උන් දෙන්නත් එක්කම පිටත් වෙලා කර් රෙන්ට් කරන තැනකින් මහ රෑ ගත්තේ කාර් එකක්.... අරන් විනාඩි 5ක් යන්න කලින් පැට්‍රල් ශෙඩ් එකකදි වස් දොස් යන්නත් එක්කම පිටිපස්සෙ එක පැත්තක් ඇද කලා... කොහොම හරි කාර් එක ගෙදර ගේද්දි 10යි....


අවසානෙට කටයුතු හොයා බලලා ඔක්කොම හරි කියලා හිතාගෙන අපි තුන් දෙනා මගේ කාමරේ පොඩි ඇලට් එකක් දාන්න හිතාගෙන ඇලවුනා.. මොකද උඩරට සාම්ප්‍රදායික කිට් එක ගහපු නිසා අන්දන අය එනවා කිව්වේ 12ට. දැන් ඇලට් එක දාන්න හදද්දිම ජනක කථා කරනවා....


මචන් අභිය...,


ඇයි බන්.. නිදා ගනින්කො....


සමා තරහා වෙලා බන්. මට නින්ද යන්නේ නෑ... (සමා කිව්වේ ජනකගෙ කෙල්ල)


ඉතින් බන් උඹටනේ නින්ද නොයන්නේ.. අපිට නින්ද යනවනේ....


උඹට පුලුවන්ද බන් මම ඇහැරිලා ඉද්දි නිදා ගන්න.... දමින්ද මල්ලි උඹත් නිද්දි බන්...


ම්ම්... ඔව් අයියේ...


ඒ ඇහැරලා හිටපන්කො.... මොකක්ද බන්.... 


අඩේ ජනා වද නොදී නිදා ගනින්... මෙතන ආතල් නොදී....


කියනකොටම ගෙදර පෝන් එක රිං වුනා... 


මල්ලි 11.30යි. අපි මේ අන්දන කට්ටිය කතා කරන්නේ... 12 වෙද්දි අපි ඔතන. දෙන් මූන කට හෝදගෙන ලෑස්ති වෙන්න,,,,


හරිනේ.... දැන් මම මුන් දෙන්නට පණිවිඩේ කිව්වා... ජනා නැවතත් ප්‍රශ්ණයක්...


අභියා... බ්‍රශ් එකක් ගෙනාවේ නෑ බන්.. වැඩි පුර එකක් නැද්ද?


කොහෙන්ද බන් වැඩිපුර බ්‍රශ් තියෙන්නේ.... 


ජනක අයියා, කාර් එකේ ලොකර් එකේ තිබ්බ එකක්... කාගෙද දන්නේ නෑ හැබැයි....


කාගේ වුනත් මොකද බන්, ඌ දන්නවයෑ මම ඒකෙන් මැද්දා කියලා..


ඔන්න ඔහොමයි ජනක එදා දත් මැද්දේ...


දැන් 12.04ට විතර තමයි අන්දන නැකැත් තිබ්බේ.... දිනකට කලින් මස් මාංශ වලින් වැලකිලා එහෙම හිටපු නිසා පිරිත්  දේශනා මැද්දේ ඔන්න අදින්න පටන් ගත්තා.... අප්පා.. එහෙම ඇඳුමක්.. අඳිනවා අඳිනවා ඉවරයක් නෑ.... අර උරහිස් වල තියෙන ලොකු බෝල වගේ කෑලි වලට පත්තර පිටු ඔබමින් දැන් මෙයාලා ඇන්දුවා... අන්දලා ඉවර වුනාම පිටි පස්ස හැරෙන්නවත් බැරි තරමට ඇග විශාලයි... පිටි පස්ස බලන්නත් සයිඩ් කණ්ණාඩි දෙකක් හයි කරගන්න වෙයි වගේ...


දැන් ඉතින් අපි ඔක්කොම ඇඳගෙන නෑයෝ ටිකත් පටවගෙන එනවා... කාර් එකේ එද්දි ජනකයා ආයෙත් පටන් ගත්තා උගේ සාමාන්‍ය ආතල් දීම.... ඉස්සරහා දමින්ද.. පිටිපස්සේ මමයි ජනකයි.... මල් කුමාරයෙකුත් අපි දෙන්නගේ මැද්දේ....


මචන් අභියා,


ඇයි?


තවම උඹ පරක්කු නෑ..... ඕනනම් කාර් එක හරවගෙන ආපහු යමන්...


ඒක තමයි ජනක අයියේ.. අපි විඳින වදේම බලහන්කෝ.... මූ මොන වදයක් විදීද පස්සට...? දමියත් පොහොර දානවා....


මොකද අභියා කියන්නේ.. හරවලා අපහු යමුද?


ඔය වගේ රස කථා අස්සේ ඇවිත් පොටෝ ගහලා හෝල් එකට ගිහින් අරව මේවා වැඩ ගොඩායි..... හෝටලේට ඇතුල් වෙද්දිම කැමරා ශිල්පියා දුවගෙන ඇවිත් ඉස්සරහා හිටපු දමියට මෙහෙම කිව්ව


මල්ලි, ඔයා බැහැලා මෙයාට දොර අරින්න....


මම දැන් දමියට කියනවා...


"අඩෝ.. $%&^, ඉහින් ඇරපිය දොර... තෝ කාළකණ්ණියා දොර ඇරියේ නැත්නම් බලා ගත්තැකි..." ඒ අතරෙ ජනකයත් බනිනවා ඌට.. මොකද ඌ දොර අරින්නම එපායැ දැන්... ඒ වෙලාවේ උගේ කටින් නික්මුණ වචන නම් තරු කොටු දාලාවත් ලියන්න බෑ....


අන්තිම තත්පරයට වගේ හෝටලේට ආපු නිසා කෙලින්ම පෝරුවට ගොඩ වෙන්නයි තිබ්බේ.... මෙතනින් පස්සේ ටික ඊලඟ කොටසින් කියවමු... මම හිතන්නේ කොටස් හතරක් වත් ලියන්න වෙයි.... 


ප.ලි. මේ ලිපි පෙල අවසානයේ මම පොඩි අවවාදයක් දෙන්නත් බලපොරොත්තු වෙනවා කට්ටියට.. වෙඩින්ග් එකක් ගන්නේ කොහොමද කියලා....

අබෞද්ධයෙකුට කියු බුදු දහම (25 කොටස)

දෙවන අංගය සංස්කාර
‘‘කතමෙ , භික්ඛවෙ, සඞ්ඛාරා? තයොමෙ, භික්ඛවෙ, සඞ්ඛාරා කායසඞ්ඛාරො, වචීසඞ්ඛාරො, චිත්තසඞ්ඛාරො. ඉමෙ වුච්චන්ති, භික්ඛවෙ, සඞ්ඛාරා.

මහණෙනි සංස්කාර කුමක්ද? මහණෙනි සංස්කාර තුනකි. කාය සංස්කාර, වචී සංස්කාර හා චිත්ත සංස්කාර මේවා සංස්කාර යැයි කියනු ලැබෙයි.

දැන්  අවිද්‍යාව නිසා සංස්කාර හටගන්නා බව පැහැදිලි කරගත්තා. සංස්කාර යනු මේ කාය සංස්කාර, චිත්ත සංස්කාර, වචී සංස්කාර යන තුනටයි.

මිනිසෙක් ලොව උපන්න මොහොතේ සිට කරන සියළුම ක්‍රියාවන් වචනයෙන් කරන ක්‍රියා, සිතින් කරන ක්‍රියා සහ කයෙන් කරන ක්‍රියා වශයෙන් වෙන් කලොත් ඔබ එයට එකඟ වනවාද?

32) ඔවි එය නිවැරදියි. මනුස්සයෙක් මනුස්ස ජිවිත කාලයක් තුල කරන යමිතාක් ක්‍රියා තිබෙනවා නමි ඒ සේරම ක්‍රියා කරනුයේ එක්කෝ කයින්, එක්කෝ වචනයෙන්, එක්කෝ සිතින් එතනින් එහා දෙයක් නම් පෙන්න නැහැ.

ඔබ නිවැරදියි එතින්න එහා දෙයක් නැහැ. මිනිස්සු මේ ක්‍රියා සේරම කරනුයේ ඇසින් ප්‍රිය රූප දකින්න, කණින් ප්‍රිය ශබිධ අහන්න, නාසයෙන් ප්‍රිය ගඳ සුවද විදින්න, දිවට රසවත් රසයන් ලබන්න, කයට සුවපහසු ස්පර්ශ ලබන්න, එසේම මනසට ආස හිතෙන ප්‍රිය උපදවනසුළු සිතුවිලි ඇතිකර ගැනීමට. කියා මම කිවිවොත් ඔබ එකඟ වනවාද?

33)ඔවි මට එක පැත්තකින් එකඟ වෙන්න පුළුවන්. මම මේ කියන කරුනුත් මෙයට අන්තර්ගත වෙන්න අවශ්‍ය නේද? මිනිස්සු ඇසට පෙනෙන අසුන්දර දෑ වලින් මිදීමටත් ක්‍රියා කරනවා. කණට ඇසෙන අප්‍රිය ශබිධයන්ගෙන් මිදීමටත් විවිධ දෑ කරනවා, නාසයට දැනෙන අකමැති ගණ්ධයන්ගෙන් මිදීමටත් යමි යමි ක්‍රියාවන් කරනවා. රස ස්පර්ශ වැනිම මනසට දැනෙන දුක්ඛ වේදනාවන්, අකමැති වේදනාවන් නිසාත් යමි යමි ක්‍රියාවන් කරනවා.

ඔබ ඉතාමත් නිවැරදයි. ඔබ නිවැරදි ලෙසම ඌන පුර්ණය කලා. සත්‍යවශයෙන්ම මිනිස්සු මේ සෑම දෙයක්ම කරනුයේ සැබෑ  සුවයක් නොවන්නාවු සුඛසහගතයි කියා අවිද්‍යාව නිසා මුලාවුන රූපයන් නිසා ඇතිවන දැනිමි, ශබිධයන් නිසා ඇතිවන දැනිමි, ගන්ධයන් නිසා ඇතිවන දැනිමි, රසයන් නිසා ඇතිවන දැනිමි, ස්පර්ශ නිසා ඇතිවන දැනිමි, සිතුවිලි නිසා ඇතිවන දැනිමි ලබන්නටයි කියා මම කිවවොත් ඔබ එකඟ වනවාද?

34)  ඔවි එකඟ වනවා. ඔය දැනිමි යන දේ නේද  පංචස්කන්ධය පිළිබඳ සාකවිඡා කරන වීවේදි විඥානය කියා කිවිවේ?

ඉතා නිවැරදියි. මේ දැනිමි ලබන්නට, නැත්නමි මේ විඥානයන් ලබන්නට තමයි මේ සත්ත්වයෝ උපන් මොහොතේ සිට මේ කය, සිත වදන මෙහෙයවලා විවිධාකාර ක්‍රියාවන් කරනුයේ, ඉගෙන ගන්නේ, රස්සාවන් කරනුයේ, කන්නේ, බොන්නේ, විනොද චාරිකා යන්නේ, ධර්මය පිළිබඳ සොයන්නේ, වාද විවාද පවත්වන්නේ යමිතාක් දෑ කරනුයේ මේ දැනිමි ඇතිකර ගැනීමට. මේ කරන ක්‍රියාවලින් සමහරක් කුසල කර්ම වශයෙන් හදුන්වනවා, තවත් සමරක් අකුසල කර්ම වශයෙන් හදුන්වනවා. ඕකට පුඤ්ඤභි සංඛාර, අපුඤ්ඤභිසංඛාර, ආනෙඤ්ජාභි සංඛාර කියලත් යනවාසරලව යනවා නමි; පුඤ්ඤභි සංඛාර යනු කුසල කර්ම. අපුඤ්ඤභිසංඛාර යනු අකුසල කර්ම. ආනෙඤ්ජාභි සංඛාර යනු අරූප භවයක උත්පත්තිය ගෙන දීමට සමත් අරූපාවචර ධ්‍යානමය කුසල කර්ම.

ඒ අනුව දැන් ඔබට පැහැදිලියි මේ ක්‍රියා නැත්නමි සංස්ඛාර නැත්නමි කුසලාකුසල කර්ම ඇති විට, ඒ නිසා ඔබට විඤ්ඤාණ උපදිනවා යන කාරණාව.

මාගේ නාම කාය පෝෂණය කල අතිඋත්තම දන්කන්දේ ධමිමරතන හිමියන්ටත්, උඩුගම ථේරිකා තෙරණින්වහන්සේටත්,
මාගේ රූප කාය පෝෂණය කල රංජනි ජයසුන්දර අපගේ මෑණියන්ටත් ජේ.එමි. ජයසුන්දර අපගේ පියාණන්ටත්,මේ ගත පුජාවක් වේවd! ඔවුන් නිදුක් නීරෝගී වේවා!! චිර ජීවනය වේවා!!
  සියළුම හිමිකමි අවිරිණි
නීතිඥ තනූජ කේ. ජයසුන්දර විසිනි
උපුටාගැණිම මත ශ්රී ලංකාවේ තත්කාලීන ක්රියාත්මක නීතිය යටතේ වගකීමට යටත් වනු ලැබේ.

     නිර්වාණය සාක්ෂාත් කිරීමට අවැසි අයෙක් වේ නමි, තාමත් එයට කාලයයි. ඒ සඳහා සාර්ථකව මඟ පෙන්විය හැකි ස්ථාන ලංකාව තුලත් ඇත. කල යුත්තේ එබදු ස්ථානයක් හා සමිබන්ධ වී ගුරුවරයෙකු ඇසුරේ කමටහන් ලබා භවනාවේ නියතු වීමයි. ඒ සඳහා සුදුසුම ස්ථාන ඇත.

ඔහු ඔබ රවටන බව කෙසේ කියන්නද?

ඔස්ට්‍රියන් සහ ඇමරිකානු සම්භවයක් ඇති ලෝකයේ ප්‍රසිද්ධ, වෘත්තිමය කායවර්ධන ක්‍රීඩකයකු, නළුවෙකු, ව්‍යාපාරිකයකු මෙන්ම කැලිෆෝනියාවේ 38 වන ආණ්ඩුකාරවරයා (2003-2011) බවට පත් වූ ආනෝල්ඩ් ස්වසෙන්ගර්, ඔහු සමීපයේ සිටි සොඳුරු කාන්තාවන් සමඟ හොඳින් සබඳතාවයන් පැවැත් වූ පුද්ගලයෙකු ලෙස පෙන්වා දිය හැකිය. ඒ සඳහා ඔවුන් අනුගමනය කරන ක්‍රියා කිහිපයකි මේ.  ඔහුගේ දෑ ආරක්ෂා කර ගනී පිරිමින් බොහෝ


පීප්… පීප්… නැගිටපන් යකෝ….

අපි උදේට නැගිටින්න එලාම් තියෙන එලාම් එක වදින්නේ ට්‍රීං… ට්‍රීං… කියලානේ. නැත්තං ඉතිං කුක්කු කූක් කූ…. ගානවා. ඒ ගැන දන්නේ කසාද බැන්ද මාමලා තමා. අපි මේ තාම චූටි එවුන් ඒ ගැන දන්නේ නෑ…! මේ කියන්නේ ඊට වැඩිය මරු එලාම් එකක් ගැන. මේ ලඟදී දවසක මට යන්න වුනා මගේ කලින් ඔෆිස් එකට. එකෙක්ට පොඩි ට්‍රේනින් එකක් [...]

වීර කන්තාවෝ -වත්මන් ලෝකයේ කාන්තාවගේ හැඩරුව වෙනස් කළ එමලින්


"අපේ කාලයේ කාන්තාවගේ හැඩරුව වෙනස් කළේ ඇයයි. ඇය සමාජය හොල්ලා කාන්තාව මේ සමාජය තුළ යළි ආපසු නොයන තැනකට පත් කිරීමට සමත් වුණා."

ලෝකප‍්‍රකට ‘ටයිම්’ (TIME) සඟරාව, 1999 අවසානයේ දී, 21 වන සියවස වෙනුවෙන් ලෝකය වෙනස් කළ, ‘විසි වන සියවසේ වඩාත් වැදගත්ම සිය දෙනා’ ගැන විශේෂාංගයක් පළ කරමින් ඇය ගැන සඳහන් කළේ එහෙමයි.

පිරිමින් හා සමාන ව කාන්තාවන්ගේ තත්වය උසස් කිරීමට ඇය ගත් වෙහෙස වෙනුවෙන් මුළු ලෝකයේ ම කාන්තාවන් ඇයට ණයගැතියි.



ඇය නමින් එමලින් පැන්ක්හර්ස්ට් (Emmeline Pankhurst). උපන්නේ 1858 ජුලි 15 වැනිදායි. ඒ එංගලන්තයේ මැන්චෙස්ටර්හිදීයි. ඇය කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමට පටන් ගත්තේ වයස අවුරුදු 8 දී පටන්.

දේශපාලන පවුලකින් පැවත ආ ඇය යොවුන් අවදියේ දී ම විවාහ කර දීමට දෙමාපියන්ට අවශ්‍ය වුණා. ඒත් ඇගේ සමාජ කි‍්‍රයාකාරී කටයුතුවලට ඔවුන් කිසිවකු බාධා කළේ නැහැ. ඇගේ මව, සොෆියා ක්රෙන්, ‘අයිල් ඔෆ් මෑන්’ රාජ්‍යයේ දේශපාලන පසුබිමක් සහිත කාන්තාවක්. එරට ඊට පෙර, එනම් 1881 දී, කාන්තාවන්ට ඡුන්ද අයිතිය ලබා දී තිබුණා. ඇගේ පියා මැන්චෙස්ටර්හී ව්‍යාපාරිකයකු වූ අතර පසුව සැල්ෆෝඞ් නාගරික මන්තී‍්‍රවරයකු ද වුණා. දරුවන් දස දෙනකුගේ පවුලක කාන්තාවන් අතර වැඩිමලා වූයේ ඇයයි. ඇය කාන්තා අයිතීන් වෙනුවෙන් සටන් කිරීම ඇරැඹුවේ මෙවන් පසුබිමක් මත හිඳයි.

1878 දී ඇය රිචඞ් පැන්ක්හර්ස්ට් නම් නීතිවේදියකු සමග විවාහ වුණා. ඔහු ද කාන්තාවන්ට ඡන්ද බලය ලබා දීම වෙනුවෙන් ඇය කළ සටනට සහය දුන් අයෙක්. ඔවුන්ට දරුවන් පස් දෙනකු ලැබුණු අතර ඇගේ දියණියන් වූ කි‍්‍රස්ටබල්, ඇඩෙලා හා සිල්වියා ද ඇය සමග කාන්තා අයිතීන් වෙනුවෙන් සටන් කළ අයයි.

කාන්තා අයිතීන් අතරින් ප‍්‍රධාන අයිතියක් ලෙස ඇය සැලකුවේ ඡුන්ද බලයයි. පාලකයන් පත් කිරීමේ දී කාන්තාවන්ට ද පිරිමින්ට සමාන හිමිකම් ලබා දීමයි. ඒ වෙනුවෙන් නිහඬව කළ උද්ඝෝෂණවලින් පලක් නැති බව තේරුම් ගත් ඇය කාන්තාවන් ඒ සඳහා වීදි බස්සවන්නට කල්පනා කළා. වරක් ඇය එංගලන්ත පාර්ලිමේන්තුව පවා වැටලූවා. වීදීයේ කළ උද්ඝෝෂණ විටෙක ප‍්‍රචණ්ඩකාරී වුණා. ගොඩනැගිලිවලට හා ජනේලවලට අලාභහානි සිදුවීම නිසාත් පොලිස් භටයන්ට පහරදීම නිසාත් ඔවුන්ගේ සංවිධානයට ඒ පිළිබඳ චෝදනා එල්ල වුණා. මේ විරෝධතා නිසා ඇයටත් දියණියන් දෙදෙනාටත් වරින්වර සිරගෙට යාමට පවා සිදු වුණා. සිරගෙදර තත්වය වඩාත් අසතුටුදායක වූයෙන් ඔවුන් වඩා සතුටුදායක තත්වයක් ඇති කරන ලෙස ඉල්ලා සිරගෙදර තුළ දී ආහාර වර්ජනය කළා. පුරුෂාධිපත්‍යයට එරෙහිව කළ ඇගේ මේ උද්ඝෝෂණ අන්තිමේ දී පුරුෂ නායකත්වයට මේ කාන්තා හඬට කන් නොදී සිට නොහැකි වුණා.

 
අතඩංගුවට පත්ව...

පළමුවන ලෝක යුද්ධය පැවති සමයේ ඇය හා ඇගේ වැඩිමහලූ දියණිය, කි‍්‍රස්ටබල් එක්ව, ජර්මනියේ ආක‍්‍රමණයට එරෙහිව, බි‍්‍රතාන්‍ය රජයට සහය දීම සඳහා ඡුන්ද අයිතිය ඉල්ලා කළ සටන තාවකාලිකව අත්හිටවන්නට තීරණය කළා. ඔවුන් කාන්තාවන්ගෙන් එරට කම්හල්වල කටයුතුවලට ආධාර කරන ලෙසත් තරුණයන්ගෙන් යුද්ධයට එක්වන ලෙසත් ඉල්ලා සිටියා.

1918 දී එංගලන්ත පාර්ලිමේන්තුවට ගෙනා මහජන සහභාගිත්ව පනත අනුව වයස අවුරුදු 30 වැඩි කතුන්ට ඡුන්ද බලය හිමි වුණා. එතෙක් ‘කාන්තාවන්ගේ සමාජවාදී හා දේශපාලන සංගමය’ යනුවෙන් හැඳින්වුණු සංවිධානය සාමාන්‍ය ජීවිතයේ දී කාන්තාවන්ට සමතැන ලබා දීම සඳහා කැප වී සටන් කරන කාන්තා පක්ෂයක් බවට පත් කරනු ලැබුවා.

 
ජනතාව අමතමින්...

ඇය මියගියේ 1928 දීයි. ඒ වන විට ලොව පුරා කාන්තාවගේ තත්වය බොහෝ සේ වෙනස් වී තිබුණා. ඇගේ මරණයෙන් වසර දෙකකට පසුව ඇයට ගෞරව පිණිස ඇගේ ප‍්‍රතිමාවක් ද විවෘත කරනු ලැබුවා. එය අදත් එංගලන්තයේ වික්ටෝරියා ටවර් උද්‍යානයේ දී දැක ගත හැකියි.


යලිත් මල් පිපී

සිසිරය නිමාවී එළඹීයේ අනපේක්ෂිත තද රස්නයකි . යුරෝපයේ හෝ අනෙකුත් රටවල සිත සමය තුනී වන්නේ මෘදු වසන්තයටයි . අපට එවන් පැහැදිලි වසන්තයක් නැත . සිසිරය එකවරටම ගිම්හානයට පාර කියයි .

සිසිරයේ නිදා හුන් මල් හදිසියේ ඇහැරී වගේය. වියලි ගිය නෙලුම් පොකුණු ලාදල්ලෙන්ද රත් සහ ශ්වේත නෙලුමින්ද සිනාසෙයි . මග දෙපස මැයි ගස් රතුපාට වන්නට පටන් ගත්තේ කවදාද මට මතක නැත . දම්පාට මල් ගස් වල දහස් ගණන් මල් පිපෙයි ..සුළඟට වැටෙයි .

පිහිනුම් තටාකය අසල දුටු සතුටු ගස් වල මල් පිපෙන්නට පටන් ගෙන ඇතී බව මන් නොදැක්කේ ඇයි දැයි නොදනිමි .

මෙය අපුරු නගරයකි .සිසිරයේදී බුම්මාගෙන අඳුරු වූ අහසට මිතුරුවන නගරය රෝස ඩේලියා වන් සෞම්‍ය කුසුමින් සැරසෙයි . ලජ්ජාශීලි මනාලියක වන් හිරු හෙමින් එලියට විත් ටිකෙන් ටික නගරයට පෙම් කරද්දී සියලු නිවර්තන මලින් හාත්පස එකලු වෙයි .
















නෙලන්නේ නෙලුම් විහිලුවට නම් නොවෙයි


 කැමරාව ගෙනියන්නට් කම්මැලි මන් වෙනුවෙන් පින්තුර ගෙන ගුගල් වලට මුදාහල අයට ස්තුතියි



සත්තකින්ම මේ සුන්දර මැයි මාසයයි . හමුවීම් වෙන්ව යාම් අතර දෝලනය වන අපගේ ජිවිත කොතරම් චංචල වුවද සොබාදම තමන්ගේ කාරිය පැහැර නොහරියි . ඔව් මැයි මාසයට මල් ගෙනෙන්නට ඇයට අමතකව ගොස් නැත .

මැයි මාසය මගේ ජීවිතය ලස්සන කල මාසයකි . වෙසක් මහේ මගේ ලොකු දෝනිය උපන්නාය. පසුකලෙක තවත් අවුරුදු කුමරියක් උපන්නද මවක් ලෙස බෞතිස්ම ලැබූ වෙසක් මාසය කිසිකලෙකත් අගයෙන් අඩු නොවේ . ජිවිතයට අලුත් මල් පිබිදැවූ නෙලුම් විල තැනුනේද මැයි මාසයේය .

පසුගිය මැයි මාසයේ සුන්දර මලින් පිරි නුවර ගැන සටහනක් තැබීමි . එකල එය නොකියවුයේ නම් කියවා බැලුවාට පාඩුවක් නැත

මෙවරත් වෙනසක් නැත . බැලූ බැලූ අත මල්ය. සිසිරයේ රෝස මල් කුඩ බැඳී බයිසිකල් චීන අවුරුද්දේ පිච් මලින් පිරුණි . අද නෙලුම් පොකුරුය . නෙලුම් මල් ගෙන පන්සල්ද ගියෙමු . ගිය අවුරුද්දේ පැයක් ඇසූ බණ මෙවර පැය බාගයක් ලෙස අඩු වී තිබුණි . ටයි කොන්ඩෝ පැන්චා ද මෙවර පිළිවෙලකට වාඩි වී සිටින තරමට අවුරුද්දකින් ලොකු වෙලාය.


අදහනු බැරි වෙන්වීම් සමගින් වුව වසරින් වසර නොවෙනස් වන දේවල්ද තිබෙන බව මට සිතේ . හරියට වෙසක් මාසයට වැඩිපුර මල් පිපෙන එක කවදාවත් වෙනස් නොවන්නා සේමය .
පාසල් බිමේ සිසිල් තුරු සෙවන යට මොහොතක් රැඳී උන්නෙමි . මහා දවාලේ තොරතෝංචියක් නැතිව රැහැයියන් හඬයි . එකෙකු වත් බලාගන්නට ඇස අලවාගෙන ඉඳ යන්තම් එකෙක් දැක ගතිමි . ''සිකාඩා '' නම් වූ මේ පුංචි කෘමි වර්ගය අපේ රැහැයියන් ම වන බව මට විශ්වාසය . මා සිතා සිටියාට වඩා ලොකුය . ලංකාවේදී කොතරම් හඬ අසා තිබුනද එකෙක් දැක නොමැත . අපි නොකෑවාට සිකාඩා බොහෝ රටවලදී රසකර කන කෑමකි .

 සිකාඩා විශේෂ 2500 ක් පමණ ලොව පුරා සිටින බව විකි ගෙන් දැන ගතිමි . කියවන්නට කැමති නම් මෙතනින් යන්න . .

අද වැඩිය ලියන්නට කම්මැලිය . හිතත් එහෙමකට සතුටින් නොවේ . එහෙත් අඬන අයවත් හිනස්සන්නට පොඩි උන්ට ඇත්තේ පුදුම හැකියාවකි .


මේ අපේ බනි සහ මන් අතර වූ කතාවකි . තැන -කුස්සිය වෙලාව රාත්‍රී කෑමෙන් පසු බනියා කුස්සියේ කරක් ගසන වෙලාව .

බනි - '' අම්මි දන්නවද සමහර අය ජීවිතේට පැනිරහ කන්නේ නැහැනේ ''
මම - ''ඉතින් ඔයාට පුලුවන්ද එහෙම ඉන්න ''
බනි - '' පුළුවන් ..ම්ම්ම් සමහර විට දවසට එකක් කන එක හොඳයිනේද ඊට වඩා. මන් මේ අද කන එක
මොනවද කියලයි බැලුවේ ''

[උදේ ඉඳන් කෑ එව්වා අහෝසි වෙලා වගේය ]


බනියා බත් කන්නට හොරය . එතකොට බඩ පිරිලාය . එහෙත් බත් කෑමෙන් පසුව නම් අන්දරේ පරාදය . පැණි රස සොයනවා යයි මන් බනින්නට පෙර බනියා පොතක් පෙරලුයේ එහෙමය .


ලිව්වේ මල් ගැනද සිකාඩා ගැනද බනිගේ කතා ගැනද ...ඔන්න ඔහේ ඕන එකක් ...D.


 .

ජීවිතය ජීවත් කරවන ආදර සබඳතාවය

“ආදරය… ජීවිතය ජීවත් කරවයි” ඔබ මෙම ප්‍රකාශය පිළිබඳව සිතන්නේ කුමක්ද? ආදර සබඳතාවයක් සාර්ථකව පවත්වාෙගන යාම සඳහා පෙම්වතාගේ හෝ පෙම්වතියෙග් දායකත්වය සම සම ලෙස තිබිය යුතු නොවේද ? නමුත් ඇතැම් විට සිදුවන්ෙන් ඔවුන්ගේ දායකත්වය මෙකී ප්‍රමාණෙයන් නොලැබීමයි. දායකත්වය ගිලිහුණු විට, අවම වූ විට සබඳතාවයක් බිඳී යාම සාමාන්‍ය දෙයකි. නැතිනම් සිදුවන්ෙන් නමට පමණක් සීමා වූ සබඳතාවයක් ලෝකයට පෙනෙන්නට


මේ මිනිහා මකුළුවෙකි

ප්‍රංශයේ ‘ස්පයිඩර් මෑන්‘ (මකුළුවා) යන නමින් හැඳින්වෙන ඇලන් රොබට් (52) තුන්දරු පියා පසුගිය දා ප්‍රංශයේ පැරිස් නුවර මීටර් 231 උසැති කුළුනක් මිනිත්තු 45කින් තරණය කෙළේය. ආරක්ෂක උපකරණ කිසිත් නැතිව ලොව උසම ගොඩනැඟිලි 85ක් පමණ තරණය කැර ඇත. ගොඩනැඟිලි තරණය කිරීමට ගොස් හිරේ විලංගුවේ වැටුණු ඔහු හත්වරක්